කිසිම කොන්දේසියක් නෑ – එම්. ඒ. සුමන්දිරන්

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ප්‍රකාශ කිරීමේදී කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කරයි.  ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

“කොන්දේසි මොනවත් නෑ. එනමුත් අපේ ජනතාවගේ ප්‍රශ්න කීපයක් සම්බන්ධව අපි හැම එක්කෙනා එක්කම කතා කරලා තිබුණා. අද රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කතාවෙදි ඒක පැහැදිලි කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ගේනවා කියලා කිව්වා. නොබෙදුණු, බෙදන්න නොහැකි රටක් තුළ, යුද්ධයෙන් පසුව පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න ගැන බලනවා කිව්වා. ” යනුවෙන් ඒ මහතා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *