විපක්ෂ නායකකම ඉල්ලා අත්සන් කළ අය ඇමතිකම් අරන් ආණ්ඩුවේ !

තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගන්න බවටත් , විපක්ෂ නායක තනතුර කුමාර වෙල්ගම මහතාට ලබාදෙන ලෙසත් , ඉල්ලා ජනාධිපතිතුමාට පසුගියදා යවන ලද ලිපියට අත්සන් කළ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇමැති ධුර, රාජ්‍ය ඇමතිධුර , හා නියෝජ්‍ය ඇමතිධුර ලබාගෙන ආණ්ඩුවට එකතුවී ඇත . මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තදින්ම පෙනීසිටි උදවියද ඒ අතර වන බව පෙනෙන්නට තිබේ .

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 95 අතරින් මේ වනවිට විවිධ ඇමැති තනතුරු ලබා ඇති සංඛ්‍යාව 31කි .දිස්ත්‍රික් ඇමතිධුර 8ක් ද සන්ධානයට ලැබීමට නියමිතය . අලුතින් ඇතිකරන විධායක කාරක සභා සභාපති තනතුරු කිහිපයක්ද එම පක්ෂයට ලැබෙනු ඇතැයි කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *