වීරවංශගේ ගෝලයෙක් එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගලා!

මහින්ද රාජපක්ෂ ගේ මිනීමරු පාලනයට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරින් විසින් විදේශ රටවල සංවිධානය කෙරුනු රැස්වීම් කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයට එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මහාචාර්ය චන්ද්‍රජිත් මාරසිංහ සම්බන්ධ බව යුක්තියට වාර්තා වේ. මොහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු බවත්, විමල් වීරවංශ ඇමතිවරයෙකුව සිටිය දී ඔහුගේ අමාත්‍යාංශයට අයත් සංස්ථාවක ඉහළ නිලයක් දරා ඇති මේ පුද්ගලයා කිසියම් ක්‍රමයකින් ජපානයට ගොස් තිබේ.
එවකට ජපානයේ ශ්‍රී ලංකා තානාපතිව සිටියේ වසන්ත කරන්නාගොඩ ය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නිතීඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය 2013 දී ජපානයේ ටෝකියෝ හි පැවති මානව හිමිකම් රැස්වීමක් අමතමින් සිටින අතරතුර මහාචාර්ය අශු මාරසිංහ කඩාවැදී ඇත. රාජපක්ෂ ගේ විදේශ අමාත්‍යාංශය විසින් සංවිධානය කෙරී ඇති මෙම මෙහෙයුමට ජපානයේ ජීවත් වන ලාංකීකයින් 10දෙනෙකු පමණ යුත් පිරිසක් සහභාගි වී ඇති අතර රට පාවාදෙන ද්‍රෝහින් බවට චෝදනා කරමින් මාරසිංහ ඇතුළු පිරිස රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ ගෙන තිබේ.
මේ සිද්ධිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා ලේකම් වරයාට ද රැස්වීමේ සංවිධායකයින් පැමිණිලිකර ඇත. මානව හිමිකම් ක්‍රියාකාරින්ට තර්ජනය කිරීමෙන් හා ඔවුන්ගේ ක්‍රියාවන්ට බාධා කිරීමෙන් වළකින ලෙස මහ ලේකම්වරයා රාජපක්ෂ පාලනයට ලිපියක් මගින් දැණුම් දී ඇති බව ද අපගේ විමසීමට පිළිතුරු දුන් නිමල්කා ප්‍රනාන්දු පැවසුවා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *