සති හයකට පසුව රටට නීත්‍යානුකූල ආණ්ඩුවක් පත්වීමට අවස්ථාව උදාවෙලා – සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ඓතිහාසිකම දිනය අද දවසයි. එයට ප්‍රධානමතම හේතුව වන්නේ ඔක්තෝබර් 26වෙනිදාසිට දෛනික වශයෙන් නීතිවිරෝධීව ව්‍යවස්ථාවිරෝධීව උල්ලංගනය වූ ආණ්ඩුක්‍රම වයවස්ථාව ස්වාධීන පිරිසිදු සුපිරිසිදු අධිකරණයක් තුළින් එම ව්‍යවස්ථා විරෝධි පියවරවල් වලට නැවතීමේ ලකුණ තැබීම අද ක්‍රියාත්මක වුණා. එම නිසා විශේෂයෙන්ම පළමුවෙන්ම මම අපේ රටේ ස්වාධීන අපක්ෂපාති අධිකරණයට මේ රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම පිළිබදවත් ආණ්ඩුක්‍රම වයවස්ථාව සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම පිළිබදවත් රට වැසියන් වෙනුවෙන් අපේ ප්‍රණාමය මේ අවස්ථාවේ දී අපි පුදකර සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශකළේ අද (13) අධිකරණ තීන්දුව ප්‍රකාශකිරීමෙන් පසුව උසාවි භූමියට රැස්ව සිටි මාධ්‍යෙව්දීන් හා ජනතාව අමතමිනි.

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව තුළින් ඒ අවස්ථාවේ හිටපු විනිසුරුතුමන්ලා හත්දෙනා පාර්ලිමේන්තුව විසුරවපු පදනම ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධීබවට පැහැදිලිවම තීන්දුවක් ලබා දුන්නා. ඔක්තෝබර් 26 වෙනිදා සිට අපි මුළු රටටම පළ කර සිටියේ මෙන්න මේකයි. අග්‍රාමාත්‍ය තුමා ඉවත් කරලා, නීත්‍යනුකූල නොවන අගමැති වරයෙක් ප්‍රමුඛ කැලෑ ආණ්ඩුවක් පත්කරල ඉන් පසුව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවලා, මේ ක්‍රියාදාමයන් සියල්ලක්ම ක්‍රියාත්මක කළේ ව්‍යවස්ථා විරෝධීව. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කරමින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමන් කැමති නැති වගන්ති කීතු කීතු වලට ඉරලා දමලා ඊනියා නීති විශාරදයින්ගේ වැරදි උපදෙස් අරගෙන, බොරු උපදෙස් අරගෙන තමන් අමාරුවේදමන උපදෙස් අරගෙන ව්‍යවස්ථාව කඩවුණා කියන එක පෙරපාසල් දරුවා වුණත් මේ රටේ දන්න කාරණාවක්.

ඒ නිසා අද අපි, යුක්තිය සාධාරණත්වය අගය කරන අද අපි, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අද අපි, ලොකු සතුටකට පත් වෙනවා මුලු මහත් ලංකාවාසි ජනතාව වෙනුවෙන් අපේ රටේ ස්වාධීන අධිකරණයට, විනිසුරුතුමන්ලා එක්කෙනෙක් දෙන්නෙක් නෙමයි හත්දෙනාම රට දැය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ආරක්ෂා කිරීම අපේ රටට ඉමහත් ශක්තියක්, අපේ රටේ ජනතාව ලබපු ඉමහත් ජයග්‍රහණයක් කොට මම සලකනව.

ඒ වගේම මම ප්‍රකාශ කරන්නට ඕනැ. මේ නිර්ව්‍යාජ, පිරිසිදු, සාධාරණ තීන්දුවත් සමග අද ජය ඝෝෂා නැග්වෙනවා. රතිඤ්ඤා පත්තුවෙනව, මම මේක අවස්ථාවක් කරගන්නවා සතුටුවෙන ලංකාවාසි පුරවැසියන් සියලු දෙනාටම වෙනත් කිසිම පුද්ගලයෙකුට බාදාවක් නොවන ආකාරයට, වෙසත් කිසිම පුද්ගලයෙකුට අගතියක් නොවන ආකාරයට තමන්ගේ සතුට බෙදා හදාගන්නෙයි කියල මම බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනව.

අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා. අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස යුක්තියේ සාධාරණත්වය ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වුණු පමණින් අපිට බලපත්‍රයක් ලැබුණෙ නැහැ අනෙකුත් මතධාරීන්ව විනාශ මුඛය කරා ගෙනියන්න. ඒක නෙමෙයි සාධාචාර දේශපාලනය කියන්නෙ. ඒක නෙමෙයි ශිෂ්ඨසම්පන්න ප්‍ර‍ශස්ථ ප්‍රබුද්ධ දේශපාලනය කියන්නෙ. මොකද අපි මතක තියාගන්න ඕනැ අපි ජාති ආගම් කුල මල පක්ෂ හැටියට රටක් හැටියට බෙදිලා තිබුණත් අපි හැමෝම ශ්‍රී ලංකාවේ පුරවැසියන්. අපි හැමෝම හිතන්නට ඕනැ අද අපි ලබපු මේ සැදැහැවත් තීන්දුව මේ රටේ සෑම සියලු දෙනාම සුඛිත මුදිත කරන්නට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට සති හයක් තිස්සෙ අපේ රටේ නොතිබුණ නීත්‍යනුකූල ආණ්ඩුව ස්ථාපනය කරන්නට ලැබුණු ශ්‍රේෂ්ඨ වරමක් ඒ නිසා මේ අවස්ථාව අපි හැමෝම බුද්ධිමත්ව ඥාණාන්විතව සංවරශීලීව උතුම් මිනිස් ගතිගුණ ශිෂ්ඨ සම්පන්න ආකාරයට රට ලබපු මේ ජයග්‍රහනය අපි හැමෝම සතුටෙන් සාමකාමීව සහෝදරත්වය රැකගෙන එකමුතුභාවය රැකගෙන ඒ ශක්තිය තියාගෙන රටක් හැටියට එකතුවෙලා අපි මෙය නිහතමානීව සමරන්නට ඕනැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *