සිරිසේන මරන්න ඉන්න අයවම අගමැති කරනවා නම් මාවත් අගමැති කරන්න බැරි ඇයි..? – සභාව සිනාගන්වමින් ෆොනී අසයි

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.27, ප.ව.10.00) මෛත්‍රීපාල සිරිසේන එදා තමන්ම මරන්නට සිටියා යැයි කියා චෝදනා කළ මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නා නම් අද ඔහු කියන අන්දමට ඔහුව මරන්න සිටියා යැයි කියන මට අගමැතිකම නොදෙන්නේ මන්දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු සභා ගැබ සිනහා ගන්වමින් විමසීය. අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමද හොර ආණ්ඩුව විසින් වර්ජනය කළ අතර එහිදී ප්‍රකාශයක් කරමින් ෆොන්සේකා මහතා එලෙස කීවේය.  ඊට පෙර ඔහු කතානායකතුමාට කියා සිටියේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමාව සම්බන්ධ කරමින් ගෙන යන ප්‍රචාරය ගැන වහාම පොලිස්පති කැඳවා පරීක්ෂණයක් කරන්නැයි නියෝග කරන ලෙසයි. ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය පහතින්

—————————

lankaenews

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *