රවීන්ද්‍ර විජේගුණරත්නගේ නාවික හමුදා නිලධාරීන් අධිකරණයේදී මාධ්‍යවේදියකුට පහර දෙයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදුන් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සන්ඩේ මෝනිං පුවත්පතේ ඡායාරූප ශිල්පී ඉන්දික හඳුවෙල සහ තවත් මාධ්‍යවේදියෙකි. ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් සිවිල් ඇඳුමින් සැරසී සිට එම පහරදීම කළ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් ස්වල්ප වේලාවකින් නියෝජ්‍ය පොලිස්පතිවරයකු අදාළ පොලිස් නිලධාරීන් අමතා නියෝග කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දෙදෙනා වහාම නිදහස් කරන ලෙසයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සහායට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වේ. අධිකරණ භූමියෙන් පිටතට පැමිණ පිටව යාමට සැරසෙන අවස්ථාවේදී ඔහු සමඟ සිටි නාවික හමුදා නිලධාරීයකු යැයි සැකකරෙන පුද්ගලයකු විසින් එතැන සිටි මාධ්‍යවේදීන්ට පහර දී තිබේ.

ගලගමගේ ලක්සිරි මහතාට පහරදීමේ සිදුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පස්වරු 2.15ට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර එතෙක් අධිකරණ කටයුතු කල්තබා තිබිණි. අධිකරණ කටයුතු පස්වරු 2.15 දක්වා කල් තැබුණු අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයෙන් පිටතට පැමිණ ඇති අතර ඒ මොහොතේ මෙම ප්‍රහාරය සිදු වී ඇති බවයි පැවසෙන්නේ. එහිදී එම නාවික හමුදා පිරිස විසින් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඡායාරූප නොගන්නා ලෙස මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බව ද සඳහන්. නිල ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණියේ කුමක් නිසාදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී තමන්ට විත්ති කූඩුවට නැඟීමට සිදුවනු ඇතැයි තමන් නොසිතූ බව ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසා ඇතැයි වාර්තා වේ. පහරදීම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

https://www.facebook.com/yukthiyalk/videos/332348790891307/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *