ජනාධිපති තාත්තා

අපේ තාත්තාට බකිංහැම් මාලිගයට යාමට අවස්තාවක් උදාවීම තාත්තා මහත් අමන්දානන්දයට පත්වූ අවස්තාවකි..
මොන රාජකාරියක් තිබුනත් හරියටම රෑ 10ට නිදන තාත්තාට බකිංහැම් ගමනට කලින් සතියක් පුරාම නින්ද ගියේ නැත..  එලිවෙනතුරුම ගේ පුරා ඇවිදිමින් බකිංහැම් මාලිගය තුලදී පරිස්සමින් ඇවිදින්න පුරුදුවන තාත්තා දුටු විට මට තාත්තා ගැන අනුකම්පාවක්ද ඇතිවිය..
තමුන් අතින් යම් වැරදීමක් වී රැජිනගේ උදහසට ලක්වීමට ඇතැයි තාත්තා බියවී සිටියේය..
ලංකාව තවදුරටත් යටත්විජිතයක් නොවන බවත් තමන් රාජ්‍යනායකයෙකු බවත් තාත්තාට මතක්වූයේ නැත.
තාත්තා ඒ තරමටම සරලය..
අවසානයේදී තාත්තාගේ ඒ ලොමුදැහැගැන්වෙන බකිංහැම් ගමන නිමාවී තාත්තා ගෙදර පැමිනියේය.. රැජින අත්මේස් ගලවා අතට අතදීම ගැන පිස්සුවෙන් මෙන් කියවූ තාත්තා ඒ ගැන හීනෙන් කියවීමටද අමතක කලේ නැත..
තාත්තාගේ බකිංහැම් මාලිගයේ කතා අතරින් මගේ සිත වඩාත්ම ඇදීගියේ රැජින සමග රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ සිදුවීමයි.
ඒ රාත්‍රී භෝජන සංග්‍රහයේදී තාත්තාට අසුන් පනවා තිබුනේ රැජිනගේ අසුනට වම්පසිනි.
මෙය තමාට කල මහා ගෞරවයක් බව තාත්තාගේ අදහස විය.
රාත්‍රී භෝජනය සඳහා පිලිගන්වා තිබූ ආහාර අතර බේක්ඩ් බීන්ස් නම් ආහාරය තිබෙනවා තාත්තා දැක ඇත. තාත්තා බේක්ඩ් බීන්ස් කෑමට ඉතා ප්‍රියමනාපය.
ඉතින් තාත්තා හිතේහැටියට බේක්ඩ් බීන්ස් අනුභව කර ඇත.
අපේ තාත්තාට ඇටවර්ග තම්බා කෑමෙන් පසු බඩ පුරවා දැමීම කුඩාකාලයේ සිටම පවතින තත්වයක් බව ආත්තම්මා මා සමග කියාතිබේ..
මෙය සමනය වන්නේ එක දිගට පඩ ඇරීමෙන් පසුව බව අපි අත්දැකීමෙන්ම දනිමු.
තාත්තා උදේට කොස් ඇට තම්බා කනදවසට අපි ගෙදර එන්නේ රෑ දහයෙන් පසුවය ..
බකිංහැම් මාලිගයේ බේක්ඩ් බීන්ස් කෑවායින් පසුව තාත්තාගේ බඩ ගෑස්පිරවූ බැලුමක් මෙන් පිම්බෙන්නට පටන්ගෙන ඇත.
දැන් එලඹෙන්නේ පඩ ඇරීමේ වාරයයි.
නමුත් රැජින අසලට වී පඩ ඇරීමට තාත්තා සිහිනෙකින්වත් සිතන්නේ නැත..
තාත්තා මෙසේ ඇඹරි ඇඹරී ඉන්නාවිට කොහේදෝ සිට දුව ආ රැජිනගේ සුරතල් බල්ලා තාත්තාගේ පුටුව යටට රිංගුවේය.
එයදුටු රැජින බල්ලා වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලා සිටියාය.
එවිට තාත්තාට ගණදෙවි නුවනක් පහලවිය.
තාත්තා කල්පනා කලේ පඩයක් ඇර එය අර බල්ලාගේ පිටින් යැවීමටයි..
ඒ සඳහා මුට්ටිය දමා බැලීමක් ලෙස තාත්තා වැඩ් හඬක් නොනැගෙන සේ පුංචි පඩයක් යවා ඇත..
එය ඇසුන වහාම රැජින තාත්තා දෙස බලා..
” පකින් ඩෝග් …” කියා ඇත.
මෙය කිව්වේ බල්ලාටද තාත්තාටද කියා තාත්තාට පැහැදිලි නැත..
ඒ නිසා ටික වේලාවකින් දෙවෙනි අත් හදාබැලීමක් ලෙස තාත්තා කලින් පඩයට වඩා ටිකක් සැර වැඩි පඩයක් යවා නොදන්නා ගානට සිටියේය .
ඒ පාර රැජින කෙලින්ම බල්ලා දෙස බලා..
“ගෙට් ද පක් අවුට් ප්‍රොම් හියර් යූ ස්ටුපිඩ් ඩෝග්” යනුවෙන් සැරකලාය..
දැන්නම් පඩේ වැටෙන්නේ බල්ලාගේ ගිනුමට බව තාත්තාට  සහතිකය.
ඉතින් තාත්තා ඉතාමත් නිදහසේ මහා සද්දෙන් පඩ වැලැක්ම ඇරියෙය..
එවිටම
“ඈ බොල ගොන් බල්ලො මම තොට කීපාරක් කිවවද ඔතනින් චුත වෙයන් කියල..
පෙන්නෙ නැද්ද මේ මිනිහ පඩින හැටි.. මේ ඇරිල්ලේ හැටියට ඕකා උඹේ ඇඟටත් රීලයි නවත්තන්නෙ…”
කියමින් රැජින පුටුවයට සිටිය බල්ලාට පයින් ගසා එලවා දැම්මාය.

– ජනාධිපති තාත්තා –

😂😂😂😂
ජනක එදිරිසිංහ #ජනකවිකාර
Janaka Edirisinghe

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *