| |

අරලියගහ මැදුරේ කතාබහ

රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව මෙන්ම සදාචාරයටද එරෙහිව ඔක්තෝම්බර් 26 දා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයෙකු පත් කල පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී එම රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තව තවත් රට ව්‍යාකූලවීම මිසක ප්‍රශ්නය අවසන්ව නැත.

අගමැති රනිල් ප්‍රමුඛ එ ජ ප ය මෙම අර්බුදය මැනවින් කළමනාකරණය කර ගත් බව බොහෝ දෙනෙකුගේ විග්‍රහය වේ. අනතුරුව පාර්ලිමේන්තු බහුතරය එ ජා පෙ ට කෙතරම් තිබුණ ද විශ්වාසභංග දෙකක් හරහා නව ව්‍යාජ රජය පරාජයට පත්වුව ද ජනපති විදෙස් මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ කිනම් බහුතරයක් තිබුණ ද රනිල්ට යළිත් අගමැතිකම නොදෙන බවය.

එම ප්‍රකාශය තුළින් ප්‍රශ්නය තවත් ඕඩු ගිය බව දේශාපාලන විශ්ලේෂකයන්ගේ මතය වේ. ජනපතිත් එසේ ප්‍රකාශ කිරිමම ව්‍යවස්ථා විරෝධි බව වික්ටර් අයිවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

29 වන බ්‍රහස්පතින්දා තීරණාත්මක දිනයක් වූවේ නව ව්‍යාජ අගමැතිවරයාගේ මුදල් කපා දමන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ හෙයිනි. කව්රුන් පාර්ලිමේන්තු පැමිණිය ද නොපැමිණිය ද එය උපරිම ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කර ගැනිම එ ජා ප යේ උපාය මාර්ගය විය.

ඊට පසුදා ව්‍යාජ ඇමතිවරුන්ගේ මුදල් කපා දැමීමේ යෝජනාවක් ද ඉදිරිපත් වීමට නියමිතව තිබින.

බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට පැමිණි එ ජා පේ ප්‍රබලයින් රැසක් එදින කටයුතු ගැන බොහෝ දේ අගමැති රනිල් සමග කතා බහ කළහ.

“ මේ අර්බුදය ඇති කළේ ජනාධිපති ගේ පෞද්ගලික අවශ්‍යතා මතයි. එ ජා පෙ  ජනපති අපේක්ෂකයා එ ජා පෙන්ම තෝරන බවට ගත් තීන්දුව ජනපතිට දැනුම් දුන්නට පස්සේ  එයා  පොහොට්ටුවේ අපේක්ෂත්වය ගන්නයි මේ අවුල කළේ… ඒත් අගමැතිකමයි ආණ්ඩුවයි දෙකම රාජපක්ෂලාට දීලාත් ඔවුන් ශ්‍රීලනිපයට බදවා ගන්න ජනපතිට බැරි වුනා…. පසුදාම ඔවුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ජනපතිට එල්ල කළ කනේ පහරක්…. එහෙම එකේ ජනපතිට පොහොට්ටු අපේක්ෂකත්වය දීම දවල් හීනයක්…“ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ ගොවීන්ට හා ධිවරයන්ට අදායම් බදු සහන දෙනවලු… ආදායම් බදු ගෙවන ගොවීන් හා ධිවරයින් ඉන්නේ කොහේද දන්නේ නැහැ…“ චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“ ශ්‍රිලනිපයේ එකෙක් හරි රනිල්ගේ පැත්තට ගියොත් මගෙන් ඇමතිකම් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා ජනපති ශ්‍රිලනිප 23 දෙනාට තර්ජනය කරලාලු… අපට අවශ්‍ය ඇමතිකම් නොව ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන් බොහෝ දෙනෙක් පිළිතුරු හැටියට කිව්වා කියලාත් ආරංචියි…“ දයා ගමගේ කීවේ එවැන්නකි.

“අර විනිසුරුවරුන්ගේ බිරින්දලාට උසස්වීම් දිම අධිකරණයට කරපු මහා හෑල්ලුවක්…. සමස්ත අධිකරණයම මේක හිතට ගන්න ඕනේ… “ හේෂා විතාරන කීවේය.

“ ව්‍යවස්ථා විරෝධිව ඇති කළ අර්බුදයෙන් මිදෙන්න දැන් මේ අය මහමැතිවරණයක් ඉල්ලනවා. එහෙම මැතිවරණ දෙන්න කාටවත් අයිතියක් නැහැ. ව්‍යවස්ථාවට අනුව දැන් පැවැත්විය හැකි එකම මැතිවරණය ජනපතිවරණයයි. ජනපතිට ජනමතය බලන්න ඕනා නම් ජනවාරි 08 න් පස්සේ ජනපතිවරණය කැදවන්න පුළුවන්…. පළාත් සභා තිබ්බාය කියලා මධ්‍යම ආණ්ඩුවේ අවුල කිසිසේත් විසදෙන්නේ නැහැ….“ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“දෙසැම්බර් අගින් එහාට වියදම් කරන්න මේ රටට මුදල් අනුමත වෙලා නැහැ. ව්‍යාජ කැබිනට් රැස් වෙලා ව්‍යාජ අතුරු සම්මත ගිණුම් අනුමත කලාට එය පාර්ලිමේන්තුවේ දීත් සම්මත වෙන්න ඕනෑ… අපි ආපු ගමන් ඩොලරය රු 130 ට බස්සනවා කියපු බන්දුලලා  ඩොලරය 182 ට වැඩි කරලා අතින් අල්ලලා ඒක නවත්තන්නදැයි දැන් විකාර කතා අහනවා… ජනතාව මේ ඇන්දිලි හරි හැටි තේරුම් ගන්න ඕනෑ“ රවි කරුණානායකගේ විග්‍රහය එය විය.

“ මෙතෙක් හිටපු ජනාධිපතිවරු අතින් නොයෙක් අඩු පාඩු වුනා. ඒත් ඒ කිසි කෙනෙක් තමන්ට නැති බලයක් පාවිච්චි කරන්න ගියේ නැහැ… ඒත් මේ ජනපති අගමැති ඉවත් කිරිම හා වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව 19 වන සංශෝධනයේ තිබියදීත් එය කඩ කිරිම භයානක පූර්වාදර්ශයක්… වැරදිලාවත් අලුත් මහ මැතිවරණයක් තිබ්බට පස්සෙ ආණ්ඩුවක් ඇවිත් සතියකින් මේ අගමැති හා ආණ්ඩුවත් හරි නැහැ… මට ගැලපෙන්නේ නැහැ.. කියලා කිව්වොත් ඒකත් විසුරුවා හරින්න අපි ඉඩ දෙනාවද… ඒ නිසා මේ ප්‍රශ්නෙදි අපි එඩිතරව ඉන්න ඕනෑ“ දයා ගමගේ කීවේ එවැන්නකි.

“ජනාධිපති ඇති කරපු අවුල දැන් කතානායකගේ පිටින් තමයි මේ ගොල්ලා යවන්න හදන්නේ… මේ සියලු ප්‍රශ්නවලට මුල කතානායකලු…. ඒත් දශක ගණනාවක් පාර්ලිමේන්තු අත්දැකිම් ඇති හිටපු මහාලේකම් නිහාල් සෙනවිරත්න ඇතුළු පාර්ලිමේන්තු විශේෂඥයන්ගේ මතය වෙන්නේ කතානායකතුමා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් නිසි ලෙස ක්‍රියාත්මක කරන බවයි.“ නවින් දිසානායක කීවේය.

“ මේ අවුලෙන් මේ රටට දැනටත් කෝටි 92000 කට වඩා හානියක් අපනයන, සංචාරක සහ විවිධ සේවාවන් යටතේ සිදුවී ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ තක්සේරුවයි. රටේ ණය ගෙවා ගන්නත් බැරි මන්දපෝෂණයෙන් විරැකියාවෙන් සහ සමාජ ප්‍රශ්න රැසකින් පිඩා විදින මේ රට තවත් අගාධයට දැමීම මහා පාපයක්.“ රවි කරුණානායක කීය.

“ මහලොකුවට ආණ්ඩුවක් ගත්තාලු ඒත් දැන් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ… පාර්ලිමේන්තු එන්නේ නැති ලෝකයේ එකම ආණ්ඩුව  සිර – මරා ආණ්ඩුව කියලායි දැන් සමාජ මාධ්‍යවල යන්නේ…. ගතවූ මාසයට එක පනතක් හෝ යෝජනාවක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒ ගැන ඔවුන් ලැජ්ජා වෙන්න ඕනේ බහුතරයක් නැති කම සියල්ලට මුලයි.“ චමින්ද විජේසිරි කීය.

“ජාත්‍යන්තරය මේ ප්‍රශ්නය ගැන දැඩි ස්ථාවරයක ඉන්නේ අපිට ඉක්මණින් සම්බාධක වැටෙන අනතුරකුත් කියෙනවා… පොදු රාජ්‍ය මණ්ඩලය වැනි තැන්වලින් ලංකාව නෙරපන අනතුරකුත් අතලගලු… ඒ නිසා ඔක්තෝම්බර් 26 ට පෙර තිබුණු ප්‍රකෘර්ති තත්ත්වය යළි ඇති නොකළොත් ජනාධිපති, මහින්ද හා ඒ නඩය රටට කළ හානිය වෙනුවෙන් සමස්ත ජාතියටම වගකියන්න වේවි “ නවින් දිසානායක කීවේය.

“ මේ රටේ ජනමාධ්‍ය එක පැත්තක භූමිකාවක් රගපාන්නේ ඔවුන්ට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය එපා ද හොර නඩයක් ද ඕනෑ…. මේ රටේ සමාජ පසුබිම හා ආර්ථිකය මෙන්ම නිදහස අභියෝගයට ලක් වුනොත් ජනමාධ්‍ය ඒවා සමනය කරන්න ඉදිරිපත් වෙනවා විනා තවත් ව්‍යාකූල කරන්න උත්සාහ කිරිම ඉතා කණගාටුදායක තත්ත්වයක්“ හේෂා විතාන කීවේ එවැන්නකි.

“අවුරුදු තුනහමාරක් නිදහසේ හිටපු මාධ්‍යෙව්දින්ට මහින්දලා ආපු ගමන් ඊයේ කොටුව උසාවිය ඉදිරිපටදිම ගුටි කන්න වුනා… ජනමාධ්‍යෙව්දින් මේවා තේරුම් ගන්න ඕනා…. දැනි අපේ අගය තේරෙනවා ඇති….“ චමින්ද විජේසිරි කීවේය.

“දැන් අදත් හතර පස්වෙනි වතාවටත් ව්‍යාජ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාද කළාටත් පස්සේ ජනාධිපති සාධාරණ තින්දුවක් නොගත්තොත් මොකද වෙන්නේ….“ ලක්ෂ්මන් කිරිඇල්ල සෘජුවම ප්‍රශ්න කලේ අගමැති රනිල් ගෙනි.

“ මේ රටේ ආණ්ඩුව අපේ බව ජනසම්මතවාදිව හා සාමකාමිව අපි මේ වෙනකොට ඕනවටත් වඩා ජනාධිපතිට විතරක් නොවෙයි ලෝකය හමුවේම ඔප්පු කරලා අවසන්…. අදින් පස්සේ ජනාධිපතිවරයා නිසි තින්දුව නොගත්තොත් ජනතාව මේක අතට ගන්නා තත්ත්වයක් තියෙනවා. මහනුවරදී හා කලුතරදී වගේම රටපුරාම ජනතාව අපට බලකරන්නේ අපි වීදි බහිමු කියලායි…. මේ දුප්පත් රට තවත් ආරාජික වෙනවා ට… ලේ හැලෙනවාට… අපි විරුද්ධයි ඒ නිසා ජනාධිපතිවරයා නිසි තීන්දුවක් ඉක්මණින් ගනිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා…“ අගමැති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

“ ඊයේ මහින්දට ඉල්ලලා අස්වෙන්න කියලා ජනාධිපති ශ්‍රිලනිප මන්ත්‍රීවරු අත පණිවුඩයක් යැව්වාලු… මම අස්වෙන්නේ නැහැ… පත් කරපු එවුන් පුළුවන් නම් අස්කරපල්ලා කියලා මහින්ද ගෝෂාවක් දාලා ශ්‍රිලනිප කට්ටිය හරවා යැව්වා කියලාත් ආරංචියි.“ වජිර අබේවර්ධන කීවේ තමාට ලැබුණු නිශ්චිත තොරතුරක් මත පදනම් වෙමිනි.

ගොසිප්ලන්තය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *