ලෝකේ කිසිම රාජ්‍යයක අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ – පිලිප් දිසානායක – සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව

ලෝකේ කිසිම රාජ්‍යයක් අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ. ඒක ලංකාවේ සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙනව, අනාගතයේදිත් අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියල. සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව නියෝජනය කරමින් පිලිප් දිසානායක එසේ ප්‍රකාශ කළේ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයේ 19 වන දිනය වූ අද  (09) සවස පැවති සාකච්ඡාවක දී ය.

ශත වර්ෂ ගණනාවකට පස්සෙ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය අවකාශය නිර්මාණය කරගෙන ගියා, 2015 ජනාවාරි 8න් පස්සෙ. මේ රටේ මැත ඉතිහාසයේ වෙච්ච වැදගත්ම දේශපාලන ප්‍රතිංස්කරණ සිද්ධ වුණේ මේ අවුරුදු තුන හමාර තුළ. මේ ප්‍රතිසංස්කරණ නිසා අප වේගයෙන් ඉදිරියට ගියා. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් දිනෙන් දින සුරක්ෂිත කරමින් ගියා. නමුත් මේවා ඇති කරන්නට මූලික වෙච්ච ජනාධිපතිවරයම මුට්ටිය බිඳගත්තා වගේ ඒක පාරට කුමන්ත්‍රණයක් කරල, ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කරකැව්වා. ඒක මම හිතන්නෙ මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ප්‍රජාතන්තුවාදය අගයන, මානව හිමිකම් අගයන මනුෂ්‍යයන් පිළිනොගන්නා කාරණාවක්. අපි ඉල්ලා සිටිනවා වහාම මෙම වැරැද්ද නිවැරැදි කරන්න කියල.

දැන් දින ගණනාවක් ගිහිල්ලා තියෙනව, මේ රටේ ආණ්ඩුවක් නැතිව තමයි පාලනය වෙන්නේ. ඒක නිසා මේ රට විශාල ආරාජිකත්වයක් කරා ගමන් කරනව. අපි හිතනව මේ රටේ මිනිස්සු ඉතාමත්ම බුද්ධිමත්ව මේ කාල සීමාව තුළ කටයුතු කළා, ප්‍රචණ්ඩත්වය නොගිහින්. සාමාකාමීව විසඳාගැනීම සඳහා තවමත් උත්සාහයක යෙදෙනව. අපිත් දැනට දින 19 ක් තිස්සේ මෙතන සත්‍යගහයක යෙදෙමින් මෙය සාධාරණ ලෙස විසඳන ලෙස ඉල්ලීම් කරමින් ඉන්නව.

නමුත් අපේ පසුගිය අවුරුදු තුන හමාරේ ආයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට අධිකරණය ඉතාමත් ශ්‍රෙෂ්ඨ විදිහට පියවර ගනිමින් මේ ක්‍රියාවලිය වැලැක්වීම සඳහා පියවරයන් අරගෙන තියෙනව. දැනට පත් කරපු ආණ්ඩුව අතිහිටවල තියෙනව. ලෝකේ කිසිම රාජ්‍යයක් අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ. ඒක ලංකාවේ සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙනව, අනාගතයේදිත් අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියල. එසේ කටයුතු කළ නොහැකි වුණොත් මම හිතන්නෙ බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා මේ රටේ ප්‍රගතිශීලි මිනිස්සු යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඉස්සරහට එන එක වළක්වන්න බැරි වෙනව. ඒ නිසා අපි හිතනවා ඉදිරි දින කිහිපය ඉතාමත්ම තීරණාත්මකයි. මේ කාල සීමාව ඇතුළත ප්‍රශ්නය නැවත හරිගැස්සුවෙ නැති වුණොතින් විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගැනිම සඳහා විශේෂයෙන්ම ජනාධිපතිවරයත්, මේකට මුල් වෙච්ච කුමන්ත්‍රණකාරයොත් කරන්න ඕනෙ. ඒ එක්කම අධිකරණය ඉක්මනින්ම සුදුසු යුක්තිසහගත තීරණයක් ලබා දීල, මේ රට වැටෙමින් යන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා කටයුතු කරාවි කියල හිතනව.

මනෝජ් රූපසිංහ    

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *