පාර්ලිමේන්තුව විසුරුවීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4.00ට.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිම් පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (13) පස්වරු 4.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද සවස 4.00ට ශ්‍රේෂ්ඨාධිකරණ කාමර අංක 502 හිදී අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඇතුළු පාර්ශ්ව 13ක් විසින් ජනාධිපතිවරයාගේ නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර එම පෙත්සම් විභාගය පසුගිය 04,05,06,07 යන දිනයන්හි පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *