මේ රට නීතියේ ආධිපත්‍ය තියෙන ශීලාචාර රාජ්‍යක්බව අපි ඔප්පු කරල තියෙනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයක් – අජිත් පී. පෙරේරා

අපේ මේ සටනේ විශාලම ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ රටේ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය තිබෙන බවට අපට හැමදාම විශ්වාසයක් තිබුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හිතුවක්කාර වැඩපිළිවෙලත්, ඒවගේම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම නීති විරෝධීව ධුරවල රැඳී සිටිමින් මේ රටට කරපු විනාශයත් වැළැක්වීම සඳහා ගරු අභියාචනා අධිකරණය විසින් අත්හිටවීමේ නියෝගයක් අද දින නිකුත් කළා.

ඒකේ තේරුම මහින්ද රාජපල්ෂයවත් ඔහුගේ ඊනියා අමාත්‍ය මණ්ඩලයටවත් කිසිම දෙයක් මේ මොහොතේ ඉඳලා කරන්න බැහැ. ඇත්තටම ඔවුන් කරපු දේවලුත් නිති විරෝධියි. මේ මොහොතේ ඉඳල කරන්න බැහැ. ඒ අනුව විශාල ජයග්‍රහණයක් අපි ලබල තියනවා. ඒ අනුව රජයේ සේවකයන් සියලු දෙනාටම දැනුම් දෙන්න කැමතියි මේ මොහොතෙ කිසිම ආකාරයක මේ අනීතික නියෝගවලට යට වෙන්න එපා. කිසිම පත්වීමක්, කිසිම මුදලක් මේ ඊනියා අගමැතිගෙ හා ඇමතිවරුන්ගේ කීමට කරන්න එපා. එහෙම කෙරුවොත් ඔබ අධිකරණයට අපහාස කිරීමට වරදකරුවකු වෙනවා.

අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා අද රාත්‍රි වෙනකොට මේ ප්‍රශ්නය කරුණාකරල විසඳන්න. පාර්ලිමේන්තුවේ ලබය තිබෙන පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි අපේ නියෝජිතයා. එතුමා තමයි අපේ නායකයා. එතුමා තමයි අපේ අගමැති. එතුමාව අගමැති කරන්න. ඒක ඔබතුමාගෙ ව්‍යවස්ථාපිත වගකීමක්. ඒක ඔබතුමාගේ යුතුකම අපේ පක්ෂයේ මේ කාරණයෙදි බෙදිල නැහැ. අපේ පක්ෂයේ අනාගතය ගැන තීරණ ගන්නෙ අපි. ඒ නිසා කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති කරල, අමාත්‍ය මණ්ඩලයක් හෙට වෙනකොට පත් කරල මේ ආරවුල හෙට වෙනකොට අවසන් කරන්න. ඒකාධිපති හිතුවක්කාර වැඩපිළිවෙලකට මේ රටේ ඉඩ නැති බව, මේ රට නීතියේ ආධිපත්‍ය තියෙන ශීලාචාර රාජ්‍යක්බව අපි ඔප්පු කරල තියෙනව. අපි අවිහංසාවාදීව මේ සටන ඉදිරියට ගෙනගියා. අවිහිංසාවාදය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ සටනට සහයෝගය දුන්න සියලු දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා.

තාමත් මේක අවසන් නැහැ අවසන් වෙන්නේ නිත්‍යානුකූල පාර්ලිමේන්තුවෙ රජයක් පිහිටුවීමෙන් පමණයි. අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා අපිට බහුතරයක් ඇති බව. ඒ නිසා ඉක්මනින්ම රටට අග්‍රාමාත්‍යවරයෙක් පත්කරල මේ රට තුළ ඇති අරාජිකත්වය අවසන් කරන්න කියල අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ජයග්‍රහණය නිහතමානීව අවිහිංසාවාදීව සමරන්න කියල අපේ රටේ සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. පාක්ෂිකයො විතරක් නෙමෙයි, අපිට කවදාවත් ඡන්දයක් නොදෙන මිනිස්සුත් අපේ මේ සටනට ආවා. ඒ වගේම පොහොට්ටුවට ඡන්දය දුන්න බොහෝ දෙනෙකුත් මේ වෙලාවේ මේ වැඩේ වැරදියි කියල කිව්වා. සියලු දෙනාටම අපි කියනවා අපි සියලුදෙනාම මේ අවස්ථාවෙ මේ ජයග්‍රහණය සමරමු. මේක මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *