නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බෞද්ධාගමට ලබා දෙන ඉහළම තැන අපි ලබාදෙනව – සජිත් ප්‍රෙමදාස

ශක්තිමත් රජයක් හැටියට අපි අතිගරු ජනාධිපතිතුමත් සමග අත්වැල් බැඳගන්නව කියන එක වගකීමෙන් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනව. නොයෙකුත් කණ්ඩායම් නොයෙකුත් කතා හදන්නට පුළුවන්. අහවල්ලු සමඟ ගිවිසුම් ගැහුවා. අපේ තිබෙන්නේ එකම එක එකඟතාවයයි. රටේ ජනතාවත් එක්ක තියන සමාජ ගිවිසුමයි අපි ක්‍රියාත්මක කරන්නෙ. එහෙම නැතුව එක එක කණ්ඩායම් එක්ක කිසිම ගිවිසුමක් නෑ. අපේ රජය නොබෙදුණු ශ්‍රී ලංකාවක්, බෞද්ධාගමට ලබා දෙන ඉහළම තැන අපි ලබාදෙනව. කිසිදාක මේ රටේ ඒකීය භාවය කිසිම කෙනෙකුටවත් වෙනස් කරන්න දෙන්නෙ නැහැ. වචනයේ පිරිසමාප්ත අර්ථයෙන්ම රටට අලුත් ගමනක් ක්‍රියාත්මක වෙනව. ජනතාව යම් පීඩනයකට අසහනයකට පත්වෙලා තිබෙනව නම් සහන තුළින් ශක්තිය තුළින් ඒ අය පීඩනයෙන් මුදවා ගැනීමයි අපේ නව රජයේ නව දැක්ම.

මින් පස්සෙ පිටරට ගමන් වලට නෙමෙයි ප්‍රමුඛ තාවය දෙන්න ඕනෙ. දැන් ලෑස්ති වෙන්න ඕනැ සංවර්ධන හැන්ද තුළින් රටේ ජනතාව සුඛිත මුදිත කරවන්නට. රටේ ජනතාවට බඳ පටි තදකරගන්නය කියල කියන්නේ නැහැ. පාළකයො බඳ පටි තදකරගන්න ඕනැ. පොඩි මිනිහ වෙනුවෙන් වැඩිම කැපකිරීම් කරන්න ඕනැ. එවන් රජයක් තුළ පමණයි මම කටයුතු කරන්නෙ.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *