‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ

‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ කියල. ලෝක යුද්ධයේ දී මිත්‍රපාක්ෂික හමුදාවල අණදෙන නිලධාරියාව සිටි පසු කලෙක ඇමරිකාවෙ 34 වෙනි ජනාධිපති වූ අයිසෙන් හුවර් කියනව.

භාෂනයේ නිදහස සාමකාමීව තම මතය ප්‍රකාශ කිරීමේ නිදහස අපි අගය කරන්න ඕනෙ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි අද දින ඔළුවට ගන්න ඕනෙ. හමුදා බුද්ධි අංශ යොදලා මිනිස්සු උස්සගෙන ගිහිල්ලා කරපු විකාර ගැන කතාකරන්න අපිට අයිතියක් තියෙන්න ඕනැ. අපි දන්නව, මිනිස්සු සල්ලිවලට උත්සගෙන ගිහිල්ලා මැරුවා. සමහර දේශපාලන වැඩ ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ යෙදෙව්ව. කොතරම් කෙනෙකුට හිතට වද දුන්නා වුණත් තවත් කෙනෙකුට ඒ පිළිබඳව කතාකරන්න අයිතියක් තියෙනව. ඒ වගේම යුද්ධය පිටදාලා වෙච්ච ඝාතන, දෙපැත්තටම වෙච්ච හානි, උතුරේ හෝ දකුණේ ජනතාවට වෙච්ච හානි ඒ පිළිබඳව කතා කරන්න අයිතියක් තියෙනව. නීතිඥ සී.ජේ. වැලිඅමුණ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (10) බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 70 වන මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයක දී ය.

මම කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න කැමතියි. මානව හිමිකම් දිනයේ වැදගත් කමට වඩා මානව හිමිකම් මත ජනතාවට ලැබුණු වැදගත් කම් කිහිපයකුත් ඒ වගේම අද සමාජ දේශපාලන වතාවරණය මත මතුවෙලා තිබෙන කාරණා කිහිපයකුත් ගැන මම කතා කරන්නම්.

මානව හිමිකම් කිව්වම තියන එක මිත්‍යාවක් තමයි, මේක මේ බටහිර සංකල්පයක් එහෙම නැත්නම් තවත් රටක සංකල්පයක්, වගේ අදහසක්. අපි අද කතාකරන මානව හිමිකම් දිනය නිර්මාණය වන්නේ ආරක්ෂාව පිළිබඳ විශ්ව ප්‍රකාශනය සකස් කිරීමේ  දිනය වශයෙනුයි.

විශේෂයෙන්ම නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමයි මේක සකස් කරල තියෙන්නෙ. මෙයට නායකත්වය  ලබා දුන්නේ ලෙබනන් ජාතික ආචාර්ය චාල්ස් නබී. එම කණ්ඩායමට ලෝකයේ හෑම මහද්වීපයකම විද්වතුන් තවත් 8 දෙනෙක් එකතු වුණා. මේ හැම දෙනෙක්ම ගෙනාවේ ලෝකයේ මානව හිමිකම් පිළිබඳව වෙනස් වෙනස් සංස්කෘතීන්වල එකතුවක්. ඒ වගේ මේ විෂය පිළිබඳ අත්දැකීම් තියෙන පුද්ගලයන් තමයි මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සකස් කළේ.

විශ්ව ප්‍රකාශනය සකස් කිරීමෙන් පසුව, අපි අද නොයෙකුත් මානව හිමිකම් ගැන කතා කරනව. යම් කිසි කෙනෙකුට මෙය අධ්‍යයනය කරන්න අවශ්‍යනම් අද ලේසියෙන්ම බලන්න පුළුවන්, ඒ අධ්‍යයනයන් පිළිබඳව වෙච්ච සාකච්ඡාවන් පිළිබඳව, විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය සකස් කරන්න ගිහිල්ලා මතු වෙච්ච ගැටළු පිළිබඳව. මේ අද මතුවන ගැටළු මේ ලේඛනය සකස් කරන කාලෙත් මතුවුණා. නමුත් මේ කණ්ඩායමට හැකි වුණා ලෝකයේ සියළුම රටවල් පිළිගන්න විශ්ව ප්‍රකාශනයක් සකස් කරන්න.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංසෝධනය තියනව. අපිට පුලුවන් කම ලැබුණා ලංකාවේ පාර්ලිමේන්තුවෙ තියන සියලුම පක්ෂ එ‍ක්කෙනෙක් හැර අනික් සියලුම පක්ෂවල ඒකමතිකභාවය ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංසෝධනය ගේන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන් ඔබ මතුකරන ප්‍රශ්න වගේම මානව හිමිකම් ගැන මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ප්‍රශ්නත් තියනව. ඒ කොහොම වුණත් ඒවා පසෙකින් තිබිය දී අපි අද මානව හිමිකම් ආරක්ෂා කරන්න ගන්න මේ අරගලයට ප්‍රශ්න මතුවීම සාමාන්‍ය කාරණයක් වශයෙන් තමයි අපි ගන්න ඕනැ.

අපි දන්නවා මේ අද පාර්ලිමේන්තුවෙන් පිට දේශපාලන වේදිකාවේ මුඛ්‍ය වශයෙන් මතුකරන ප්‍රශ්නයක් තමයි, ‘ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනව. ඒ නිසා ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරන්න තියෙන අයිතිය ජනතාවට නැවත දෙන්න තමයි ඒ පාර්ලිමේන්තුව විසිරෙව්වෙ. මේ මැතිවරණයට තියන අයිතිය නැතිවීමක්ය. ඡන්දයකට තියන අයිතිය නැතිවීමක්ය කියන කාරණය. මම අන්න ඒ කාරණය ගැන ටිකක් කතා කරන්න කැමතියි.

අපි දන්නව, තමන්ගේ දේශපාලන නායකයන්, තමන්ගේ දේශපාලඥයන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මැතිවරණයක් තිබිය යුතුයි. මැතිවරණයක් කියන්නෙ, මැතිවරණයක් වශයෙන් අපි හඳුන්වන දේ තුළ තවත් විශේෂ කාරණයක් තමයි භාෂණයේ නිදහස. පුද්ගලයො වශයෙන් තමන්ගෙ මතය ප්‍රකාශ කරන නිදහස. එතකොට මැතිවරණයකදි තමන්ගෙ දේශපාලනය පිළිබඳ කතිරයක් මගින් දේශපාලන මතයක් තමයි ප්‍රකාශ කරන්නෙ. අපි ඒක පරමාධිපත්‍ය කොටසක් වශයෙනුත් විග්‍රහ කරනව. භාෂනයේ නිදහස කිව්වම අපි අකමැති කැමති හැමදේකටම ඔය නිදහස තියෙනව. සමහර වෙලාවට අපි කතාකරන දේවල් පිළිබඳව සමහර අය අකමැති වෙන්න පුළුවන්. භාෂනයේ නිදහස සාමකාමීව තම මතය ප්‍රකාශ කිරීමේ නිදහස අපි අගය කරන්න ඕනෙ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි අද දින ඔළුවට ගන්න ඕනෙ.

පෙඩරල් ක්‍රමය වෙන්න පුළුවන්. අපේ රටට පෙඩරල් ක්‍රමයක් අවශ්‍යයි කියන අයට ඒ මතය ගේන්න පුළුවන්. ඒ මතය සඳහා භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරල තියෙනව. අපි ආගමික වශයෙන් නොයෙකුත් ආගම්වල වෙන්න පුළුවන්. ආගම් විශ්වාස කරන්නෙ නැති අය ඉන්න පුළුවන්. අද අපේ හාමුදුරුවරු හැසිරෙන ආකාරය පිළිබඳ කථිකාවතක් ‍අපේ සමාජයේ තියන්න ඕනෙ. ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න කෙනෙකුට අයිතියක් තියෙන්න ඕනෙ. ඒ වගේම හමුදා බුද්ධි අංශ යොදලා මිනිස්සු උස්සගෙන ගිහිල්ලා කරපු විකාර ගැන කතාකරන්න අපිට අයිතියක් තියෙන්න ඕනැ. අපි දන්නව, මිනිස්සු සල්ලිවලට උත්සගෙන ගිහිල්ලා මැරුවා. සමහර දේශපාලන වැඩ ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ යෙදෙව්ව. කොතරම් කෙනෙකුට හිතට වද දුන්නා වුණත් තවත් කෙනෙකුට ඒ පිළිබඳව කතාකරන්න අයිතියක් තියෙනව. ඒ වගේම යුද්ධයපිට දාලා වෙච්ච ඝාතන, දෙපැත්තටම වෙච්ච හානි, උතුරේ හෝ දකුණේ ජනතාවට වෙච්ච හානි ඒ පිළිබඳව කතා කරන්න අයිතියක් තියෙනව.

අද ඒ ගැන කතා කරනකොට අපි දකින ප්‍රධාන දෙයක් තමයි, මහජනතාවගේ නියෝජිතයන් යයි කියාගන්නා යම්කිසි කොටසක් නිරන්තරයෙන්ම තමන්ගේ ජාතිය, සිංහල ජාතිය හෝ වේවා, විශේෂයෙන්ම සිංහල ජාතියෙ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්න මතු කරනව, සිංහල ජාතියෙ පෞඩත්වය ගැන ප්‍රශ්න මතුකරනව. ඒ නිසා මම කැමතියි ඒ පිළිබඳ යම්කිසි උත්තරයක් දෙන්න.

ඒ උත්තරය මම දෙන්න කැමතියි මගේ වචන වලින් නෙමයි, අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධයේදි මිත්‍ර පාක්ෂික හමුදාවල අණදෙන නිලධාරියා වශයෙන් සෑහෙන කාලයක් හිටියෙ ජෝන් අයිසන් හවර් කියන ජෙනරාල්වරය. ඔහු පසුව 34 වෙනි ඇමරිකානු ජනාධිපතිවරයා බවටත් ‍පත් වෙනව. ඔහුට ඉතාම ගෞරවණීය පිළිගැනීමක් ති‍බුණා. යුද්ධය ගැන කියවන කෙනෙකුට කියවන්න පුළුවන්. ඔහුගේ මව යුද්ධය පිළිබඳ ඉතාම විරෝධාකල්පයක් තිබුණ කෙනෙක්. අයිසන් හවර් ඉගෙන ගන්න කාලෙදි බලන්න දුන්නේ යුද්‍ධයෙන් ලෝකයට වෙච්ච විපත් ගැන තමයි ඉතිහාසය කිව්වෙ.

නමුත් ඔහු කොහොමහරි මිත්‍රපාක්ෂික හමුදාවෙ අණදෙන නිලධාරියා බවට පත් වුණා. මිත්‍රපාක්ෂික හමුදාවෙ අණදෙන නිලධාරියා බවට පත්වෙලා යුද්ධය නිමා වූවාට පසු ඔහු දේශපාලන ලෝකයට අවතීරණ වෙලා ඉන් පසු මුළු ලෝකයම ඔහු දිහා බැලුවෙ වැදගත් මහත්මයෙක් විදිහට. මිල්ටරි කාරයකුවශයෙනුත්, ජනාධිපතිවරයෙක් වශයෙනුත් ඔහු බුහුමන් ලැබුවා. ඔහු සෑහෙන්න පොතපත ලිව්වා. ඔහුගේ එක ප්‍රකාශයක් ගැන මම කියන්න කැමතියි. මේ ජාතිය ගැන කියන එකක්. ඔහු කියනව, ‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ කියල.

අද මේ යුද්ධය ගැන කතා කරනවිට සිංහල බෞද්ධකම ගැන කියල කතා කරන අපේ ඔක්කොම ඔළුවට ගන්න ඕන දෙයක් තමයි මේ අයිසන් හවර් කියපු ඉහත කියමන.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *