මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙ ගුලිය ගිලපු එකෙන් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ගෞරවයත්, නැති කරගෙන – හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ 73 වැනි උපන් දිනේ. එතුමාට සුභ උපන්දිනයක් කියල මම ප්‍රාර්ථනා කරනවා. එතුමට 73ක් කියන්නෙ මම ජීවත් වෙච්ච කාලයකටත් වඩා දෙගුණයකටත් වඩා එතුමා ජීවත් වෙලා තියෙනව. එතකොට එතුමා අවුරුදු 40කටත් වඩා දේශපාලනය කරල තියෙනව. මේ කාලය ඇතුලත දී එතුමා විශාල අභියෝගයකට මුහුණ පාල තියෙනව. ඒ වගේම විශාල කලකිරීමකට පත්වෙලා තියෙනව. ඒ වගේම අපරාදෙ මේ කරපු දේ කියල විශාල පසු තැවීමකට පත්වෙලා තියෙනව. එතුමා ඔතනට ගියේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගේ කීමට. 113 තියනවා කියල මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියනව.

පළාත් පාලන මැතිවරණයෙදි පොහොට්ටුවට ලබාගත්ත අතිශය ජයග්‍රහණයත් එක්ක එතුමා දන්නවා තව අවුරුද්දක් මේ විදිහට ඉවසගෙන හිටිය නම්, ඊළඟ ඡන්දයත් ලස්සනට ගොඩ දාගන්න තිබ්බා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. එත් එතුමා මේ ඉක්මන් වෙලා කරපු කාරණයත් එක්ක මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙ ගුලිය ගිලපු එකෙන් වුනේ මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු යම්කිසි හෝ ගෞරවයක් මේ කාරණේ හින්දා නැති කරගෙන තියෙනව. මම නම් කියන්නෙ අද වෙනකොට දවස් 24ක් තිස්සෙ මේ පවතින මේ අස්ථාවරත්වයට මම පළමුවෙන්ම ඇඟිල්ල දික් කරන්නෙ වර්ථමාන ජනාධිපති තුමාට.

ජනාධිපතිතුමා 15 වෙනිදා හවස් වරුවෙ පක්ෂ නායකයන් ගෙන්වල පොරොන්දුවක් වෙලා තියෙනව, කිසි දේකට බයවෙන්න එපා මේ කණ්ඩායම පාලනය කරන එක, ඔවුන් හැසිරීම පිළිබඳ වගකීම මම ගන්නව, හෙට බය නැතිව මේ ඡන්දය ගන්න කියල. එහෙම තියෙද්දි 16 වෙනිදා මොවුන්ගේ හැසිරීමෙන් පැහැදිලිව පේනවා අපිට කියල තියෙන්නෙ එකක්. ඊළඟට හම්බවෙච්ච එතුමාගේ කණ්ඩායමට කියල තියෙන්නෙ එකක් කියල. නැත්තම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇඟිල්ලක් ඉස්සුවොත්, දෙකට තුනට නැමෙන කණ්ඩායමක් ඔය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔතන ඉඳගෙන ඉන්දැද්දි ඔයවගේ හැසිරීමක් දක්වන්න පුළුවන් කියල කියන්නෙ ඒ හැම දෙනාගෙම අනුදැනුම ඇතිව තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ නිසා මේ ඇමතිතුමන්ලා හා අගමැතිතුමා මොනවිදිහට ජනාධිපතිතුමා විශ්වාස කරගෙන හිටියත් මටනම් ශත පහකට විශ්වාසයක් නෑ. හෙටින් පස්සෙවත් සාධාරණ පැත්තට මෙතුමා හිටගනීද කියන එක ගැන.

මොකද පැහැදිලිව ජනාධිපතිතුමාට තියෙන්නෙ වෙන මොකවත් නෙමේ පෞද්ගලික තරහක්, පෞද්ගලික ආරවුලක් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක. මෙතුමා අවුරුදු තුනක් තිස්සේ ශිරාල් ලක්තිලකල, ඔය ඒගොල්ල මේ ගොල්ල කියන කේලාම් අහල. හිතේ පුදුමාකාර වෛරයක් ඇති කරගත්ත අගමැතිතුමත් එක්ක. ඒ වෛරය අනුව තමයි මේ පලිගන්න හදන්නෙ. දැන් කියනව රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය තුමා විදිහට පිළිගන්න බැහැලු මොකක් ද මේ කතාවේ තේරුම?

ඊළඟට පක්සෙ ඇතුළෙ කණ්ඩායම් දෙකක් අවුස්සලා තියල පක්ෂය ඇතුළෙත් කඩාපල්කාරි ක්‍රියාවක් කරන්න තමයි මේ ජනාධිපතිතුමා සැරසෙන්නෙ. රටේ ජනතාවට ජනාධිපතිතුමා කෙරේ තිබුණ විශ්වාසය සහ හැට දෙලක්ෂයක් ජනතාවට එතුමා කෙරේ තිබුණ ගරුත්වය විශ්වාසය  නැති වෙලා ඉවරයි. නැවතත් ජනාධිපතිවරණයකට මම නම් කියන්නෙ මෛත්‍රිපාල ජනාධිපතිතුමා මුහුණ දෙන්න එපා කියලයි. ලජ්ජා වෙලා යන්න වෙන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධපතිතුමාට මම කියන්නෙ ඔබතුමාගෙ උපන්දිනය නිසා මම ඔබ තුමාට යෝජනාවක් කරනව ඔබ තුමාට මට උපදෙස් දෙන්න බැහැනෙ. ඔබ තුමාට මම යෝජනාවක් කරනව. ඔබ තුමාට මේ නැති වෙච්ච ගෞරවය පොඩ්ඩක් හෝ ගන්න අවශ්‍ය නම් මාධ්‍යකට ඇවිල්ලා කියන්න, ‘මාව රැවැට්ටාවා. මට 113 තියනවා කියල කිව්වා. බලනකොට 113 නැහැ. අපි මුදල් දීලා කට්ටියව ගන්න හැදුවා. මන්ත්‍රිවරු කවුරුවත් එන්නෙත් නැහැ. මම අඩියක් පිටුපස්සට අරන් මම මේ කරපු වැරැද්ද මම හදනව, කියල මහින්ද රාජපක්ෂ කිව්වනම් අඩුම ගානේ පොහොට්ටුවෙ ඉන්න, එතුමා පිළිබඳව ගෞරවයෙන් ඉන්න කට්ටියගෙ ගෞරවය පොඩ්ඩක් හරි තියාගන්න පුළුවන්. මොකද එතුමගෙ හිත දන්නවා ඇත්ත මොකක්ද කියල.

මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඇයි විසුරුවෙ පාර්ලිමේන්තුව, එතුමා කාරණා දෙකක් කිව්වා එකක් මුදල් වලට මන්ත්‍රිවරු විකිණෙන නිසා. දෙවෙනි එක යම්කිසි විදිහකින් පාර්ලිමේන්තුව තුළ ලේ හැලීමක් සිද්ධ වෙයි කියල. එතකොට දැන් අපි දාපු නඩුව ඉස්සරහට එනව. මොවුන් උත්සාහ කරන්නෙ පුටුවෙ ඉඳගෙනහිටියත්අපිවඅවුස්ස අවුස්ස ලේ වැගිරීමක් ඇතිවෙයි කියල එතුමා කිව්ව කාරණාව ඔප්පු කරන්න, එය තවතවත් ශක්තිමත් කරන්න තමයි පාර්ලිමේන්තුව ඇතුළෙ ගැටුමක් සිද්ධ වුණොත් ලේ හැලීමක් සිද්ධ වුණොත්, පාරිලිමේන්තුව විසුරවපු එක හරියට හරි කියල, අධිකරණයට පණිවිඩයක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. අනිත් එක එතුමා කියනව, මන්ත්‍රිවරුන්ව විකිණෙනව කියල. කවුද මන්ත්‍රිවරුන්ව විකිණෙන මේසයට ගෙනාවෙ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා. ඔබතුමාලා පැහැදිලිව පාලිත රංගෙ බණ්ඩාර මැතිතුමාගෙ සංවාදෙ අහුවානම් එහෙම කතා කරන එක්කෙනෙක් තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා.

එතුමා පැහැදිලිව කතාකරල අහනවා ඔබතුමා එනවද කියල. ඒ අහන්නෙ, එන්න කියන්නෙ ටීක් බොල ගහන්නද? සෙල්ලම් කරන්නද? ෆුට්බෝල් ගහන්නද? නෑ. එන්න කියන්නෙ කැබිනට් අමාත්‍ය ධරයක් දීලා ඒ කැබිනට් මණ්ඩලයට එකතුකර ගන්න. මට හිතාගන්න බෑ මේ ඉතිහාසෙ, ජනාධිපතිවරුන්ගෙ ක්‍රියාකලාපයන් මට තේරෙන වයසෙ ඉඳලා දැකල තියෙනව. මේ තරම් අතේ පැලවෙන, මේ තරම් පට්ටපල් බොරැ කියන, මේ තරම් අසික්කිත ජනාධිපතිකෙනෙක් බිහිවෙලත් නැහැ. මම දෙවියන්ගෙන් ඉල්ලන්න, මේ වගේ ජනාධිපතිකෙනෙක් ඉස්සරහට බිහිකරන්නත් එපා. වැදගත් ශිලාචාර අමාත්‍යවරු දෙන්නෙක් දෙපැත්තෙ තියාගෙන මට මේක කියන්න සිදුවීම ගැන කනගාටු වෙනව. මම සාමාන්‍යයෙන් හිතේ තියාගෙන ඉන්නෑ. හිතට එන ඇත්ත කතන්දරේ කියනව.

ඊළඟට මිරිස් කුඩු ගෙනාපු කතන්දරේ. එකේ විඩියෝ එකක් සෝෂල් මීඩියාවල යනව. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා තමයි මිරිස් කුඩු ටික ගෙල්ලා තියෙන්නෙ. ප්‍රසන්න රණවීර මැතිතුමා තමයි ඒක ගහන්නෙ. කොච්චර පවුද අර පොලිස් නිලධාරින්. ඔවුන් ඔවුන්ගෙ රාජකාරිය කරන්නෙ. ප්‍රසන්න රණවීර මැතිතුමා ගිහිල්ලා එක නිලධාරියෙක්ගෙ කම්මුලට එකක් ගහනව. හරිම අශිලාචාර වැඩක්.

ඔබතුමන්ලා කියනව නම් අර පිහිය ගැන, පිහි ආඥාපනත යටතේ උල් පිහියක්, හයකට වැඩි උල් පිහියක් ගෙනාවොත් ඒක තමයි වැරැද්දක් විදිහට පිළිගන්නෙ. මේක එයා ගෙදරින් ගෙනාව එකක් නෙමේ. කතානායක තුමාගෙ මෙසේ උඩ තියෙනව ලෙටර් ඕපන් එකක්. ඒක එතුමා ඒ අවස්ථාවෙ ආත්මාරක්ෂාවට අතට ගන්න ඇති. හැබැයි ඒ සඳහා පරීක්ෂණයක් කළ යුතුයි. අපේ පක්ෂයේ කෙනෙක් වුවත් එතන වැරැද්දක් වෙලා තිබෙනව නම් එතන පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණ කරන ගමන් පරීක්ෂා කළ යුතුයි රාජකාරි යෙදිලා හිටපු අවස්ථාවේ පොලිස් නිලධාරින්ට ගහපු අය ගැන. ඒකට මන්ත්‍රි වරප්‍රසාද බලපාන්නෙ නෑ කිසිසේත්ම. එය අවුරුදු හතක හෝ දහයක සිර දඬුවමක් ලැබිය හැකි වරදක්. මාධ්‍යවේදීන් අසරණයි. මාධ්‍ය ප්‍රධානින් හැසිරෙන්නෙ එක්තරා න්‍යාය පත්‍රයකට අනුවයි. ඔබතුමන්ලට කරන්න පුළුවන් මෙතන චිප් එක අරගෙන ගිහිල්ලා දෙන එක විතරයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මම ස්තුතිවන්ත වෙනවා සෝෂල් ම්‍ඩියා හරහා අපි කතාකරන දේ ජනතාව අතරට යන එක ගැන.

මාධ්‍ය විසින් මොන විදිහට කතන්දර හදලා දැම්මත්, ජනතාව බුදිධිමත් අද වන විට සෑම මාධ්‍ය ආයතනයකින්ම වැරදි විදිහේ පින්තූරයක් ජනතාව අතරට යවන්න හැදුවට,පාරේ තොටේ යන කඩේ පිලේ ඉන්න හැම කෙනාම දන්නවා වෙච්ච දේ වැරදියි කියල. මම නැවත නැවතත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනව, එක සැරයක් ඔබතුමාව අපහසුතාවයකට පත් කරල අපි ළඟට ආවා. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රවට්ටලා ඔබතුමා ළඟට එනවා. ඔබතුමා ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ඔබතුමාටත්, ඔයටිකම තමයි දෙවන පාරටත් කරන්නෙ. ඉතින් ඒ නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා කවුද කියල අඳුරගෙන කටයුතු කරන්න කියල ඉල්ලන ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ උපන්දිනයක්! කියල කියනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *