මරා සිරා කුමන්ත්‍රණයට මාසයයි..! රනිල් ඉවත් කිරීම, කැබිනට්ටුව විසිරුවීම, මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථාවට පටහැනියි..! ජනාධිපතිගේ හිටපු මාධ්‍ය නි. අධ්‍යක්ෂකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

 සිරා-මරා එකතුව ඔක්. 26 වෙනිදා සිදුකළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රථම වරට කුමන්ත්‍රණයට මාසයක් සපිරෙනවාත් සමග මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ. උන්මත්තක සිරිසේන ජනාධිපතිගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙකී මූළික අයිතිවාසිකම් පෙත්සමින් අගමැතිවරයා ලෙස ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමත්, තිබූ නීත්‍යාණුකූල කැබිනට් මණ්ඩලය විසිරුවා හැරීමත්, නව අගමැතිවරයෙකු යයි කියා ගන්නා ලද මහින්ද රාජපක්ෂ පත්කිරීමත් යන කාරණා තුන සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නියෝගයන් 3 විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ඕෂල හේරත් මහතා ඉදිරිපත් කරන ලද පෙත්සම් වල දැක්වේ.

නීතිපතිවරයාද කතානායකතුමා ඇතුළු සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඉහත ගැසට් 3 අවලංගු කිරීම කරන ලද පත්වීම් වාරණය කිරීම ඇතුළු සහන 18 ක් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඕෂල හේරත් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ තමා ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවට අනුකූල යැයි කියා සිටිමින් ඊට උදාහරණ ලෙස පෙන්වා දුන්නේ මෙතෙක් කිසිවෙකු එකී ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවට පටහැනි යයි අධිකරණය ඉදිරියේ අභියෝග කර නැතැයි කියා බැවින් තමා අධිකරණය හමුවේ එකී ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවට පටහැනි බවට අභියෝග කළ බවයි. ඔක්.26 දා සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් මසක් ඇතුලත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ යුතු බැවින් හරියටම අවසන් දිනයේ තමා විසින් මෙකී පෙත්සම අධිකරණයට ඉදිරිපත් කෙළේ යැයිද ඕෂල හේරත් මහතා පැවසීය.

 

ලංකා ඊ නිව්ස්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *