අපේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් කරදර වෙන්න එපා – කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙළිය රඹකුවැල්ල ඊයේ (18) පාර්ලිමේන්තු සංකීරණයේ දි බී.බී.සී යට කීව්ව  කතාව.

අද ඉඳලා ඔබ තුමන්ලා විපක්ෂයේ ද?

ඔව්. අපි විපක්ෂයේ වාඩි වෙනවා.

මොකද වුණේ ඇත්තටම?

වුණ දේ තමයි උසාවියේ තීන්දුවක් ආවා. අපි ඒ තීන්දුව පිළිගන්නෛ නැහැ. අපි උසාවියට ගරු කරනවා. අපේ ස්ථාවරය අපේ තියන දැනුම අනුව අපි විශ්වාස කරනව ඒක නිවැරදිම තීන්දුවක් නෙමේ කියල, කෙසේ වෙතත් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් එම තීන්දුව තුළ ඉඳගෙන අවශ්‍ය කටයුතු කරනව. අපි ආවේ විපක්ෂයේ අසුන් ගන්න. හැබැයි අපි වාඩි වෙන්නෙ පණස් හතර දෙනෙක් එක්ක නෙමේ 101 දෙනෙක් එක්ක. අපි ප්‍රබලම විපක්ෂයක් වගේ ඉදිරියට කරයුතු කරන්න බලාපොරොත්තු වෙනව.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නෙ?

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් එන්නට බැහැ. හැන්සාඩ් වාර්තාවල තියනවා කතානායකයා කීප වතාවක් එක්සත් ජනතා සංධානයේ මහ ලේකම් ගෙන් ලිපියක් අරන් එන්න මේ වෙනුවට පත් කරන්න ඕනැ කවුද කියල නියත වශයෙන්ම මට මිනිත්තු දහයක්වත් යන්නෙ නෑ. මොකද අපි පක්ෂ කඩන්නෙ නැහැ. මොකද ඒ පක්ෂයත් හැටියට ඉදිරිපත් වුණොත් දෙනව කියල.

මහින්ද රාජපක්ෂ මහත්තයට විපක්ෂ නායක ධුරය ඉල්ලල තියනවද?

අපි ඉල්ලල නැහැ. අපි කණ්ඩායමක් හැටියට අපි රැස්වුණා. ඒ කණ්ඩායමේ සියලුම දෙනා හිටියා. ඒකමතිකව තීන්දුවක් ගත්තා යෝජනා ස්ථිරත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක තනතුරට පත්කරන්න කියලා.

දැන් බැසිල් රාජපක්ෂ මහතා කියනව ඔබ තුමන්ලා තාම පොදු ජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තෙ නැහැ අයදුම් කළා කියලා. එදා අපිට පෙන්නුවෙ සාමාජිකත්වය නෙමෙයිද?

මම ඒක හරියටම දන්නෙ නැහැත සාමාජිකත්වය ගන්නවා නොගන්නවා කියන එක අභ්‍යන්තර කටයුත්තක්. අභ්‍යන්තරේ ප්‍රශ්නයක් නම් මේ සාමාජිකත්වය අභියෝගයට ලක් කරන්න ඕනැ. සාමාජිකත්වය අභියෝගයට ලක් කරන්නේ තමන්ගෙ ප්‍රතිපත්තිය. සියලු පක්ෂ එකට ඉන්නවා නම්, ඒක අපේ ප්‍රශ්නයක් මිසක් කාගෙවත් ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.

ඔබතුමා මොන පක්ෂයේ සාමාජිකයෙක් ද?

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.

අපි දැක්කා ඔබතුමන්ලා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නවා ඡායාරූපයකින්.

ඒක තමයි මම කිව්වේ ඒක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට කවුරුවත් කලබල විය යුතු නැහැ. ඒ ගැන මෝඩ සතුටක් පෙලක් අයට ලැබෙනවා. අපි සූදානම් ඒ ප්‍රශ්නය අපි අතරේ විසදගන්න.

ඒ කියන්නෙ මන්ත්‍රි ධුර අහෝසි වෙන්නෙ නෑ?

එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නෙ නෑ. එහෙම ප්‍රශ්නයක් මතු වෙනවා කියල තීන්දුවක් ගන්න විදිහක් නෑ. එහෙමනම් අපි අභියෝගයට ලක් කරන්න ඕනැ අපි තරග කරපු දේශපාලන පක්ෂය. ඒක එහෙම නම් පිටස්තරයන්ට ඒ පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අයිතියක් තියනව කියල මම හිතන්නෙ නෑ

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *