එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි – බ්‍රිටෝ ප්‍රනාන්දු

එක අතිකින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි කියල හිතෙනව මට වෙලාවකට. අපි ඔවුන්ට කිව්වා හොරුන්ව හිරේ දාන්න කියල. මිනී මරුවන්ව හිරේ දාන්ඩ කියල. එකෙක් හිරේ දැම්මේ නෑ අවුරුදු ගාණක් ගත්තා. එකෙක් හිරේ දැම්මේ නෑ. හරි නම් මහින්ද ඉන්න ඕනෙ හිරේ. අපි නෙමෙයි කියන්නේ. සරත් එන් ද සිල්වා නඩු අහලා, හෙල්පින් හම්බන්තොටින් මිලියන ගණනක් මහින්ද හොරකම් කෙරුවට පස්සෙ එයා මහින්ද නිදොස් කරල ඊට පස්සෙ ඇවිදිල්ලා කිව්වා, මං වැරැද්දක් කළා, මේ උසාවියෙදි මම මහින්දව නිදහස් කළා ඒ අපරාදෙන් කියල. මහින්දව හිරේ දාන්න ඕන තරම් ඉඩ තිබුණා. මහින්දගෙ පවුලෙ එවුන්ව බැසිල්ව, ගෝඨාභයව හිරේ දාන්න ඕන තරම් ඉඩ තිබුණා. ඔය කෑගහන විමල් වීරවංශගෙ ඉඳලා හැම එකාම ප්‍රජාතන්ත්‍රවාදි විදිහට හිරේ දාන්න ඕනතරම් ඉඩ තිබුණා. අපි එහෙම බලාපොරොත්තු උනාද නැද්ද? යූ.එන්.පී. ආණ්ඩුව ඒක කළේ නැහැ. ඒකේ කරුමෙ ගෙවන්නෙ අද අපි. හොරු මිනීමරුවො එළියෙ ඉන්දි මීට වඩා දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ.

දොස්ර රාජිත සේනාරත්න ගිහිල්ලා ඡන්දෙට පහුව දා පැමිණිල්ලක් කළා. කෝ ඒ පැමිණිල්ල. කෝ ඒ පැමිණිලෙ විභාගෙ? ඒ කාලකණ්නි කමේ වේදනාව, ඒ කාලකණ්නි කමේ විපාක අපි අද භුක්ති විඳානවා. ආපහු මහින්ද රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා අද අපෙන් අහනව ඇල්ලුවද? ඇල්ලුවද? කියලා. එහෙම අහද්දි අපි මොකද කරන්නෙ?

මහින්දගෙ නැද්දම්මා ඩේසි කියපු කතාවක් මතකයිනෙ. රෝහිත රාජපක්ෂට ඉඩමක් අරන් දෙනවා නැන්දම්මා. අල්ලස් එකෙන් අහනවා කොහෙන්ද ඉඩම් ගන්න සල්ලි කියල. එහෙම මම හිටිගමන් ලක්ෂ පණහක් හැටක් වියදම් කරපුවාම ආදායම් බදු එකෙන් අල්ලස් එකෙන් අහනව. කොහෙන්ද යෝෂිතට සල්ලි කියල අහනව. යෝෂිත කියනව, අපේ ආච්චි අම්මා අරන් දුන්නා කියලා. ඌ මෝඩයි නෙ. ආච්චි අම්මගෙන් ඇහුව්වා කොහෙන්ද සල්ලි? ආච්චි අම්මා කිව්වා, මරු කතාවක් මම දවසක් ගෙදර ඉන්දි මිනිහෙක් දුවගෙන ආවා මැණික් මල්ලක් මේසෙ උඩින් තිබ්බා ඌ දිව්වා කිව්වා. ඊට පස්සෙ තව සතියකින් තව එකෙක් ආවා කිව්වා, මැණික් මල්ල අරගෙන සල්ලි මල්ල තිබ්බා කිව්වා ඌ ගියා කිව්වා. ඒ සල්ලි වලින් ඉඩම ගත්තා කිව්වා. එහෙනම්, අපි පැය විසිහතරම ගෙවල් වල දොරවල් ඇරලා තියෙනව ගෑනු දරුවන්ට මොනව උනත් කමක් නෑ මොකෙක් හරි කමක් නෑ රෑට හරි ඇවිල්ලා මල්ලක් නෙමෙයි එක මැණිකක් තියල යනවනම්. එහෙම කිව්ව ඩේසිට විරුද්ධව එහෙම කියපු යෝෂිතලට විරුද්ධව යූ.එන්.පී. ආණ්ඩුවට හයියක් නැතිව ගියා තීන්දු ගන්න. අවුරුදු තුනක් කෙකර ගෑවා, බඩ ගෑවා දැන් කෙලෝගෙන බලා ඉන්න සිද්ධ වෙලා තියෙනව.

මතක තියාගන්න මංගල සමරවීරලට අපි කියන්නේ ඒකයි. අපි එයාට ගරු කරනව, එමුත් එයා දාපු කුමන්ත්‍රණයෙ නඩුව ගේන්න බැරුව ගියා මේ කාලකණ්නි යූ.එන්.පී. ආණ්ඩුවට. මේ කාලකණ්නි මහින්දලට ආපහු එන්න ඉඩදීම ගැන මේ යූ.එන්.පී. ආණ්ඩුව වගකියන්න ඕනැ. අපි මේව කියන්නෙ හිතවත් විදිහට අපි කරපු දේවල් අගය කරමින් මේව කියන්නෙ. ඒ නිසා මීට එහා යන්න බැහැ. අපි මීට එහා යනව නම් මේ දරුවන්ගෙ ජීවිත අතහරින් වෙනව. අනාගතේ දී අපේ දරුවන්ගෙ මිනී බදාගෙන අඬන්න හයිය තියනව නම් මහින්ද රාජපක්ෂලව බලයට ගෙනාවට කමක් නෑ. මහින්ද රාජපක්ෂ වටේ ඉන්නෙ පාදඩ පන්තිය. වැලි ගල් සිමෙන්ති ඔය තුනට විකිණෙන එවුන් තමයි එයා වටේ ඉන්නෙ. ඒ වගේ පණහක් හැරක් ඉන්නවා එයා වටේ.

ඒ නිසා මනුස්සකම අගයන, මනුස්සකම රකින මිනිස්සු හැටියට අපිට වගකීමක් පැවරෙනවා, මේ අමාරුවෙලාවේ‍ මේ ව්‍යවස්ථාව ගොනු කරගෙන මේ මහින්ද රාජපක්ෂලව පරාජය කරන්න.

අද යූ.එන්.පී. එකෙත් ඉඳ හිට මතුවෙනව අරය නායකයා වුණා නම් හොඳයි. මෙයා නායකයා වුණා නම් හොඳයි. වගේ කතා. මේ කතාවල් පැත්තකට දාමු. මම යූ.එන්.පී. පාක්ෂිකයෙක් නෙමෙයි. මම එක්සත් ජාතික පක්ෂයෙන් දවස් දහයකට වැඩිය හිරේ ගිය මිනිහෙක්. මම ඇති තරම් ගුටි කාපු මිනිහෙක්. අර බාහුලා, මුණසිංහලා, ‍ෆ්‍රෙඩිලා අපි ඔක්කොම පොදු පෙරමුණට වැඩිය ගුටි කෑවේ යූ.එන්.පී. ආණ්ඩුවෙන්. හිරේ ගියේ යූ.එන්.පී. ආණ්ඩුවෙන්. නමුත් හොඳ දේ කරද්දි එයාලත් එක්ක එකට හිටගන්නව. අපි ඒ හිටගැනීම තුළ ඒ අයට කියන්නේ මීට වඩා එහාට යන්න දෙන්න එපා. මීට වඩා එහාට ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. මේ වගේ පිස්සෙක් තව දෙන්නෙක් හිටියොත් එහෙම ඉඳලා හමාරයි.

එයා කියනව රනිල් නිකම් සමනලයා වගේ ආව කෙනෙක් ලු. මම කියන්නෙ එතකොට මෛත්‍රිට වඩා හොඳ සමනලයෙක් ඉන්නවද? මෛත්‍රි රනිල් වික්‍රමසිංහට ලව් කරල අවුරුදු තුනක් එකට හිටියා. එකපාරටම කියනවා එයා හොඳනෑ එයා කලිසම අඳින්නෙ කියල. මම දන්නෙ නැහැ සරම ඇන්දහම සමහර ඒවාට ලේසිද කියල. එයා කියනව, කලිසම අඳින්නෙ එයා හොඳනැහැ කියල. ඊට පස්සෙ එයා ලව් කරනව කරූ ජයසූරියට. එයා කියනව ‘කරූ එන්න මාත් එක්ක මේක කරගෙන යං, කරූ බැහැ කියනව. ඊට පස්සෙ කතා කරනව සජිත්ට. තරුණ ළමයෙකුට කතා කරල කියනව, එන්න මේක කරගෙන යං කියල. එයත් බැහැ කිව්වට පස්සෙ කියනව, පෙරළගෙන යන්න පුලුවන් පොරක් අහුවුණා කියල. රනිල් සෞම්‍යයි. කරූ තවත් සොෆ්ටි වැඩියි. සජිත් තවත් සොෆ්ට්. මරු මිනිහෙක් හම්බ වෙනව. රැවුල තියල, ඇඟ පතේ මස් පුම්බල, යන්නෙත් නිකම්, මම නම් කියන්නෙ දැන් ලංකාවේ ඉන්න හොඳම සමනලයා මහින්ද. මිනිහ අතට අහුවුන එකා පහුවදා හොරෙන් අත හරිනව.

සහොදරවරුනි මේක නවත්වන්න ඕනැ. මේ කාලකණ්නි විධායක ක්‍රමය මේ විදිහට තිබුණොත් රනිල් වික්‍රමසිංහ නෙමෙයි, සජිත් නෙමෙයි පන්සලේ ලොකු හාමුදුරුවො පත් වුණාත්, මේ කෙලවිල්ල අපිට කෙලෝනව. තමන්ට බලය ආවට පස්සේ ඒ බලය අනික් මිනිස්සුන්ගෙන් රැකෙන්නෙ නැත්නම්, තර්ක කෙරෙන්නැත්නම්, ඔහු පිස්සෙක් වෙනව. පිහාට්ටෙක් වෙනව. එදා අපි කෑකෝගහල පත්කරනු මෛත්‍රිපාල සිරිසේන පිස්සෙක් වුණේ ඒ මිනිහගෙ වැරැද්දක් නෙමේ මේ ජනාධිපති ක්‍රමයෙ වැරැද්ද නිසා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *