අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් වියදම් නතර කරන්නැයි මෝසමක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් වියදම් නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායකවරයා වෙත මෝසමක් භාර දී තිබේ.

රජයේ කටයුතු නීති විරෝධිව සිදු වන බැවින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බව හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේ අද දින පාර්ලිමේන්තු රැස්වීම අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දින 5 ක කල් තැබීමක් සහිතවයි ඒක සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි රජයේ නිලධාරීන්ට දැනුම් දෙනවා සෑම අමාතාංශයක් සදහාම අපි මෙවැනි යෝජනා ඉදිරිපත් කරනවා”

“පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව පුලුවන්කමක් නෑ කිසිම ආකාරයකින් මුදල් පාවිච්චි කරන්න.”

“ආණ්ඩුවක් නෑ. ආණ්ඩුවක් නැත්නම් ඇමැතිවරු නෑ. අගමැතිවරු නෑ. ඒ නිසා අගමැතිතුමාට වියදම් කරන්න සල්ලි නැහැ.”

ලබන සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුව නැවතත් රැස්වූ පසු තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසු හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණ සතු බැවින් “හොර අගමැතිට සහ හොර අමාත්‍ය මණ්ඩලයට” විරුද්ධව ඉදිරියේදීත් කටයුතු කරන බවයි.

රවී කරුණානායක,නවීන් දිසානායක, චතුර සේනාරත්න,නාලක කොලොන්නේ,හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද මන්ත්‍රීවරු විසින් එම මෝසම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දී තිබේ.

mosama 01

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *