රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.‌ ‌මෙරව ඔහු අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ පස්වැනි අවස්ථාවටය.  මෙරට අග්‍රාමාත්‍ය ධුරය වැඩිම අවස්ථා ගණනකදී දරා ඇත්තේද වික්‍රමසිංහ මහතා වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් පුද්ගලයා වන්නේද අගමැති රනිල් වික්‍රමසිංහ වන අතර ඔහු 2015 මහ මැතිවරණයේදී ලබාගත් මනාප ඡන්ද ගණන පන් ලක්ෂ පන්සිය හැටහයකි. (500,566) කෙසේ වුවත් මීට පෙර ජනාධිපති සිරිසේන සඳහන් කර තිබුණේ රනිල් අගමැති වුවහොත් තමන් පැයක් හෝ ධුරයේ රැඳී නොසිටින බවය. එමෙන්ම, තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය සඳුදා (17) දිනයේ දිවුරුම් දීමට නියමිතය. මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවස්ථාවක් ලබාදී නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා සමග මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට පමණක් මෙම අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව දී ඇත.
අගමැතිධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *