ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න හිටපු මහින්ද මහත්තය බිමට ඇදලා දැම්මා – කුමාර වෙල්ගම

මම අවුරුදු 26ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. බණ්ඩාරනායක මැතිණිය තමයි අත්පොත් තැබුවෙ. මම කියාපු දේ හරිගියා නේද? මම කියන්නේ දේශපාලන අත්දැකීම් තුළින්. මම කියපු දේ අද හරි ගිහිල්ලා තියනව. අද මහින්ද මහත්තයා අගමැති කමින් ඉල්ලා අස්වෙනවනි. ඒක හොඳයි. මොකද, ඒක හොඳයි කින්නේ බලහත්කාරයෙන් ඉන්න බැහැනේ. මම මුලින් කිවේත් ඒ දේ තමයි. අපි බලමු. අපි ඉස්සරහට විපක්ෂයේ වාඩිවෙලා විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්න ඕන.

ඒ විතරක් නෙමෙයි, මුලින් අවුරුදු හතරක් මහින්ද මහත්තයගෙ ඇඟේ මදුරුවෙක්වත් වහන්න දෙන්නැතුව අපි ආරක්ෂා කෙරුව වගේම ඊළඟ මැතිවරණයක් එනකල් අපි ඒකාබද්ධ විපක්ෂයේ අය මහින්ද මහත්තයගෙ ඇඟේ මදුරුවෙක්වත් වහන්න දෙන්නෙ නැතිව අපි ආරක්ෂා කරනව.

ඔය එක එක පැතිවලින් ආපු වුන් තමයි මහින්ද මහත්තයව නැති කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආව අය මෛත්‍රී මහත්තයගෙන් පණිවිඩයක් අරන් ආවේ. අර හොඳට නැගලා හිටිය මනුස්සයව, ඕනැම මැතිවරණයක්  ජයග්‍රහණය කරන්න හිටපු මනුස්සයව ඇදල බිමට දැම්මෙ. අපේ අතුළෙත් හිටියා ඒකට උල්පන්දම් දෙන තව හතර පස්දෙනෙක්. උන් එකතුවෙලා කුමන්ත්‍රණය කරල මේ ඉරණම අත්කරල දුන්නෙ. නමුත් බය වෙන්න එපා වෙල්ගම මහින්ද මහත්තයත් එක්ක මැරෙනකම් ඉන්නව කියල තමුන්නාසේලාට කියන් ඕනැ.

බිනර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *