පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිරිසේනගෙ ගැසට් එක ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් අත්හිටුවයි.

ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක‍්‍රීයාත්මක කිරීම තවදුරටත් වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ලබන 10 වන සදුදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) නියෝග කර ඇත. මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලද්දේ අගවිනිසුරු නලීන් පෙරේරා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සිව්වැනි දිනටත් අද (07)  විභාගවෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඇතුළු පාර්ශ්ව 13ක් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් ගොනු කර ඇති අතර එම නිවේදනයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව 10ක් අතුරු පෙත්සම් ගොනු කර තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *