එක්සත් ජාතික පක්ෂය දැන් ඉතාම ශක්තිමත් – අකිල විරාජ් කාරියවසම්

මේ ජයග්‍රහණය විජයග්‍රහණයක්. ලෝක ඉතිහාසෙවත් මේ වගේ දෙයක් වෙලා නැතිව ඇති. අපි තීරණය කලා මේ ජයග්‍රහණයේ ජය සැමරුම ගාලු මුවදොර පිටියේ දී සමරන්න. එන සඳුදා (17) සවස එකට. මම හිතන්නෙ අපි අමාරුකාලෙක ඉඳලා සෑහෙන්න ඉසරසහට ඇවිල්ලා තියෙනවා. එදා අලියා මෙතරම් ඉස්සරහට ඇවිල්ලා තිබුණෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය දැන් ඉතාම ශක්තිමත්.

එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ  (15) පෙරවරුවේ අරලිය ගහ මණ්දිරයේ දී පැවති පුවත්පත් සාකච්ඡාවකදීය. එහි දී මාධ්‍යවේදී නැගූ ප්‍රශන වලට දුන් පිළිතුරු මෙසේය.

එකඟතා 6ක් ඇති වුණා කියලා වාර්තාවෙලා තිබුණා.

එකඟ තාවයක් ඇති වෙන්න දෙයක් නැහැ. ඊයෙ පෙරේදා අධිකරණය දුන්න තීන්දු තීරණ අනුව කටයුතු කරන්න එකඟ වෙලා තියෙනව. අවසානයේ එකඟ වෙලා තියෙනව. රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දෙන්නත්, ඊට පසුව කැබිනට් එක හදන්නත්.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් යම් යම් පක්ෂතා සමඟ එකඟතා ඇති කරගත්තද?

වෙනත් පක්ෂ වලින් කවුරුහරි එනවනම් කොන්දේසි රහිතව බාර ගන්න සුදානම්.

මේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර කීයකට සීමා වෙනවද?

මේ වෙනකොට කැබිනට් ඇමතිකම් 30 කට පමණය් සීමා කරල තියෙන්නෙ. ඒක වෙනස් කරන්න අවශ්‍යනම් පාර්ලිමේන්තු අනුමැතියෙන් අපිට වෙනස් කරන්න පුළුවන්කම තියනව. අඟහරුවාදට ඉස්සරලා කැබිනට් මණ්ඩලය ස්ථිර වශයෙන් දිවුරුම් දෙනව.

නීත්‍යනාකූල ආණ්ඩුවක් හැදුවට පස්සෙ ජනතාවට ඡන්දයක් දෙනව කියල පොරොන්දුවක් දුන්නා. ඒ ඡන්දෙ කවද වගේ වෙයිද?

ඉතාම ඉක්මණින් ඡන්දෙකට යනව. එන අවුරුද්ද කියන්න ඡන්ද අවුරුද්දක්. කොහොමත් ඡන්දෙකට යන්න තමයි අපිටත් ඕනකම තියෙන්නෙ. අපි දැන් ඉන්නේ පීක් එකේ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *