මේ අර්බුදය නිර්මාණය කළේත් පවත්වාගෙන යන්නෙත් මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් විසිනුයි – ලාල් විජේනායක, ප්‍රධාන ලේකම් – එක්සත් වාමාංශික පෙරමුණ

අද අපේ රට දැඩි අර්බූදයකට ලක් වෙලා තියෙනව. මේ අර්බුදය ලංකා ඉතිහාසයේ කවරදාකටවත් වඩා අපි මුහුණ දුන් දරුණු අර්බුදයක්. මේ අර්බුදය නිර්මාණය කළේත් පවත්වාගෙන යන්නෙත් මහින්ද රාජපක්ෂත්,  මෛත්‍රිපාල සිරිසේනත් කියන එක ඉස්සරවෙලාම අපි පිළිගතයුතුව තිබෙනවා. මේ අර්බුදයේ හේතුව ඒ දෙදෙනාම ඉතාමත් ආර්ථමාර්ථකාමී ලෙස, සිය අභිප්‍රාය ඉටු කර ගැනීම සඳහා ඇති කරගන්නා ලද කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයයි. මහින්ද රාජපක්ෂලාට විරුද්ධව, ඒ පවුලෙ අයට විරුද්ධව තිබෙන්නා වූ නඩු ඉවත්කර ගැනීමටත් ජනාධිපතිට ඊළඟ මැතිවරණයේ දි නැවත තරඟ කිරීමට අවස්ථාව පාදා ගැනීමටත්, ඒ දෙදෙනා එකතුව කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් තමයි අද අපි මේ බුක්ති විඳින්නෙ.

පාර්ලිමේන්තුවේ මේ හැසිරීම පිළිබඳව දැන් ජනයා තුළ තියනව යම් අදහසක්, මන්ත්‍රිවරුන්ට විශේෂ වරප්‍රසාද තියනව කියල. පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳ පනතක් තියෙනව. ඒ පනතේ වරප්‍රසාද හා බලතල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි කරල දීල තියෙන්නෙ, පාර්ලිමේන්තුව යථා පරිදි පවත්වාගෙන යාම සඳහායි. ඔවුන් මේ ගන්නේ පාර්ලිමේන්තුව යථා පරිදි පවත්වාගෙන යාමට ගන්නා වූ පියවරයන් නොවේ. එය කඩාකපල් කරන පියවරයි ඔවුන් ගන්නෙ. ඒ ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිදු වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නැහැ.

පාරලිමේන්තු බලතල හාවරප්‍රසාද පනතෙ 31 වැනි වගන්තියෙ ප්‍රකාශකරලා තියෙනව. පාර්ලිමේන්තුව ඇතුලෙ වෙන සිද්ධීන්වලට සාමාන්‍යයෙන් රටේ නීතිය බලපැවැත්වෙනව කියල. ඒ නිසා අපි අද ඉල්ලා සිටිය යුතුයි රටේ සාමාන්‍ය නීතිය. මේ රටේ පොදු දේපල වලට හානි කරමින් පොදු දේපොලවලට පහර දෙමින්, මිරිස් වතුර ඉසීමෙන් පුද්ගලයින්ට කළා වූ පීඩන පිළිබඳව සාමාන්‍ය නීතිය යටතේ නැත්නම් අපරාධ නිතිය යටතේ කටයුතු කළ යුතු බවට අපි ඉල්ලා සිටිනව. වහාම කළ යුතතේ ඒකයි ඒ කටයුතු නොකෙරෙන්නේ නම්, අප රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට බැරි වෙනව.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එහෙම හැසිරිලා නිකන් ඉන්න පුළුවන් නම්, දඬුවම් නොලබා බේරෙන්න පුළුවන්නම් එහෙනම් මේ රටේ හැම එක්කෙනෙකුටම ඒ නිදහස තියෙන්න ඕනැ. ඒ නිසා අපි දැඩි ලෙස ඉල්ලා සිටින්නේ මේ අපරාධ ක්‍රියාවන් වල යෙදෙන සියලුදෙනා පිළිබඳ වීඩියෝපට තිබෙනව. සාක්ෂි තියෙනව. කතානායක තුමාගෙනුත් අප ඉල්ලා සිටිය යුතුයි වහාම පොලීසියට පැමිණිළි කරල පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 31 වෙනි වගනිත්ය යටතේ දණ්ඩ නීතිය යටතේ ඒ කළා වූ අපරාධ පිළිබඳ කටයුතු කරන්න කියල ඉල්ලා සිටිනව. පොදු දේපළ, කතානායකගෙ පුටුව පවා පොළොවේ ගැසුවා. මයික්‍රපොන් කඩල දැම්‍මා තව නොයෙකුත් ආකාරයේ අලාබ හානි කෙරුව. මේ ඔක්කොම පොදු දේපළ. පොදු දේපළ වලට එහෙම හානි කරන්න කිසිම මන්ත්‍රිවරයෙකුට අයිතියක් නෑ. කිසියම් පුද්ගලයෙකුට අයිතියක් නෑ. ඒ නිසා රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ රටේ නිතියෙ කඩාවැටිමක් සිද්ධ වෙනව. නීතියේ ආධිපත්‍ය විනාශ වෙලා යනව. ආයෙ නීතියක් මේ රටේ ක්‍රියාත්මක කිරීමට හම්බ වෙන්නේ නැහැ.

අද ප්‍රබල ලෙස ජනතාව ඉල්ලන්නෙ මොන පක්ෂයේ වුවත්  මේ හැම එක්කෙනෙකුටම විරුද්ධව නීතිය තිය ක්‍රියාත්මක ක‍රන ලෙසයි. ඒ පාර්ලිමේන්තුවෙ සිද්ධ වුනේ දරුණු සාපරාධි ක්‍රියාවන්. පොලිස් නිලධාරියෙකුගේ කම්මුලට ගහනවා අපි දැක්කා. එහෙම ගහන්න පුලුවන්ද? එහෙම නීතියක් තියෙනවද? එ‍තන ආරක්ෂාවක් තියෙනවද? කොහෙද ඒ ආරක්ෂාව තියෙන්නෙ? මේ ඔක්කෝම ආරූඪ කරගත්ත බලතල.  ඒ අනුව අපි ක්‍රියාත්මක විය යුතුව තියෙනව. ජනතාව පාරට බැහැල ඉල්ලා සිටිය යුතුව තියෙනව, නීතිය අනුව කරයුතු කරන්නට කියල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියල

අද ජනතාව පාරට බැහැල ඉන්නව. දවසකට හත් අට පළක දිනපතාම ජනතාව පාරට බැහැලා සටන් පාඨ කියමින් ඉල්ලා සිටින්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන්නට කියල.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *