රටම අරාජික කරලා විකෘතියක් බවට පත්කළේ ජනාධිපතිවරයයි – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

අපේ රටේ ආණ්ඩුවක් නැතිව කැබිනට් මණ්ඩලයක් නැතිව මාසයක් ගතවුණා. ආණ්ඩුව යැයි කියාගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම විසින් රටේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ආර්ථිකය, ජන ජීවිතය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය, බරපතළ වශයෙන් කඩාවැටිලා. විවිධාකාරයෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් ජනතාවගේ සියලූ ආදායම් මාර්ග කඩා වැටිලා. හතලිස් එක් ලක්‍ෂයක් වන පාසැල් ළමුන්ට පාසැල් නිළ ඇඳුම ලබාදෙන්න සැලූසුමක් නැහැ. මෛත‍්‍රී රනිල් ආණ්ඩුව නිළ ඇඳුම් දීම කප්පාදු කළා; අද වෙනකොට සෙල්ලම් ආණ්ඩුව ළමයින්ට නිළ ඇඳුම් ටිකත් අහිමි කරලා. ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායමේ ඇඳුම් ගැලවිලා. මෛතී‍්‍රපාල සිරිසේන බලෙන්, බලය හදාගන්න අටවපු සෙල්ලම් ආණ්ඩුවේ පීඩනය දැන් ජනතාවට දැනෙමින් තිබෙනවා.

මීට පෙර ආර්ථිකය ගැන, රුපියල කඩා වැටීම ගැන, බඩු මිල ඉහළ යාම ගැන විවිධ මත ඉදිරිපත් කරපු රාජපක්‍ෂ කණ්ඩායමේ බන්දුල ගුණවර්ධන අද ආර්ථිකය ගැන මොකද කියන්නේ? ඔක්තෝබර් 26වැනිදා රුපියල් 174ක්ව තිබූ ඩොලරය සෙල්ලම් ආණ්ඩුව හදලා මාසයක් ගතවන විට 182.27 දක්වා ඉහළ ගිහිල්ලා. දැන් බන්දුල ගුණවර්ධන අපෙන් අහනවා රුපියල කඩාවැටීම අතින් අල්ලලා නවත්වන්නද කියලා? රාජපක්ෂ කණ්ඩායම බලය අල්ලා ගත්තේ රටේ ආර්ථිකය හදන්න නෙවෙයි. දිව හැරෙන, හැරෙන ඕනෑ පැත්තකට වචන ප‍්‍රකාශ කරන, මාධ්‍ය ඉදිරියේ තමන් පවසන දේට කිසිදු වගකීමක් නැති, ජනතාවට වග නොකියන බන්දුලලා ජී.ඇල්ලා වගේ අයට අපේ රටේ පාලනය දිය යුතුයි කියලා ජනතාව පිළිගන්නවාද? අද අපේ රටේ මාධ්‍ය පවා නිරුත්තර වෙලා. මීට කලින් රුපියල කඩාවැටීම ගැන නිවුස් ඇලර්ට් එවපු මාධ්‍ය පවා අද ගොළු වෙලා. මොකද, අපේ රටේ බොහෝ මාධ්‍ය මේ සෙල්ලම් ආණ්ඩුව හදන්න සහාය දුන්නා. ප‍්‍රතිපත්ති නැති දේශපාලඥයින් පස්සේ ගිහින් ඇතැම් මාධ්‍ය අද අසරණ වෙලා. අපේ රටේ යහපත් දේශපාලනය වෙනුවෙන් සත්‍ය, සත්‍ය ලෙස දැකිය යුතුයි. රුපියල කඩා වැටීම නිසා අපි විසින් ගෙවිය යුතු ණය බර රුපියල්වලින් වැඩිවෙනවා. ආනයනික භාණ්ඩවල රුපියල්වලින් මිල ඉහළ යනවා. එනිසා මේ රුපියලේ කඩා වැටීම රටේ ආර්ථිකයට දරාගන්න පුළුවන්කමක් නැහැ.

සිංගප්පූරු ගිවිසුම ගැන රාජපක්‍ෂ කණ්ඩායම උද්ඝෝෂණ, සම්මන්ත‍්‍රණ කළා. වැඩවර්ජන පවා සංවිධානය කළා. නමුත් අද සිංගප්පූරු ගිවිසුම ගැන ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලා. බන්දුල ගුණවර්ධන කියනවා, සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ මොන හරකෙක්ද කියලා. අපිට බන්දුලගෙන් අහන්න තිබෙන්නේ එයා මොන වර්ගයේ සතෙක්ද කියලයි. එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප‍්‍රතිපත්ති, අරමුණු සියල්ල මත පදනම් වෙලා තමයි එවැනි ගිවිසුම් අත්සන් කළේ. මහින්ද රාජපක්‍ෂලත් අද බලෙන් බලය ලබාගෙන අනුගමනය කරන්නේ ඒ ප‍්‍රතිපත්තිම තමයි. පහුගිය කාලේ මහින්ද රාජපක්‍ෂලාම තමයි ජේම්ස් පැකර් ලංකාවට ගෙනාවේ. කැසිනෝ වීදි හදන්න, ගණිකා ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යාපෘති ගෙනාවේ මහින්ද රාජපක්‍ෂලා. ඒ නිසා එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට වඩා දශමයක හෝ වෙනසක් මහින්ද රාජපක්‍ෂලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිවල නැහැ. රාජපක්‍ෂ කණ්ඩායම බලෙන් බලය ලබාගෙන මාසයක් ඇතුළත ඔප්පු කළා ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිත් සමාන බව.

අද කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටිලා. නොවැම්බර් මාසයේ පමණක් විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් කොටස් වෙළඳපොළෙන් ඉවත්කරගෙන. ස්වෛරී බැඳුම්කර රුපියල් මිලියන 1804ක් කොටස් වෙළඳපොළෙන් ඉවත්කරගෙන. 2019 ජනවාරි 15 වනවිට අපේ රට විසින් ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවිය යුතුයි. 2017 දෙසැම්බර් මාසය වනවිට අපේ රට රුපියල් කෝටි දශ ලක්‍ෂ තිස් නමදාහක් ණයයි. ඉන් කෝටි හයලක්‍ෂ විසිඅට දාහක් ණය ලබාගෙන තිබෙන්නෙ රාජපක්‍ෂ පාලන කාලයේ. ලබන වර්ෂය සඳහා අයවැයක් නැහැ. ආණ්ඩුවක් නැතිව අයවැයක් සම්මත කරගන්න බැහැ. ලබන ජනවාරි මස ණය ගෙවීම අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කළ යුතුව තිබෙනවා එම ණය වාරිකය ගෙවන්නේ කොහොමද කියලා. ඒ වගේම පාසැල් නිළ ඇඳුම්, පෙන්ෂන් එක ගෙවීම, රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම කරන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා රටට පැහැදිළි කළ යුතුයි. තමන්ගේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකත්වය වෙනුවෙන් රටම අරාජික කරලා විකෘතියක් බවට පත්කළේ ඔහුයි.

මේ වෙනකොට අටවා ගත්ත කැබිනට් එක විවිධ ගනුදෙනු කරමින් තිබෙනවා. කොළඹ ජයබහලූ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු චීන සමාගම් දෙකකට ලබාදෙන්න සෙල්ලම් කැබිනට් එක තීන්දු තීරණ අරගෙන. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න තීරණය කොට තිබෙනවා. චීනෙන් ගත්ත ණය ගෙවන්න චීනයෙන්ම ණය ගන්න තත්වයකට පත්වෙලා. මේ විදිහට සෙල්ලම් ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව කිසිදු නීතියක් සම්මත කරගන්න බැහැ. රටේ ජන ජීවිතය උඩු යටිකුරු කරලා. පාසැල් දරුවට නිළ ඇඳුම නැහැ. ගොවියට පොහොර සහනාධාරය නැහැ. රාජ්‍ය සේවකයට වැටුප් නැහැ. පෙන්ෂන් එක නැහැ. මේ විදිහට රට අරාජික කිරීමේ වගකීමෙන් රාජපක්‍ෂලාට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. රාජපක්‍ෂලාට සහාය දෙන ජන කණ්ඩායම් පවා මුහුණ දෙමින් තිබෙන මේ අර්බුදයට වගකියන්නේ කවුද? පහුගිය කාලයේ ආණ්ඩුව මිල සූත‍්‍ර හදලා තෙල් මිල වැඩිකළා. තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව යමින් විවිධ ගිවිසුම් ගැහුවා. බඩුුමිල වඩිකළා. එජාප ආණ්ඩුවටත් ජනතාව ගැන හැඟීමක් තිබුණේ නැහැ. එජාප ආණ්ඩුවේ මුදල් ඇමති මංගල මිල සූත‍්‍රය ගැන ඇහුවම ජනතාවට විහිලූ සැපයූවා. අදත් ඒ පීඩනය එහෙමමයි. එමනිසා රනිල් වික‍්‍රමසිංහලාවත් මෛතී‍්‍රපාල සිරිසේනවත් මහින්ද රාජපක්‍ෂලාවත් ජනතාවගේ අර්බුදයට විසඳුම් දෙන්නේ නැහැ.

ලෝකයේ රටවල් දැන් අනෙකුත් රටවල්වලට අභියෝග කරන්නේ නැහැ. ඇමරිකාව පවා උතුරු කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සාකච්ඡුා කරනවා. එවැනි තත්වයක් තිබියදී අපේ රටේ සෙල්ලම් කැබිනට් එකේ ඇමතිවරු වෙන රටවල්වලින් අපිට වැඩක් නැහැ කියනවා. අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවර නැහැ. වෙන රටවල්වල තෙල්වලින් යැපෙනවා. බොහෝ යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වන්නේ පිට රටවල්වලින්. විශාල භාණ්ඩ ප‍්‍රමාණයක් ආනයනය කරනවා. අයවැය හිඟය පියවීමට පවා ණය ගන්නවා. එසේ තිබියදී අනෙකුත් රටවල්වලට අභියෝග කිරීම විහිළුවක්. 2019, 2020 වසරවලදී තමයි අපේ රට ගත්ත ණයවල වැඩිම ණය පොලී වාරිකය ගෙවන්න තිබෙන්නේ. ඒ වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට ණය ගිවිසුම් සමාලෝචනය කරනවා වෙනුවට ආර්ථික වැඩපිළිවෙළ සකස් කරගන්නවා වෙනුවට මෛතී‍්‍රපාල සිරිසේන විසින් වර්ෂ අවසානයේදී රටේ මුළු ශේෂ පත‍්‍රයම අවුල් කරලා දැම්මා. දෙසැම්බර් 31න් පස්සේ වියදම් කරන්න කිසිදු මුදල් ප‍්‍රතිපාදනයක් නැහැ. රට ඉතාම අස්ථාවර තත්වයකයි තිබෙන්නේ. මෛතී‍්‍රපාල සිරිසේනට එජාපයේ කැබිනට් එකත් එක්ක කරගන්න බැරිවුණු දේවල් මහින්දලා, බන්දුලලා එක්ක කරන්න පුළුවන්ද? එජාපය ආණ්ඩුව සමඟ ඉන්නකොට සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා කියන ජනාධිපතිගෙන් අපි අහනවා අද ඒගැන ස්ථාවරය කුමක්ද කියලා?
1950 අපේ රටේ අයවැය හිඟය රුපියල් මිලියන 163යි. 2005 සිට 2015 දක්වා පමණක් අයවැය හිඟය රුපියල් කෝටි 67,511යි. මහින්ද රාජපක්‍ෂට ආර්ථිකය හදන්න පුළුවන් කියනවා නම් ඔහුගේ පාලන කාලය තුළ පමණක් අයවැය ගිඟය මේ තරම් වැඩිවුණේ කොහොමද? 2015දී අයවැය ගිඟය රුපියල් කෝටි 23,823යි. එවැනි බරපතළ අයවැය හිඟයක් තිබෙන ආර්ථිකයකයි අපි ඉන්නේ. ඇතිවූ දේශපාලන අස්ථාවරය නිසා දේශීය ආයෝජකයෝ අස්ථාවර වෙලා. මේ වෙනකොට මහින්ද රාජපක්‍ෂගේ පරණ හොරු රැුල නැවත තනතුරුවලට පත්වෙමින් තිබෙනවා. තමන්ගේ පරණ පුරුදු රස්සාවල්වල නිරත වෙමින් තිබෙනවා. මේ තත්වය පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරක් ලබාදිය යුතුයි. මෛත‍්‍රීපාල සිරිසේනලා, මහින්ද රාජපක්‍ෂලා ඇතුළු දේශපාලන කුමන්ත‍්‍රණයට සම්බන්ධ සියලූ දෙනා අද රෙදි ගලවගෙන ඉවරයි. මහින්ද රාජපක්‍ෂට යම් ගෞරවයක් තිබුණා නම් දැන් ඒකත් ඉවරයි. මෛතී‍්‍රපාල සිරිසේනගේ දේශපාලන අනාගතය අවසන් වෙලා ඉවරයි. අපි ජනාධිපතිවරයාට කියනවා, අස්ථාවර කොට තිබෙන රට ස්ථාවර කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි කියලා.
ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ සහෝදරයා

බන්දුල ගුණවර්ධණලා දැන් කරන ප‍්‍රකාශ අනුව අපිට හිතෙන්නේ ඔවුන් නැවතත් ජනතාවට රුපියල් 2,500කින් කන්න දෙන්න හදනවද කියල? විළි ලැජ්ජා නැති දේශපාලනයක් නිසා අද රටම අරාජික වෙලා. මෙම දේශපාලන අස්ථාවරත්වය නිසා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම පිළිබඳව සාකච්ඡුාක් මතුවෙලා තිබෙනවා. එම සහනය නොලැබුණහොත් අපේ රටේ ආයෝජකයින්ට විශාල බලපෑමක් එල්ල වෙනවා. විශාල ලෙස රැුකියා අහිමි වීමේ අවදානමක් තිබෙනවා. ඒවගේම අද සංචාරක ක්‍ෂේත‍්‍රයේ විශාල කඩාවැටීමක් ඇතිවෙලා. නොවැම්බර් 01වැනිදා සිට සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් සාමාන්‍යයෙන් අපේ රටට සංක‍්‍රමණය වෙනවා. නමුත් අද රටේ තිබෙන අස්ථාවරත්වය නිසා සංචාරකයින් වෙනත් රටවල්වලට ඇදී යාම සිදුවෙලා. විදෙස් සංචාරකයින් විසින් කලින් වෙන් කරන ලද හෝටල් පහසුකම්වලින් 25%ක් අවලංගු කොට තිබෙනවා. මේ නිසා රටට ලැබීමට නියමිතව තිබූ විශාල ඩොලර් ආදායමක් අහිමි වෙලා. අද සංචාරක මණ්ඩලයේ සභාපතිවරුන් හතර දෙනෙක්ම තනතුරුවල නැහැ. ඒ වගේම කර්මාන්තකරුවන්ගේ ආයෝජන අකර්මන්‍ය වෙලා. ආණ්ඩුවක් නැති නිසාත් ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසාත් ඔවුන්ගේ ආයෝජන කි‍්‍රයාත්මක කරගන්න අවස්ථාවක් නොමැති වෙලා. එදා ආණ්ඩුවට චෝදනා එල්ල කරපු බන්දුල ගුණවර්ධණලා අද ආර්ථික අර්බුදය තමන්ට වාසි විදිහට විග‍්‍රහ කරන්න පටන් අරගෙන.

මේ අර්බුදය යටගහන්න ජනාධිපතිවරයා අලූත් තුරුම්පුවක් ගහන්න හදනවා. එජාප ආණ්ඩුවේ වංචා-¥ෂණ හොයන්න ජනාධිපති කොමිසමක් දාන්න හදනවා. එහෙම කොමිසමක් දාන එක හොඳයි. ඒවගේම පහුගිය කාලේ බරපතළ ¥ෂණ හොයන්න ඉදිරිපත් කරපු කොමිසම් වාර්තාවට, මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවට මොකද වුණේ කියලා ජනාධිපතිවරයා රටට පැහැදිළි කරන්න ඕනෑ. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා, එළියට නොදා ඉන්න බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. ඒක එළියට දාන්නේ නැත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අයත් ඒ ගනුදෙනුවේ ඉන්නවා. එජාපයේ නගරාධිපතිවරුන්ගේ දරුවන්ගේ නමත් ඒ වාර්තාවල තිබෙනවා. දැන් නම් කපලා වාර්තාව එළියට දාන්න හදනවා. ගනුදෙනුව සිදුවු මොහොතේ පමණක් රුපියල් බිලියන 15ක අලාභයක් සිදුවූ එම බැඳුම්කර ගනුදෙනුවේ සම්පූර්ණ අලාභය හොයන්න දෙවැනි කොමිසම දාන්න කියලා අපි ජනාධිපතිවරයාට කිව්වා. නමුත් ඒ කොමිසම තවමත් පත්කරලා නැහැ. සෙල්ලම් ආණ්ඩු හදලා රට අර්බුදයට ගියාට පස්සේ දැන් ජනාධිපතිවරයා වෙන වෙන සෙල්ලම් දානවා. අලූත් හොරු අල්ලන්න පරණ හොරු ලංකරගෙන හරියන්නේ නැහැ. අද මුළු රටම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵල බුක්ති විඳිමින් ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවා. සෙල්ලම් ආණ්ඩුව හදාගත්ත අලූත් කණ්ඩායම ඉතිරි ටික විකුණන්නේ කොහොමද කියලා පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට දැන් මේ කණ්ඩායම කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගන්න එකයි. ඔවුන්ට රටක් ඕනෑ නැති වුණාට ජනතාවට අපිට රටක් ඕනෑ. ඒ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ජනතාවගේ ජන ජීවිතය ස්ථාවර කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාමාර්ග ගන්නවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්්…

සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවේ කථා කළේ නැහැ කියලා මහින්ද රාජපක්‍ෂ කිව්වා. නමුත් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් කළා. දිනේෂ්ලා බන්දුලලා, මහින්දානන්දලා ඒ ගැන විවාද කළා. ඒ වෙලාවේ ඔවුන් කිව්වේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා තමයි, සිංගප්පූරු ගිවිසුමට වැඩියෙන්ම විරුද්ධ වුණේ කියලා. ජවිපෙ ලෙස අපිත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කළා. වෘත්තිකයින් සමඟ ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගත්තා. තමන් බලයට ඇවිත් පැය 24න් ගිවිසුම් අහෝසි කරනවා කියපු ඒකාබද්ධ විපක්‍ෂය අද මොකක්ද කියන්නේ? එදා ඊට එරෙහිව සටන් කරපු වෘත්තිකයෝ, සංවිධාන, වෛද්‍ය සංගම් අද තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගේ ඉන්නවා. ඔවුන්ගේ වුවමනාව ඇත්තටම සිංගප්පූරු ගිවිසුමට විරුද්ධවීම නොවෙයි. කෙටි මාර්ගයකින් බලය ලබාගැනීමයි. කෙසේ වුවත් සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන්ට පිටින් ගිහිල්ලා. ඒ නිසා එම ගිවිසුම නැවත පාර්ලිමේන්තුවේ සළකා බැලිය යුතුයි. එදා මලික් සමරවික‍්‍රමලා අත්සන් කරපු ගිවිසුම අද කි‍්‍රයාත්මක කරන්න බැඳිලා ඉන්නේ බන්දුල ගුණවර්ධනලායි.

කථානායකතුමා වැරදි නම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. නමුත් අද ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම තාත්තා එක්ක තරහා වෙලා ගෙදර එන්නේ නැති ළමයි වගේ. කතානායක එක්ක තරහා වෙලා පාර්ලිමේන්තුවට නෑවිත් ඉන්නවා. කථානායකතුමා වැරැුද්දක් කරලා තිබෙනවා නම් ඒක විසඳා ගන්න වෙන්නෙත් පාර්ලිමේන්තුවට ඇවිල්ලාම තමයි. ඒ වගේම ඔවුන් දැන් කියනවා, පාර්ලිමේන්තු හැන්සාඞ් කූඨ ලෙස හදලා කියලා. අපේ රටේ පාර්ලිමේන්තුව කවදාවත් ව්‍යාජ හැන්සාඞ් නිකුත් කරලා නැහැ. ඒවා මුද්‍රණය කරන්නේ රජයේ මුද්‍රණාලයේ. එම හැන්සාඞ්වල වැරදි දේවල් තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේදීම තමයි. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගෙන් ඡුන්දයෙන් තමයි ඒ සියල්ල සිදුකළ යුත්තේ. බහුතරය නැති නිසා රාජපක්‍ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැතිව තැන තැන විවිධ කතා හදමින් ඉන්නවා.

මහින්ද රාජපක්‍ෂලාට රාජ්‍ය බලය නැතිව මැතිවරණ කරලා පුරුද්දක් නැහැ. ඔවුන්ට මැතිවරණයකට යන්න රාජ්‍ය බලය ඕනෑ. ඒ නිසා තමයි, බලහත්කාරයෙන් ආණ්ඩුවක් හදාගත්තේ. එහෙම නැතිව බන්දුල ගුණවර්ධනලා, විමල් වීරවංශලා ඇමතිකම් අරගෙන මාස දෙකෙන් රටට වැඩක් කරන්නද මේ හදන්නේ? අපි මහින්දට කියනවා, පුළුවන් නම් හෙලිකොප්ටර් නැතිව ගමන් බිමන් යන්න කියලා. රාජ්‍ය සම්පත් නාස්ති කරන්නේ නැතිව වැඩ කරන්න කියලා. පහුගිය මාසෙටම මහින්ද රාජපක්‍ෂ රටට කරපු දෙයක් තියෙනවද? ඔහු කරපු එකම දේ රේගුවෙන් ඩොලර් මුදලක් නිදහස් කරන්න ලියුමකට අත්සන් කරපු එකයි. ඒකද රටේ වැදගත්ම ප‍්‍රශ්නය වුණේ? මේ විදිහට මුදල් ඇමති කෙනෙක් පීචං වෙනවද? මේ වගේ ආණ්ඩු ජනතාවට මොකටද? මේ මාසය ඇතුළේ විතරක් ජාතික පාසැල්වලට අලූතින් කොපමණ ළමයි ඇතුළත් කරලද කියලා හොයලා බලන්න කියලා අපි මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා. ඒ වගේම පහුගිය කාලය ඇතුළත අමාත්‍යාංශවලට කොපමණ වාහන ගෙනල්ලද කියලා හොයලා බලන්න ඕනෑ. දැන් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම මේ සියලූ දේවල් කරන්නේ මැතිවරණයකට සූදානම් වීම් හැටියටයි. රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් අවභාවිත කරලා මැතිවරණයක් කරනවාට අපේ රටේ ජනතාව එකඟද?

මනෝජ් රූපසිංහ

ස්තූතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *