මේක කරඬුව ඔළුවෙ තියලා සරම ගැලෙව්වා වගේ වැඩක් – හරීන් ප්‍රනාන්දු

මේ මහින්ද රාජපක්ෂගෙත් මෛත්‍රිපාල සිරිසේනගෙත් අන්තිම හෝරා කිහිපය. ඇයි මම එහෙම කියන්නෙ. විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාට එකක් මතක්කරන්න ඕනැ, මහින්ද රාජපක්ෂගෙ දේශපාලනයත්, මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙල සිඳදැම්මා කියලයි මම කියන්න ඕනැ.

මම ඉස්රවෙලා කිව්ව වගේ, මම ඉස්සෙල්ලා කිව්වා කරඬුව ඔළුවෙ තියලා සරම ගැලෙව්වා වගේ. මට පේන්නේ දැන් කරඬුවත් නෑ සරමත් නෑ මහින්ද රාජපක්ෂගෙ. ලැජ්ජාවක් නැතිබව ඔප්පු කරල තියෙනව එතුමාගෙ මාධ්‍ය නිවේදනයෙන්, මාධ්‍ය නිවේදනයෙන් කියල තියෙන්නෙ, සුප්‍රිම් උස්වියට යනව කියල. හරි, ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නම සාමාන්‍ය යුක්තිගරුක පුරවැසියෙක් නම් කරන්න ඕනැ තමන් අද අගමැති නෙමෙයි කියන එක.

මුළු ලංකාවට මේක තේරුම් ගන්න බැරි නම් මේ මොන බල පෙරේතයො දෙන්නෙක්ද මේ රට විනාශ කරන්නෙ කියන එක. සිරිසේන විනාශ කළා. රාජපක්ෂ විනාශ කළා මේ දෙන්නට තියෙන්නෙ බලලෝබිත්වය හා බල කෑදරකම විතරමයි.

ජනාධිපති සිරිසේන මේක කළේ එතුමට ආයෙ ජනාධිපතිවෙන්න අපේක්ෂකත්වය ලබා ගන්න පක්ෂයක් හොයාගන්න. මහින්ද රාජපක්ෂ කළේ එතුමාගේ බලලෝබිත්වයට හා බල පෙරේතකමට මේකෙ බලෙන් එල්ලිලා සිටීම. ඒ නිසා මම ඔබ තුමාලට කියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයට නම් ඊළඟපාර ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රි කෙනෙක් වත් වෙන්න පුලුවන් කොහෙහරි දිස්ත්‍රික්කයකින්. සිරිසේන මහත්තයට නම් මේ කරපු විනාසෙට සමූපකාර ඡන්දයකින්වත් පොළොන්නරුවෙන් දිනන්න පුලුවන් වෙයිද කියල සැකයක් තියෙනව.

ඔබතුමාලා පැහැදිලිව තේරුම් ගන්න මේ විනාසෙට මුල කවුද? දැන් මේ දීලා තියෙන උසාවි තීන්දුවටවත් ගරු කරන්න කොන්දක් නැත්නම්, ඒ වගේ මනුස්සයෙක් මේ රටට නායකත්වයට ගන්න මිනිස්සු ගේන්න කියනව නම්, ඒක වහල්ලුන්ටත් එහා ගිය කතාවක්. කවුද වහල්ලු කියන කතාව මුලින්ම කිව්වෙ මහින්ද රාජපක්ෂට. වහල්ලු කියන කතාව මුලින්ම කිව්වෙ මෛත්‍රිපාල සිරිසේන.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *