කිසිම හේතුවකට සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ…

කිසිම හේතුවක් මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම ගිවිසුම සිංගප්පූරු රජය රවටා ලෝක සම්මතයට පිටින් අත්සන් කර ඇති ගිවිසුමක් බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

“අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉන්ජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් දීර්ඝ කාලයක් තිස්සේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධව විශාල, දැවැන්ත අරගලයක් ගෙන ගියා.

නිසි අවසරයකින් තොරව සිංගප්පූරුවත් රවට්ටමින් මෙම ගිවිසුම අත්සන් කළ බවට තමයි රටේ දීර්ඝ කාලයක් පැවතුනු චෝදනාව. එහිදී අපි නිරන්තරයෙන් සඳහන් කළේ රජයක් වශයෙන් දෙරාජ්‍යයටම වාසිදායක වන ලෙස ඕනෑම රටක් සමග ලෝකයේ සම්මත ක්‍රමවේදයට අනුව නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට අපේ කිසි විරුද්ධතාවයක් නොමැති බවයි.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *