ඇමතිකම් දෙන ඉක්මනට වඩා වේගයෙන් ජාතික ප‍්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

Chandraguptha-Thenuwaraජනවාරි 8 වෙනිදා 63 ලක්‍ෂයක ජනතාවක් එකහෙලාම කියා සිටියේ මේ දූෂණ, වංචා, නීති විරෝධි ක‍්‍රියා, මිනී මරුම්, ජාතික අපරාධ කළ පුද්ගලයන්ට දඬුවම් දියයුතුයි කියන එක. එහි ප‍්‍රමුඛ සිද්ධියක් තමයි ඇවන්ගාඞ් සිද්ධිය.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ, දෘෂ්‍ය කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා එසේ ප‍්‍රකාශ කළේ ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් පුරවැසි බලය කැඳවූ විශේෂ මධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමිනි.

අපි හිතාගෙන හිටියේ ජාතික ආණ්ඩුවක් පත්වුණාම, ජාතික අපරාධ යටයන එකක් නැහැ කියල. දැන් බැලූවම ජාතික ආණ්ඩුව අස්සේ ඒ කතාබහට ජාතික බපාපොරොත්තු ඔක්කොම යට කරල, මැතිවරණ දෙකක් හරහා මතුවෙච්ච කාරණා ගණනාවක් තියෙනව. ජනවාරි 8 වෙනිදා ත් අගෝස්තු 17 වෙනිදා ත් අතර විවිධාකාර සොයා බැලීම් ගණනාවක් කළා.  මේවා නිකම්ම සොයා බැලීම් නෙවෙයි. පුර වැසියන්ගේ උවමනාවට, මේ රටේ විවිධ පීඩාවට පත් පුද්ගලයන්ගේ පැමිණිලි අනුව, තමයි ඒවා ක‍්‍රියාත්මක කළේ. නැතුව යුද්ධය දිනපු සෙන්පතියා අකුලගෙන ගිය ආකාරයට නෙමෙයි. ඔහුට විරුද්ධව කැලෑ නීතියක්, රටේ නැති නීති පැනවීමක් නෙමේ. නැත්නම් සමහර ඇමතිවරු  ටේප් රැුකෝඩර් කිහිල්ලෙ ගහගෙන ඇවිල්ලා පටිගත කළායැයි කියන සාක්කි විමසූ නඩු විභාග නෙවෙයි.

ඒවගේ කුප‍්‍රකට ආකාරයේ දේවල් කරන්න නෙවෙයි ජනවාරි 8 වෙනිදයින් පස්සේ  අතිවෙච්ච ක‍්‍රියා මාර්ගය තුළ අපි සහයෝගය දුන්නේ සහ අපි අපේක්‍ෂා කෙරුවෙ. ඒ නිසා ඒ සියලූම ගවේෂණ හා ඉදිරියට කරන්න නියමිත සියලූම ගවේෂණ  යට යන්න ඉඩ දෙන්න කිසිම ආකාරයකින් හැකියාවක් නෑ. එය හුදෙක් ඡුන්ද පොරොන්දුවක් පමණක් නොවෙයි. මේ පිටිපස්සේ ජනවාරි 8 වෙනිදා 63 ලක්‍ෂයක ජනතාවක් හිටියා. ඔවුන් එකහෙලාම කියා සිටියේ මේ දූෂණ, වංචා, නීති විරෝධි ක‍්‍රියා, මිනී මරුම්, ජාතික අපරාධ කළ පුද්ගලයන්ට දඬුවම් දියයුතුයි කියන එක. එහි ප‍්‍රමුඛ සිද්ධියක් තමයි ඇවන්ගාඞ් සිද්ධිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට, අපේ අනෙක් ප‍්‍රජාව හැටියට හිටිය ශිෂ්‍යයො හැමෝම විරෝධය පෑවා මේ රක්නා ලංකා විශ්වවිද්‍යාලය තුළට ගෙනඑන වෙලාවෙ. ඇයි කුමන පදනමක් ද මේ අවශ්‍ය වුනේ කියල. මීට කලින් විශ්ව විද්‍යාල ආරක්‍ෂා වෙලා තිබුණෙ නැද්ද? ඔවුන්ට දේශපාලන වශයෙන් ඒ අවකාශය පාලනය කරන්න තමයි එහෙම දේවල් හැදුවෙ. ඊට පස්සෙ බැලූවාම පේනවා මොන විදිහකින් හරි ලංකාවේ මිනිස්සුන්ගෙ ඡුන්ද මංකොල්ල කන්නත්, ඔවුන්ට තර්ජනය කරන්නත්, කැලෑ හමුදාවක් පවත්වාගෙන යන්න තමයි මේවා ක‍්‍රියාත්ම කරල තියෙන්නෙ.

ගිනි අවි තබාගන්න කිසිවෙකුට අයිතියක් නෑ. අවසර සහිත ආයතන කිහිපයයි තියෙන්නේ. ආරක්‍ෂක හමුදාව සහ සාමය රකින පොලීසිය. මේ පොලීසිය යටතේ තියෙන බුද්ධි අංශවලට තියෙනවා. ඒ වගේම හමුදාවක් යටතේ තියෙන බුද්ධි අංශවලටත් තිබෙනවා. ඒ ඇරුනාම කිසිවෙකුට ආයුධ දැරීමේ අයිතියක් නෑ. අපිට පේනවා ගිය වකවානුවෙ, ජනවාරි 8 ට පෙර විවිධ ආකාරයෙන් අනුන්ගෙ පිස්තෝල අරගෙන, විවිධ වාහනවලට දාලා, දේශපාලන දඩයම් හැටියට හංවඩු ගැසීමට සූදානම් වූ ආකාරය. ඒ නිසා මේ අපි ඉල්ලා සිටින්නේ එහෙම දඩයමක් කරන්න නෙමෙයි.

මේ රටේ ජනතාවගේ බදු මුදල් වලට වංචා කරමින්, ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව, රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වන පරිදි, ඉතාම රහසිගත සංවිධානයක් හැටියට පවත්වාගෙන ගිහිල්ලා, හදිසියේ හෙළිදරව් වුණ දෙයක් තමයි මේ සිද්ධිය. ඒ නිසා මංකොල්ලකාරයන්ට වඩා නොදෙවෙනි කණ්ඩායමක් තමයි මේක. මක්කොල්ලකාරයන් වලක්වන්න වෙනත් මංකොල්ලකාරයන් හැටියට තමයි මේ සිද්ධිය තියෙන්නේ.

මේවා යටපත් කරන්න නීතිපති වරුන්ට හෝ වෙන කිසිවෙකුටත් ඉඩදෙන්න විදිහක් නෑ. ඒ නිසා මේවර විරුද්ධව අපි එළියට බැස්සේ හු`ගක් ඉස්සර ඉඳලා,  මහින්ද රාජපක්‍ෂ කියන ඒකාධිපති පාලකයාගේ කාලයේ ඉඳලා.  ඔහුගේ කාලයේ ඉඳලා මේ දූෂණ වංචා අකටයුතුකම් කරන හැම වෙලාවෙම අපි එළිබට බැස්සා. ජනතාව අවධි කළා. ඒ නිසා එසේ අවධි කළ හඬ මේ යහපාලනයක් හෝ සම්මුතිවාදයක් යටතේ අපිට නිහඬව තියාගෙන ඉන්නට බැහැ. ඒ නිසා අපි කියන්නේ, ඔවුන් දුන්න පොරොන්දු තියනව. ජනාධිපතිවරයා දුන්න පොරොන්දු තියෙනව. අගමැතිවරයා දුන්න පොරොන්දු තියෙනව. ඒවා ඉෂ්ඨ කරන්න. ඒවාට බාධා කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නව නම් ඔවුන් පිළිබඳව විමර්ශන පවත්වන්න. විමර්ශන පවත්වලා අපි ඉල්ලා සිටින පරිදි වහාම ජනාධිපති කොමිසමක් පත්කරන්න. ඒ පහුගිය කාල වකවානුවෙ, අවුරුදු 20 ක විතර කාලය තුළ කොමිෂන් පත්වෙච්ච විදිහට නෙමේ. කොමිසමක තීරණයක් වහන්න තවත් කොමිසමක් පත්කිරීම ආදී වශයෙන් නෙමෙයි. ඉතා ඉක්මනින්, සීඝ‍්‍රයෙන් තීන්දු ගත හැකි කොමිසමක්.

ඒ සඳහා රටක නීතිගරුක ආකාරයෙන් ක‍්‍රියාත්මක කළ හැකි විවිධ ක‍්‍රමවේදයන් තියෙනව. අපි කියන්නේ නීතියට පිටින් යාමක් නෙමේ. අපි බලකරන නිසා කිරීමක් නෙමේ. නීත්‍යානුකූලව, මේ රටේ නීතියේ ආධිපත්‍ය රකිනවා කියන රජය යටතේ. එයට නින්දා අපහාස කිරීම, නැත්නම්  එයට අගරු කිරීමට මේ රටේම තියෙන නීතිමය ආයතනයකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ වහාම මෙයට මැදිහත් විය යුතුයි. ඒ නිසා කියපු දේවල්, පොරොන්දු වූ දේවල් හරියටම ඉෂ්ඨ කරන්න. ඒ විතරක් නෙමෙයි කිසියම් ආකාරයකින් දැන් සැකයක් ඇති වෙනවා වැහෙන නඩු වල ස්වභාවය ගැන. ඒ වැහෙන නඩු සාමාන්‍ය මිනිහෙක්ගෙ දුප්පත් කමට කරපු අපරාධයක් ගැන නෙමෙයි. එහෙම නැත්නම් එහෙම හොරකමක් ගැන නෙමයි. ඒ නඩු කවදාවත් වැහෙන්නෙ නෑ. අවුරුදු ගණන් විසි තිස් ගණන් ඇදගෙන යනවා. ඒ මිනිස්සු නැත්තටම නැතිවෙනකල්. ඒවට සමාවන් මොකුත්ම නෑ. ඔවුන්ට දඬුවම පමණයි උරුම.

කේ.පී. දෙපැත්තකට සහයෝගය දක්වපු කෙනෙක්. එක අතකින් ත‍්‍රස්වාදයට අනිත් පැත්තෙන් රාජපක්‍ෂ ත‍්‍රස්තවාදයට. දෙකටම සහයෝගය දක්වපු පුද්ගලයෙක්. ඒ නිසා ඔහු දෙපැත්තකින්ම වගකියන්න අවශ්‍යයි. ඒ නිසා ඒ දේවල් අපිට නිසියාකාරයෙන්, විවෘත අධිකරණ ක‍්‍රියාවලියක් තුළ අහන්න බලන්න අවශ්‍යයි. සිද්ධ වෙන්නෙ මොනවද කියලා දැනගන්න අවශ්‍යයි. වහපු උසාවි වල නෙමෙයි. මාධ්‍යවේදීන්ට මේ පිළිබඳ වාර්තා කිරීමේ අයිතිය සලසමින්, ඒ හරහා අපිටත් සිද්ධ වෙන්නෙ මොකක්ද කියල දැනගැනීමට හැකියාව තියගෙන තමයි මේ සියලූම ක‍්‍රියාමාර්ග කරන්න  ඕනැ. ඒ නිසා ඒ විවෘත භාවයෙන් යුතුව වහාම මැදිහත් වෙන්න.  ඒ නිසා අවශ්‍ය නම් ‘දිගින් දිගටම, මීට වඩා වැඩිදුර ක‍්‍රියාමාර්ග, සියලූම ආකාරයේ දේවල් කිරීමට පුරවැසිබලයත්, ඒ හා සිටින සියලූම සංවිධානත් පසබට වෙන්නෙ නෑ’ කියන එක තමයි අපිට කියන්න වෙන්නෙ. ඒ නිසා අපි කැමතියි.

මේ මාස 60, මේ වැරදි සංස්කෘතිය වෙනස් කරගැනීමට, නිවරැදි කර ගැනීමට යොදන්න. ඒ මාස 60 න් මාස 24 ක පොරොන්දුවක් තියෙනව ජාතික ආණ්ඩුවක් කියල. ඒ පොරොන්දුව තුළවත් අඩුතරමේ නීතිය රජකරවීම ගැන ජාතික සම්මුතියක් තියෙන්න  ඕනැ. මේ සම්මුතියේ දී බාධාවන සියලූම ආයතන, පුද්ගලික වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුලූවන් ඇයි එහෙම බාධා පමුණුවන්නේ කියලා හොයා බලන්න අවශ්‍යයි. අපි ඉල්ලා සිටිනවා මේ සඳහා අවශ්‍ය සියලූම ක‍්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගන්න අවශ්‍යයි, ඇමතිකම් දෙන තරමට ඉක්මනට වඩා වේගයෙන් විසඳුමක් අවශ්‍යයි.

අපි දන්නවා මීට කලින් 2002 දී රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, මන්ත‍්‍රී වැටුපටයි ඇමතිවරු පත්කෙරුවෙ. ඒ නිසා අපි දන්නෙ නෑ මේ ඇමතිවරුන්ට මන්ත‍්‍රී වැටුපට ඔබ්බෙන් ගිය දෙයක් තියෙනවද කියල. එතනත් වැය වෙන්නෙ ජාතික මුදල්. ඒ නිසා ඒ පිළිබඳවත් විමර්ශන කළ යුතුයි. ඒ පිළිබඳවත් හෙළිදරව් කළ යුතුයි කොහොමද මේවා වෙන්නෙ කියන එක ගැන. ඒ එක්කම අපි මේ අපරාධය එෆ්. සී.අයි.ඞී. එක වෙන්න පුළුවන්, නැත්නම් අනෙක් සියලූම නීතිගත ආයතන හරහා ඇති වෙච්ච දේවල්. අපි කියන්නේ දේශපාලකයන්ට පමණක් නෙමේ දඬුවම් ක‍්‍රියාත්මක කළ යුත්තේ. රාජ්‍යයන්ට බැඳි පුද්ගලයන්ට පමණක් නෙමේ, ඊට අනුග‍්‍රහය දැක්වූ  ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව ක‍්‍රියාකළ යුතුයි.

කලාකරුවෙක් වුනත් ගීතයක් ගායනා කරලා අයථා විදිහට මුදල් ලබා ගත්තා නම් ඒකටත් විමර්ශනයක් අවශ්‍යයි. කිසියම් විදිහකට රාජ්‍ය මුදල් අරගෙන චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළා නම්, ඒකටත් මොකද වුනේ කියල විමර්ශනයක් අවශ්‍යයි. ඒ නිසා මේක හුදෙක්ම දේශපාලන පළිගැනීමක් නෙමේ. සෑම පුරවැසියෙක්ම මහජන මුදල්, තමන්ගේ නොවන රාජ්‍ය මුදල් වැය කිරීමේ දී ඒ ප‍්‍රතිපත්තිය කොහොමද කළේ. ඒ වියදම කළේ කොහොමද? එයින් ජනතාවට ලැබුනු ප‍්‍රතිලාභය කුමක්ද? කියන කාරණයත් විමසිය යුතුමයි. ඒ නිසා මෙබඳු අපරාධ තව දුරටත් සිදුවීමට දිය නොහැකියි. අපිට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ සැක සහිත බලාපොරොත්තුවකින් තමයි ඉන්න වෙන්නේ. ඒ සැකය වර්ධනය වෙන්න ඉඩ තියන්න දෙන්න එපා. ඒක තමයි අපි මෛත‍්‍රී පාලනයෙනුත්,  එයට අනුගත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලනයෙනුත් ඉල්ලා සිටින්නේ. අපිට තියෙන්නේ ජනාධිපති ප‍්‍රමුඛ හා අගමැති ප‍්‍රමුඛ රාජ්‍යයක් සහ ආණ්ඩුවක්. ඒ රාජ්‍යයෙන් සහ ආණ්ඩුවෙන් දෙකෙන්ම අපි ඉල්ලා සිටිනවා ඒ විදිහට වැඩකටයුතු කරන්න කියල.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *