රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද (12) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළේය. එම යෝජනාව ස්ථිර කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා විසිනි. ඒ සම්බනධයෙන් කළ ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 117කින් එම යෝජනාව සම්මත විය. මේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය. දේශපාලන පක්ෂ මතයන් කුමක් වුවත් ව්‍යවස්ථාවට ගරු කරමින් සියළු දෙනා කටයුතු කළ යුතු බව අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ප්‍රජාත්ත්‍රවාදි රටක් ලෙස ව්‍යවස්ථාව රටේ ප්‍රමුඛ නීතිය බවයි. ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පාර්ලිමේන්තුවේ නායකත්වය දරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාට ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *