සිරිසේනගේ කුමන්ත්‍රණය පරාදයි : ඉතිහාසය වෙනස් කරමින් එජාපෙ රජයක් පිහිටුවීමට TNA සහාය.

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය දක්වන බවයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රීවරු 117ක බහුතර සහයක් හිමිව තිබේ. පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණ තවත් ශක්තිමත්ව ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට යනෙනමං  නැතුව තිබේ. එසේම තවදුරටත් මේ නින්දිත දේශපාලන කුමන්ත්‍රණය දියත්කළ ජනාධිපති සිරිසේනටද තවදුරටත් තම බල කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට අවස්ථාව අහිමිවේ.

TNA විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *