තීන්දුවට පෙර අරලියගහ මැදුරෙන්
1917 රුසියානු විප්ලවය ඓතිහාසික දේශපාලන සංසිද්ධියක් වුවද ශ්‍රීලංකාවේ 2018 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය මාස දෙකකට ආසන්න කාලයක් රට අක්‍රිය කළ තවමත් නොනිමි මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ.
ව්‍යජ අගමැති ලෙස මහින්දත්, ව්‍යාජ ආණ්ඩුව ලෙස එම නඩයත් පත්වී පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය තනාගැනීමට ඔවුහු දැවැන්ත උත්සාහයක් කළහ. එසේ බැරිවූ තැන ජනපතිවරයා පාර්ලිමේන්තුවද කල් දමා ඒ සදහා යළි යළිත් උත්සාහ කළේය.
එයද අසාර්ථක වූ තැන අවසන් තුරුම්පුව ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ද තීන්දුවක් ගත්තේය. එහෙත් විවිධ පක්ෂ සහ සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් 13 දෙනෙකු ඊට එරෙහිව උසාවි ගියහ. පාර්ලිමේන්තුව විසුරුවීම හිර වූවේ එතනදීය. අනතුරුව මහින්ද සහ ව්‍යාජ ආණ්ඩුවට තහනම් නියෝගයක් ආවේ අභියාචනාධිකරණයෙනි.
මෛත්‍රී මහින්ද දේශපාලනිකව බෙල්ලටම හිරවූවේ එතනදීය. ඒ අතරේ බදාදා රැස්වූ පාර්ලිමේන්තුව රනිල් අගමැති කළ යුතු බවට සහාය පළ කරමින් 117 ක බහුතරයක් පෙන්වීය. එය මෙම කුමන්ත්‍රණයට අභියෝග කළ උච්චතම අවස්ථාව විය.
බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් හමුවිමට සුපුරුදු පරිදි එජාපේ මැති ඇමතිවරු රැසක් අරලියගහ මන්දිරයට පැමිණ තිබුනි.
“ඊයේ දෙමළ සන්ධානය පාර්ලිමේන්තු එන එක වලක්වන්න මෛත්‍රි – මහින්ද පාර්ශවය පුදුම යුද්ධයක් කරලා තියෙන්නේ… ඒත් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ව්‍යවස්ථානුකූලව රටේ කටයුතු සිදුවිය යුතු බවට ඔවුන් එඩිතර තීන්දුවක් ගත්තා. අරගොල්ලා වගේ අපි සල්ලි බෙදලා ඡන්ද ලබා ගත්තේ නැතිවීමත් විශාල සතුටක්“ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.
“ඒත් ජනපති මෛත්‍රි කිව්වේ මහින්දට 113 හදාගන්න බැරිවුනේ මන්ත්‍රිවරුන්ගේ මිල මිලියන 500 දක්වා ඉහළ ගිය නිසා බවයි. දෙමළ මන්ත්‍රී හා එජාපෙන් ගිය මන්ත්‍රිවරු එයාලා මිළට ගත් බවත් ඒ ඉතා ලාබෙට කුණු කොල්ලයට බවත් ජනපති විසින්ම රටට තහවුරු කළා.“ චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.
“දෙමළ සන්ධානය හා ජවිපේ එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවන්න බලාගෙනයි මහින්ද අගමැතිකමට දිවුරුම් දුන්නේ. ඒත් එම පක්ෂ දෙකම ප්රජාතන්ත්රවාදය ව්‍යවස්ථාව රැකීමට විනා ව්‍යාජ අගමැතිලා හා ව්‍යාජ ආණ්ඩු රකින්න ඉදිරිපත් වුනේ නැහැ…. දෙමළ මන්ත්‍රීලා එජාපේ එක්ක ආවොත් ඔවුන් කොටි… මහින්ද එක්ක ගියොත් දේශප්‍රේමීන්ලු… මේවා මාර ලොජික්. හොද යෝජනාවලට ජවිපෙ සහයත් ඕනැම ආණ්ඩුවකට ලැබෙනවා. ප්රජාතන්ත්රවාදය අගයන බුද්ධිමත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා රනිල් හා අපේ ආණ්ඩුවට 117 නොවෙයි අවශ්‍ය වෙලාවට 130 කට ආසන්න සහායක් අනිවාර්්‍යෙයන් ලැබේවි….“ නවීන් දිසානායක කළ විග්රහයට අගමැති අතුළ්ර කාගේත් එකගත්වය පළ විය.
“ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් 123 ක් හිටියා. මෛත්‍රි – මහින්ද කුමන්ත්‍රණයටයි ඔවුන් විරුද්ධ.. ඒ නිසා ඒ 123 නේ හිටපු ජවිපේ අපට සෘජු සහාය නොදුන්නාට ඔවුන් මහින්දලාටත් කිසි වෙලාවක සෘජු සහායක් දෙන්නේ නැහැ… “ අගමැති රනිල් කීවේ එවැන්නකි.
“ දෙමළ සන්ධානය පක්ෂයක් හැටියට ගෙඩි පිටින් ගන්න බැරිවුනාට ඒ මන්ත්‍රීවරුන් වෙන වෙනම කඩලා ගන්න මෛත්‍රී – මහින්ද උත්සාහ කළා… ඒත් බිලිබාගන්න ලැබුනේ එක දෙමළ මන්ත්‍රී කෙනෙක් විතරයි. එජපේ දැන් ටිඑන්ඒ එකත් එක්ක ආණ්ඩු හැදුවාම මෙයාලා කළබල වෙලා මඩ ගහන්නත් අරන්…. රට පාවා දෙන කොන්දේසි 6 කට ටිඑන්ඒ එකට යටත් වෙළාලු… අපි මේකට සෘජු උත්තරයක් දෙන්න ඕනෑ“ හේෂා විතානගේ අගමැති රනිල්ට සෘජුවම ප්රශ්නය යොමු කළේය.
“ඔය කොන්දේසි 6 ක කතාව අලි බොරුවක්… ඔය කට්ටිය ඉතිහාසයේ ඉදලා අපි රට කඩනවා, පාවා දෙනවා කියලා මඩ ගහනවා… ඒත් මේ රට වැඩියෙන්ම පාලනය කරලා තියෙන්නේ එජාපයයි. අපි බිම් අගලක් හොල්ලලා නැහැ…. මමත් ජනාධිපති සිරිසේනත් දෙමළ ජනතාව හා උතුරු නැගෙනහිරට කරන්න සැලසුම් කරපු දේවලුයි අපි ඉටු කරන්නේ… ඒකත් ඒකීය නොබෙදුනු බුදුදහමට ප්‍රමුඛත්වය ලැබෙන ලංකාවක් තුළයි…. මගේ හා සම්බන්ධන්ගේ බොරු අත්සන් දාලා හොර ගිවිසුමක් අන්තර්ජලයට දාලා කියලා ආරංචියි…. මේ අය අද ඒ තරමටම බංකොලොත් වෙලා.“ අගමැති රනිල් පැහැදිලි කළේය.
“දෙමළ සන්ධානය හා නාමල්ලා අතරත් ඔවුන් ඒ ගොල්ලන්ගේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ විශාල සාකච්ඡා වට කිහිපයක් තිබුණා නේද…. ඒවායේ නාමල්ලා පොරොන්දු වෙච්ච දේවල් මොනවද දන්නේ නැහැ නේද… චමින්ද විජේසිරි විමසීය.
“මෛත්‍රී – මහින්ද, නාමල්ලා එක්ක ටිඑන්ඒ එක කරපු සාකච්ඡාවලදී එයාලා ලබා දෙන්න පොරොන්දු වෙච්ච ඉල්ලීම් ටිඑන්ඒ එක රටට හෙළි කළොත්, ඔය කට්ටියට දුවන්න පාරවල් මදි වේවි….“ එසේ කී අගමැති රනිල් ඉවත බලා ගත්තේය.
“මහින්දලා ටිඑන්ඒ එකට මාර පොරොන්දුලු දීලා තියෙන්නේ… දෙමළ මන්ත්‍රීලා අපට ඒවා එළි කලා… උතුරු නැගෙනහිර එක් කරන්නත් සලකා බලනවා කිව්වාලු… එල්.ටි.ටිඊ හිරකරුවන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා, ඉඩම් ඔක්කොම පවරලා, යුද්දෙට කලින් තිබුණු හමුදා කදවුරු පමණක් ඉතිරි කරන්නත් පොරොන්දු වුනාලු… පෙඩරල් නම හංගලා ඒ ක්රමයේම බලය බෙදීමකටත් එකග වෙලාලු… සල්ලි මලු වගයක් දෙන්නත් කලා කරලා තියෙනවා… තව තව මහා ගොඩක් දේවලුත් පොරොන්දු වෙලාලු… ඇත්ත ඕකයි “ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ තමාට ලැබුණු නිශ්චිත තොරතුරු මත පදනම් වෙමිනි.
“දැන් අගමැති කෙනෙක් හා ආණ්ඩුවක් නැතුව රට නියමෙට දුවනවා කියලා කියන මිනිස්සුත් ඉන්නවා…“ හේෂා විතානගේ කීවේ සිනා සෙමිනි.
“එජාපය පාරට බැහැලා, සිවිල් නීති කඩලා, කලකෝලාහල කරලා මහ විනාශයක් නොකිරීම නිසයි රට හොදට යනවා වගේ පේන්නේ… ඒත් මුළු රටම නැවතිලා… බොහෝ තැන්වල පඩි නැහැ… නත්තල් බෝනස් නැහැ… අපනයන නැවතිලා… ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් කලට වේලාවට ඇනවුම් ලබාදීලා නැහැ… ටෙන්ඩර් හිර වෙලා… ආයෝජකයෝ හැරිලා යනවා… විදෙස් ආධාර හා සහන ණය සියල්ල හිරවෙලා…. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ කඩා වැටීම පේන්න තව ටික දවසක් යාවි අගමැති රනිල් විස්තර කළේය.
“දැන් හැම පැත්තෙන්ම වටකරලා පහරදීලත් ඔබතුමාව වට්ටන්න බැරි වුනා. දැන් එජපෙන් පන්නපු කාන්තාවක් ලව්වා බොරු නඩු දාලා මඩ ගහන්න හදනවා… මේ වැඩේ දියත් කරලා තිනේනේ ජනාධිපතිතුමා වටේ ඉන්න කණ්ඩායමක් කියලාත් පැහැදිලි තොරතුරු අපට ලැබිලා තිබෙනවා…. එජාප නිති උපදේශකයෙක් කීවේය.
“පාර්ලිමේන්තුව විසුරුවිමට අදාළව නඩු තින්දුව අවහම අපට වාසිවුනොත් ජනාධිපතිතුමා ඊළගට කරන්නේ මොනවාද කියලායි මිනිස්සු බලාගෙන ඉන්නේ…. එහෙමවුනොත් ජනතාව පත් කළ අපේ ආණ්ඩුව අපට දෙන්න ඕනෑ…. ශ්‍රේෂ්ඨාධිකරණයට නිතිපති ලවා බලපෑම් කිරිම හා පොහොට්ටුවේ ඇතැම් වාචාල අය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාර එල්ල කිරිමෙන් නඩු තින්දුවට බලපෑම් කරන්න හදනවා වගෙයි. ඒත් අපේ ගෞරවනීය අධිකරණය එවැනි දේවල්වලට යටවෙන්නේ නැති බව ඒකාන්තයි. යුක්තිය හා සාධාරණය අනිවාර්්‍යෙයන්ම අධිකරණය හරහා ජයගනිවි….“ නවීන් දිසානායක කළ විග්රහයට අගමැති රනිල් ඇතුළු කාගේත් එකගත්වය පළ විය.