මහින්දගේ හොර අගමැති ධුරය තහනම් කරන්නැයි මන්ත්‍රීවරුන් 122කගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවකින් පරාජය වුවද  අගමැති ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ හොර අගමැති ධුරය තහනම් කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 122ක් පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් වෙමින්  අභියාචනාධිකරණයට පෙත්සමක්ඉදිරිපත් කිරීමට ඊයේ (23) සවස කටයුතු කොට ඇත . ඇතැම් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ලෙස පෙනී සිටීම ද එමගින් අභියෝගයට ලක්කොට තිබේ .

මහින්ද රාජපක්ෂ ඇතුළු එම හොර ඇමති මණ්ඩලය තහනම් කොට කෝවොරෙන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස එම පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත .

අදාළ පෙත්සම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු පුද්ගලිකවම පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

මෙම පෙත්සම සඳහා ලබන සතියේදී කරුණු ගොනුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී ඊයේ  (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *