තාජුදීන්ට පහරදී පණපිටින් ගිනිතියා මරලා – වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

THUJUDEENරගර් ක්‍රීඩක වසීම්  තාජුදීන් මියගියේ ගින්නෙන් ඇතිවූ කාබන් මොනොක්සයිඩ් ආග්‍රහණය වීම නිසා බවත්, ඒ වනවිට ඔහු අකර්මන්‍ය තත්වයේ සිටි බවත් , ඔහුට පහරදී ඇති ආකාරයේ තැලීම් සහ ඇට කැඩීම් දක්නට ලැබුණු බවත් , අධිකරණ වෛද්‍ය විශේෂඥ වාර්තාවේ සදහන් කොට ඇත . කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබාදී ඇති මෙම වාර්තාවට අනුව ඔහුගේ පපුවේ සහ වෙනත් ස්ථාන වල තැලීම් සහ ඇට කැඩීම් දක්නට ලැබී ඇත . මරණයට පැය දෙකකට පමණ පෙර තාජුදීන් මත්පැන් පානය කොට ඇති බවද වාර්තාවේ සදහන්ය .

මේ අතර තාජුදීන් ඝාතනයේ සාක්ෂි කරුවකුට තර්ජනය කිරීමක් ගැනද අධිකරණයට වාර්තා කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *