තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ 121ක වැඩි ඡන්දෙන් සම්මතයි : 3වන වරටත් කුමන්ත්‍රණ ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ.

ඒ අනුව තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා කළ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබී ඇති බව කථානායකවරයා විසින් දැනුම් දෙනු ලැබීය.

ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සභා ගර්භයෙන් පිටව ගියේය.

කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නොමැති අමතර නම් 4 ක් ප්‍රකාශ වු අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂන් කිරිඇල්ල, ආර්. සම්බන්ධන්, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා එඩ්වඩ් ගුණවර්ධන යන අය නම්වලින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.

පක්ෂ සංයුතිය අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිනේෂ් ගුණවර්ධන
එස්.බී. දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද සමරසිංහ
විමල් වීරවංශ

එක්සත් ජාතික පක්ෂය
ලක්ෂ්මන් කිරිඇල්ල
රවුෆ් හකීම්
රිෂාඩ් බදියුදීන්
මනෝ ගනේෂන්
පාඨලී චම්පික රණවක

දෙමළ ජාතික සන්ධානය
මාවේ සේනාධිරාජා

ජනතා විමුක්ති පෙරමුණ
විජිත හේරත්

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 27 වන දා සවස 1 දක්වා කල් තබන බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, නැවත වරක් නම් අනුව ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ ද මෙය සියලු දෙනාට දැක ගත හැකි පැහැදිලි ක්‍රමවේදයක් බැවින් මෙය පමණක් ප්‍රමාණවත් බව කථානායකවරයා දැනුම් දෙනු ලැබීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *