රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා… ජනපති තමන්ගේ බල තණ්හාව වෙනුවෙන් රටම සූදු පිටියක් කරලා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටේ සිදුවුණු කුමන්ත‍්‍රණකාරී බල පෙරළියට මාසයකුත් දවස් හයක් ගතවෙලා. ඇතිවූ අර්බුදය විසඳන්න කුමන්ත‍්‍රණය නිර්මාණය කළ පිරිස් කටයුතු කරන්නේ නැහැ. එයින් පීඩාවට පත්වෙලා තිබෙන්නේ රටේ ජනතාව. රට අගෞරවයට පත්වෙලා තිබෙනවා. කීර්ති නාමය කෙළෙසිලා. රට අරාජික වෙලා. ලබන අවුරුද්දේ ජනවාරි මාසය වනවිට අපේ රටේ අමාත්‍යාංශවලට මුදල් වෙන් කරන්න අයවැයක් නැහැ. අයවැයක් ගේන්න ආණ්ඩුවක් නැහැ. නිලධාරීන්ට තමන්ගේ කටයුතු කරගෙන යන්න මානසික නිදහසක් නැහැ. නීතිවිරෝධී ආණ්ඩුව කියන දේවල් පිළිගන්නත් බැහැ. පිළිනොගෙන ඉන්නත් බැරි තත්වයකට ඔවුන් පත්වෙලා. සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙලා, සංචාරක කර්මාන්තය කඩා වැටිලා. රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වෙනවා. රට බරපතළ කඩා වැටීමකයි තියෙන්නේ.
කුමන්ත‍්‍රණය නිර්මාණය කරපු මෛතී‍්‍රපාල මහත්තයලා, මහින්ද රාජපක්‍ෂ මහත්තයලා අර්බුදය විසඳනවා වෙනුවට කුමන්ත‍්‍රණය පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාට බරපතළ වගකීමක් තිබෙනවා රට ස්ථාවර තත්වයකට ගෙන එන්න. නමුත් ජනාධිපතිවරයා විනෝද චාරිකා යනවා. විවෘත කිරීම්වලට යනවා. රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වයනවා වගේ. රටම ගිනිතියන ”බොහොම සැහැල්ලූවෙන් ඉන්න ජනාධිපති” කියලා පින්තූර පළ කරනවා. ඇතිවෙලා තිබෙන තත්වය සරලව ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපේ රටේ ජනතාවත් මෙහි බරපතළකම හරිහැටි තේරුම් අරගෙන නැහැ. බලහත්කාරයෙන් හදපු ආණ්ඩුවට බහුතරය නැති බව දැන දැනත් බලහත්කාරී ආණ්ඩුව පවත්වාගෙන යන්න ජනාධිපති ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා. ජනාධිපතිවරයා හැසිරෙන්නේ බලහත්කාරය පාවිච්චි කරන, අත්තනෝමතික භූමිකාවකයි. පාර්ලිමේන්තුවේ බහුතරයට කන් නොදී තමන්ගේ බලතණ්හාව වෙනුවෙන් රටම සූදු පිටියක් කරගෙනා. බලහත්කාරයෙන් ආණ්ඩු හදන එක රටේ තහවුරු වෙලා ඒ බලහත්කාරය ජනතාවටත් යොදවන්න කටයුතු කළොත් තත්වය බරපතළයි. එනිසා රටේ සියලූ දෙනා මෙම කුමන්ත‍්‍රණයේ අනතුර පැහැදිලිව තේරුම් ගත යුතුයි.
අද රටට අගමැතිවරයෙක් නැහැ. හිටපු අගමැති ඉවත් කළා. පත්කරපු අගමැති ජනතාව, පාර්ලිමේන්තුව පිළිගන්නේ නැහැ. විශ්වාසභංග දෙකකින් අගමැති ඉවත් කළා. මහින්ද අගමැති කියලා පිළිගන්නේ මහින්දයි, මෛතී‍්‍රයි, වටේ ඉන්න කණ්ඩායමයි විතරයි. ලංකාව ජාත්‍යන්තර සංවිධාන ගණනාවක සාමාජිකත්වය දරනවා. නමුත් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය, සාර්ක් සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ලෙස පිළිගන්නේ නැහැ. ඒක නොතේරෙන්න තරම් මෛතී‍්‍රපාල අඳබාලද? ඔහු තමන්ගේ හිතුවක්කාරී තීරණය ජයග‍්‍රහණය කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ කුමන්ත‍්‍රණය පිළිගන්නේ එයින් වරප‍්‍රසාද ලබන අය පමණයි. දැන් තිබෙන්නේ හියිජැක් කරපු ආණ්ඩුවක්. ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ නැහැ. තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ. කැන්ටිමෙන් කාලා මීඩියාවලට වොයිස් කට් එකක් දෙනවා. ආණ්ඩුවක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සංවාද කරන එක, අයවැය ගේන එක, අලූත් යෝජනා ගෙනත් සම්මත කරන එක. ආණ්ඩුව පාර්ලිමේන්තුවට එන්නෙ නැති ලෝකයේ එකම රට ලංකාව. විපක්‍ෂය යෝජනා ගෙනත් සම්මත කරගන්නවා.

මෙම අර්බුදය නිර්මාණය කළේ මෛතී‍්‍රපාල සිරිසේනයි. විසඳිය යුත්තේත් ඔහුමයි. අපි ජනාධිපතිවරයාට කියනවා වට වංගු එපා! ගෙම් එපා! බොරු වැඩ එපා! ජනාධිපති විටින් විට සාකච්ඡුා කැඳවනවා. අපි තීරණය කළා මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති එක්ක සාකච්ඡුා නැහැ කියලා. දැන් කවුරුත් ඒක හරි කියලා පිළිඅරගන තිබෙනවා. ජනාධිපතිවරයා කතානායක එක්ක සාකච්ඡුා. රනිල් එක්ක සාකච්ඡුා. මහින්ද එක්ක සාකච්ඡුා. මේ කරන්නේ කල් මැරීමක් පමණයි. දැන් තියෙන තත්වයට අනුව ජනාධිපතිවරයා කටයුතු කරමින් ඉන්නේ පරාජයට මහින්දව බිල්ලට දීලා මගාරින්නයි. පසුගිය 14වැනිදා සම්මත කළ විශ්වාසභංගයේ අන්තර්ගතය වුණේ ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරයා පත් කිරීමත් නීති විරෝධී ආණ්ඩුවක් පත් කිරීමත් පිළිබඳවයි. නමුත් දැන් ජනාධිපතිවරයා උත්සාහ කරමින් ඉන්නවා, තමන්ට එල්ලවෙලා තිබෙන ව්‍යවස්ථා විරෝධී චෝදනාව පැත්තකට දාලා අලූත් විශ්වාසභංගයක් සම්මත කරලා සම්පූර්ණ චෝදනාව මහින්ද රාජපක්‍ෂගේ පිටින් යවන්න. ජනාධිපතිවරයා විසින් සකස් කළ යෝජනාවක් 05වැනිදා පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහයක් තිබෙනවා. තමන්ගේ බලය වෙනුවෙන් කරන දේශපාලන කී‍්‍රඩාව නැවැත්විය යුතුයි. ගස් කපන, වැලි ගොඩදාන, ගල් කඩන, ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙක්වත් නොකරන මට්ටමේ කටයුතු තමයි මෛතී‍්‍රපාල සිරිසේන කරමින් ඉන්නේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත පිළිගත යුතුයි. මැතිවරණයකින් පස්සේ නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් එනතෙක් පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්නේ මන්තී‍්‍රවරුන්ගේ බහුතරයයි. මේ පාර්ලිමේන්තුවේත් මහින්දට විරුද්ධව මන්තී‍්‍රවරු 122ක් ඉන්නවා. මහින්දට ආණ්ඩුවක් ගෙනියන්න බැහැ. එය මෛතී‍්‍ර පිළිගත යුතුයි. නැවත බහුතරය පෙන්වන කෙනෙක් ආණ්ඩුවක් හදාගත යුතුයි. ජවිපෙ අපි පෙනී ඉන්නේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම සඳහා පමණයි. ආණ්ඩුව හදන කි‍්‍රයාවලියට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.

පසුගිය 09වැනිදා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඊට එරෙහිව නඩුව ලබන 04, 05 සහ 06 විභාග කරනවා. රාජපක්‍ෂ කණ්ඩායම දැන් අධිකරණයට අනියමින් බලපෑම් කරනවා. තමන්ගේ අවුල පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා විසඳගන්නයි ඔවුන් කටයුතු කරන්නේ. රටේ අර්බුද නිර්මාණය කරලා, පාර්ලිමේන්තුවේ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරිලා, පාර්ලිමේන්තුව මගහැරලා දැන් කුමන්ත‍්‍රණය සාධාරණීකරණය කරගන්න අධිකරණයෙන් තමන්ට ඕනෑ තීන්දුව ගන්න රාජපක්‍ෂ කණ්ඩායම අනියම් බලපෑම් කරමින් ඉන්නවා. තමන්ට හිතවාදී භික්‍ෂූන් වහන්සේලා, නීතිඥයින්, විවිධ කටුයතු සඳහා මෙහෙයවමින් ඉන්නවා. කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවක් සමඟ මැතිවරණයකට යෑම සාධාරණ වෙන්නේ නැහැ. මැතිවරණයක් ජනතාව අතරට යා යුත්තේ සාධාරණ ලෙසයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පිළි නොගෙන ජනතාවගේ බහුතරය පිළිගනියි කියලා අපි කොහොමද හිතන්නේ? පාර්ලිමේන්තුව ඇතුළේ සාධාරණ ඡුන්දයක් පවත්වන්න බැරි මෛතී‍්‍රපාල සිරිසේන රටේ ජනතාව අතර සාධාරණ ඡුන්දයක් පවත්වන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ ඡුන්ද කොල්ල කෑ ආකාරයටම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡුන්ද කොල්ලකන්න මේ උත්සාහ කරමින් ඉන්නේ. ජවිපෙ යෝජනා කරන්නේ කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුව අහෝසි කරලා නීත්‍යානුකූලව මැතිවරණයකට යමු කියලා.

හිටපු අගමැතිවරයාත් පත්කළ අගමැතිවරයාත් කොයි තරම් බලයට කෑදරද? මහින්ද රාජපක්‍ෂ විශ්වාසභංගයකින් ඉවත් කොට තිබියදී තවමත් මහජන මුදල් භාවිතා කරනවා. හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යනවා. අගමැතිධුරයේ සියලූ වරප‍්‍රසාද බුක්ති විඳිමින් ඉන්නව. රනිල් වික‍්‍රමසිංහත් එහෙමයි. අගමැතිධුරයෙන් ඉවත්කොට තිබියදී අගමැති නිල නිවසේ පහසුකම් භාවිතා කරනවා. පුවත්පත් සාකච්ඡුා පවත්වනවා. සියලූ සම්පත් භුක්තිවිඳිමින් ඉන්නවා. දෙදෙනාම මහජන මුදල් භාවිතා කරන එක වහාම නතර කළ යුතුයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නව අගමැතිවරයෙක් පත්කළ යුතුයි. මේ අතර රනිල්-මහින්ද රහස් සාකච්ඡුා පවත්වනවා. හිටපු අගමැතිවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේ ජනතාවට හොරෙන් පවත්වන සාකච්ඡුා මොනවද? මේවා ඒ දෙන්නාගේ පෞද්ගලික සාකච්ඡුා නොවෙයි. ඒ නිසා රටේ ජනතාව සාකච්ඡුා කළේ මොනවද කියලා දැනගන්න ඕනෑ. රනිල්වත් මහින්දවත් සාකච්ඡුා කළේ මොනවද, ගත්ත තීරණ මොනවද කියලා තවමත් රටට ප‍්‍රකාශයක් කරලා නැහැ. මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම යූ.ඇන්.පී.යට උදව් කරනවා කියලා ජවිපෙට බොරු චෝදනා එල්ලකරමින් රනල්-මහින්ද හොර සාකච්ඡුා පවත්වනා. මේවා තමයි ඇත්ත ඞීල්.
අපේ රටේ ජනතාව නිරීක්‍ෂකයින් ලෙස සිටිය යුතු නැහැ. පක්‍ෂ, පාට භේදයකින් තොරව යුක්තිය සාධාරණය පැත්තේ හිටගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගකීම ජනතාවට තිබෙනවා. මෙම සිදුවීම මුලින්ම ජවිපෙ කුමන්ත‍්‍රණයක් ලෙස හැඳින්වුවා. ඒ වෙලාවේ සමහරු අපිට දෝෂාරෝපණය කළා. නමුත් මාසයක් යනකොට බොහෝ පිරිස් මෙය කුමන්ත‍්‍රණකාරී අශිෂ්ඨ, අශ්ලීල බල හුවමාරුවක් බව පිළිගෙන තිබෙනවා. අපේ රටේ ඇතැම් පුද්ගලයින් ජනාධිපති සම්මාන ආපසු බාරදෙනවා. යොවුන් සම්මාන උළෙලේදී තරුණ කලාකරුවන් දේශපාලඥයින් අතින් සම්මාන ගැනීම ප‍්‍රතික්‍ෂේප කරනවා. කලාකාරිනියන් පිරිසක් මහ වැස්සේ පාරට බැහැලා විරෝධය පළ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිත් රට පුරා විරෝධතා මාලාවක් කි‍්‍රයාත්මක කරමින් තිබෙනවා. මේ විදිහට තැන තැන ජනතාවගේ විරෝධතාවයන් මෝදුවෙමින් තිබෙනවා. තැන තැන ඇතිවෙන කුඩා විරෝධතා කුමන්ත‍්‍රණය පරාජය කරන, මෛතී‍්‍රපාලට ජනාධිපතිකම් අහිමි කරන මහා දැවැන්ත ජන ප‍්‍රවාහයක් වෙන්න ඉඩකඩ තිබෙනවා. මෙම අර්බුදය විසඳන්න පාරට බහින්න ඕනෑ නම් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව එක්ක පාරට බහින්න සූදානම්. අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා මේ ප‍්‍රශ්නය තවත් අදින්න එපා! රට තවත් විනාශ කරන්න එපා! පාර්ලිමේන්තුවේ බහුතරයට එකඟ වෙන්න කියලා.
ජාත්‍යන්තර ප‍්‍රජාව රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි ගැසිය යුතු නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් එම රටවල්වල මතය ප‍්‍රකාශ කරන්න හැකියාව ඔවුන්ට තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡුා කරන්න ඔවුන්ට අවස්ථාව තිබෙනවා. නමුත් සීමාව ඉක්මවලා අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසඳන්න ජාත්‍යන්තර රටවල්වලට ඉඩදිය යුතු නැහැ. ඔවුන් එසේ බලපෑම් කරනවා නම් එයට ද වගකිව යුත්තේද ජනාධිපතිවරයායි.

ජනාධිපතිවරයාගේ මානසික මට්ටම අනුවයි ඔහු සියල්ල තීරණය කරන්නේ. සිදුවෙන දේවල් සාමාන්‍යයයි කියලා ඔහු හිත්නේ ඔහුගේ මානසික මට්ටම අසාමාන්‍ය නිසා කියලා අපි හිතවනවා. ලෝකයේ වෙනත් රටවල්වලත් පාර්ලිමේන්තුවේ අර්බුද ඇති වෙනවා. නමුත් ඒවා කඩිනමින් විසඳගන්න ඔවුන් මැදිහත් වෙනවා. නමුත් අපේ රටේ සිදුවෙලා තිබෙන්නේ හදපු ආණ්ඩුවට බහුතරය නැතිව, පාර්ලිමේන්තු එන්නේ නැතිව එළියේ ආණ්ඩුවක් පවත්වාගෙන යන එක. මේක මොන්ටිසෝරි ප‍්‍රශ්නයක්. නමුත් ඒක ජනාධිපතිට තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව යෝජනා විශාල ප‍්‍රමාණයක් මන්තී‍්‍රවරුන් 122කගේ ඡුන්දයෙන් සම්මත වෙලා තිබෙනවා. ඒක ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි.

හදිසිය තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේනටයි. ආණ්ඩු හදන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම තිබෙනවා. එසේ තිබියදී ඔහු තමයි කඩිමුඩියේ ජනතාවත් නොදැන ?පානේ ආණ්ඩු හැදුවේ. හදලා කඩිමුඩියෙන් පාර්ලිමේන්තුව කල් තිබ්බා. ආයේ කඩිමුඩියේ 14වැනිදා කැඳවන්න ගැසට් එකක් ගැහුවා. ඒ සියල්ල තිබියදී කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසිරෙව්වා. කඩිමුඩිය තිබුණේ විපක්‍ෂයට නොවෙයි. නීතිය ගැන අවබෝධයක් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනයක් අධිකරණයේදී අත්හිටෙව්වාම පාර්ලිමේන්තුව නැවත කි‍්‍රයාත්මකයි කියලා. පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මකයි නම් පාර්ලිමේන්තු සභාවාරය කැඳවන්න ඕනෑ. පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධීයි කියනවා නම් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම ඇයි පාර්ලිමේන්තු ආවේ? මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරන්නේ කොහොමද? රාජපක්‍ෂ කණ්ඩායම බොරු තර්ක ඉදිරිපත් කරමින් 07වැනිදා වෙනතෙක් නීතිවිරෝධී ආණ්ඩුව පවත්වාගෙන යන්න කටයුතු කරනවා.
සමහරු ජවිපෙ ප‍්‍රශ්න කරන්නේ ඉතිහාසය නොදැන හෝ දන්න ඉතිහාසය අමතක කරලයි. ජවිපෙ චන්ද්‍රිකා ජනාධිපතිනිය සමඟ අන්තර්වාර ආණ්ඩු හැදුවේ නැහැ. ඒ වෙලාවේ සිදුවුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් පිරිසක් ඉවත් වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ පරිවාස ආණ්ඩුවක් හදන එකයි. ඒ වෙලාවේ පරිවාස ආණ්ඩුව හදලා ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් අරන් දුන්නා. එජාප ආණ්ඩුවේ බෙදුම්වාදී යෝජනා පරාජය කළෙත් ඒ පරිවාස ආණ්ඩුවෙන්. ඒ වෙලාවේ කිසිදු ව්‍යවස්ථා විරෝධී වැඩක් සිදුකළේ නැහැ. ආණ්ඩුවක් හැදුවේ 2014 පවත්වපු මහ මැතිවරණයෙන් පස්සෙයි. කුමන්ත‍්‍රණ කරලා ආණ්ඩු හැදුවේ නැහැ. අද සිදුවෙමින් තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂලා කරපු කුමන්ත‍්‍රණය ආරක්‍ෂා කරගන්න මාධ්‍ය මෙහෙයවලා විවිධ ප‍්‍රකාශ නිකුත් කරන එක. අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා, මාධ්‍ය හිමිකරුවන් කුමන්ත‍්‍රණය ආරක්‍ෂා කරන්න කටයුතු කළත් ඔබ ජනතාව වෙනුවෙන් කුමන්ත‍්‍රණය ආරක්‍ෂා කරන්න වැරදි මත සමාජගත කරන්න එපා කියලා.
ලෝකයේ සුළුතර ආණ්ඩු රට පාලනය කරනවා. නමුත් විපක්‍ෂය බාධා නොකරන තාක්කල් පමණයි. සුළුතර ආණ්ුවට බහුතර විපක්‍ෂයේ විරෝධය එන්න පටන් ගත් මොහොතේ සිටම ආණ්ඩුව පරාජයට පත් වෙනවා. 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා තිබුණේ සුළුතර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව පැවතුනේ විපක්‍ෂයේ බහුතරයක් හිටපු මහින්ද රාජපක්‍ෂලා ආණ්ඩුව පවත්වාගෙන යන්න දීලා නිකං හිටපු නිසයි. දැන් තිබෙන තත්වය තමයි කුමන්ත‍්‍රණයෙන් හදාගත්තු ආණ්ඩුවට විපක්‍ෂයේ බහුතරයක් විරෝධය පළ කිරීමයි. එනිසා සුළුතර ආණ්ඩුවට ආණ්ඩුව පවත්වාගෙන යන්න බැහැ.

අපේ රටේ හැම ආණ්ඩුවක්ම තමන්ට උදව් කරන පුද්ගලයින්ට ආණ්ඩුවේ ආයතන හරහා විවිධ වරදාන, වරප‍්‍රසාද ලබා දෙනවා. පහුගිය කාලයේ රනිල් වික‍්‍රමසිංහත් ඒක කළා. ඊට කලින් මහින්ද රාජපක්‍ෂලත් ඒක කළා. රාජපක්‍ෂ ආණ්ඩුව තමන්ගේ දේශපාලන හිතවතුන්ට හමුදාවෙන් පවා වැටුප් ගෙව්වා. ඒ නිසා අද ඇතිවෙලා තිබෙන ලිට්‍රෝ සමාගමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. මේක අල්ලස් ගැනීමක් මුදල් ලබාදුන්නු අයටත් මුදල් ලබාගත් අයටත් එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. වැරදි යට ගහන්න දෙන්න එපා. නිල් පාටින් කළත්, කොළ පාරින් කළත් මොන පාටින් කළත් වැරැුද්ද වැරැුද්දමයි.

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය කොටි නැගිටීමක් කියලා අර්ථකථනය කිරීම වැඩි බරකින් නොකෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම පාලනයේ ඉන්නවා කියන නිසයි. කෙසේ වෙතත් මෙම ඝාතන සම්බන්ධයෙන් රටට පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුත්තේ පොලීසියයි. විධිමත් රහස් පොලිස් පරීක්‍ෂණයක් සිදුවිය යුතුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඝාතන සිදුවූයේ හමුදාවත් හමුදා කඳවුරු ඉවත්කළ නිසා කීම පිළිගත හැකි කරුණක් නොවෙයි. මොකද මීට පෙර විශාල ප‍්‍රමාණයෙන් හමුදාව සිටියදීත් හමුදා කඳවුරු තිබියදීත් විශාල ලෙස උතුරේද ඝාතන සිදුවුණා. කරුණා අම්මාන් පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කළේ මීට වඩා හමුදා බලයක් තිබියදීයි. අද මෙම ඝාතන සම්බන්ධයන් ජාතිවාදී දේශපාලකයින් ජාතිවාදී ප‍්‍රකාශ වපුරන්න හදනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා ඉහත අදහස් ප`කාශකළේ ඊයේ (2* පැවති එම පක්ෂයේ පුවත්පත් සාකච්ඡුාවක දී ය. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුනආරච්චි ද සහභාගී විය.

මනෝජ් රූපසිංහ

ස්තුතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *