අපි ඇති කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ඒකීය රාජ්‍යක් තුළ සියලු ප්‍රශ්න විසඳනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

ඊයේ (17) ගාලු මුදොර පිටියේ පැවති යුක්තියේ ජයග්‍රහණය රැළිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

මේක තමයි ජන බලය. මේ ජන බලය කාටවත් පරාජය කරන්න බැ. ඓතිහාසික දවස් 51ක ඔබ තමයි මගේ ශක්තිය වුණේ. බොහෝ අය හිතුවා ඔක්තෝම්බර් 26 වෙනිදායින් පස්සේ අපේ ව්‍යාපාරය සතියක්වත් තියන්න බැරි වෙයි කියල. එකක් අමතක වුණා ගින්දර මැද තියෙන්නෙ තාච්චියක්. ගින්දරට මුහුණ දෙන්නෙ චාච්චිය. ප්‍රජාතන්ත්‍රවාදි ගින්දරට අපි මුහුණ දුන්නා. පාළනය කළා. හිතුවනම් අපිට බලයක් නැහැ කියල, දැන්වත් වටහා ගන්න ඕනැ.

පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න ගියා. නථානයක තුමාට මූලාසනය ගන්න ඉඩ දුන්නේ නැහැ. කථානායක තුමාගෙ ආසනය පිටුපස්සෙ දොරටු දෙකක් තියනව. ඒ ගොල්ල ගිහින් දොරටු දෙකම අල්ලා ගත්තා. කථානායක තුමා අනිත් දොරටුවෙන් ආවේ. තවත් දොරටු හයක් තියනවා.

අන්තිමට මොනවද කළේ මිරිස්කුඩු ගෙනල්ලා ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදය මිරිස්කුඩු බවට පත් කළා. ඔය මිනිස්සු තියන්න ඕනැ පාර්ලිමේන්තුවෙද කුස්සියෙද කියල මම අහනව. අපි හය වතාවක් හයේ පාරවල් දැම්මා. අනික් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් හයේ පාරවල් දැම්මා. එතනින් තමයි තේරුණේ මොකක්ද කියල.

දැන් කියනව අපිට ඕන වුණේ මහා මැතිවරණයක් කියල. පොහොට්ටුවෙ අයත් අපිත් ඔක්කොම ඡන්දෙ දුන්නා 19 වැනි සංසෝධනයට. එතන ශුද්ධ සිංහලෙන් තියනවා අවුරුදු හතරහමාරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් තුනෙන් දෙකක ඡන්දයකින් විතරයි කියල. ඉතින් ඕක කියන්න ලිතුවේනියාවෙයි, ලිතුනියාවෙයි, ලතෝනියාවෙයි, කොසෝවෙයි හැමතැනම කොනක ඉඳන් කිව්වා. ඔය රටවල් කොහෙද තියෙන්නෙ කියලවත් ඔය මිනිස්සු දන්නෙ නැ. එකසැරයක් කියනවා කොසෝව කියල, අනිත් සැරේ කියනව කසනව කියල.

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ නිශ්චිත කාල පාර්ලිමේන්තුවෙ 2010 පනත කියවනව නම් ඒකෙන් තමයි මේක ගත්තෙ අපි. මම එකක් කියන්නම් අපි හැම පක්ෂයකින්ම අහන්න හනව, කොයි කාලෙද මැතිවරණය තියන්න ඕනෙ කියල. ඕක හරිලේසියි කරන්න. අපි එක්කෙනෙකුටවත් තුනෙන් දෙකක් නෑ. මම එකක් කියන්න කැමතියි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අපිට මේ රටේ සිංහිඳියාව උවමණයි. අපිට මේ රටේ දේශපාලන විසඳුමක් උවමණයි. අපි ඒක ඉදිරිපත් කරන්නෙ ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියල මම කියනව.

අපිට තව ප්‍රධාන ඡන්ද දෙකක් තියනව මුහුණ දෙන්න ජනාධිපතිවරණ ඡන්දයයි පාර්ලිමේනුතු ඡන්දයයි. පාර්ලිමේන්තු ඡන්දෙදි අපිට තුනෙන් දෙකක සංඛ්‍යාවක් ලබල දෙන්න කියල අපි ඉල්ලනව. වෙනත් අය එක්ක පිනට කරන්න බෑ. අපි තනියම තමයි විධායක ජනාධිපතිකම අහෝසි කරන්නෙ කියල අපි කියනව. අපි තරඟ කෙරුවෙ එක්සත් ජාතික පෙරමුණ හැටියට. දැන් අපි අලුත් සන්ධානයක් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනව ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. අපේ නීතිඥමහත්වරු මේක සකස් කරනව සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය රැස්වුණාම මම ඒ යෝජනාව අපේ කෘත්‍යධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරනව. මගෙ කිසිම සැකයක් නැහැ ඔක්කොම අය එකතුවෙයි කියල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න විශාල සන්ධානයක් ඇති කරගන්න.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *