ජනාධිපතිවරයා සාකච්ඡුා කළ යුත්තේ තමන්ගේම හෘදසාක්‍ෂිය සමගයි… බලහත්කාරී ආණ්ඩුව හදා ගත්තේ ඔවුන්ට තිබෙන නඩුවලින් බේරීම සඳහා පමණයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා විසින් අද සවස 5.00ට විශේෂ සාකච්ඡුාවක් පවත්වන බව අපිට දැනුම් දී තිබෙනවා. පක්‍ෂයක් ලෙස එයට සහභාගි නොවීමට අප තීරණය කොට තිබෙනවා. ඊට හේතු සඳහන් කොට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. මෙම අස්ථාවරත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි. අස්ථාවරත්වය පිළිබඳව අප සමඟ සාකච්ඡුා කොට ඵලක් නැහැ. මුළුමනින්ම එය සමනය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු සාකච්ඡුා කළ යුත්තේ ඔහුගේ හෘද සාක්‍ෂිය සමගයි. මෙම අස්ථාවරත්වය ඇතිවීමට ප‍්‍රධාන කරුණු 5ක් බලපාලා තිබෙනවා. පසුගිය 26වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්තී‍්‍රවරයෙකු අගමැතිවරයා ලෙස පත්කිරීමත්, වට ගණනාවකින් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීම අර්බුදයේ ආරම්භයයි. අනතුරුව බහුතරය හදා ගැනීමට මන්තී‍්‍රවරු මිලදී ගැනීමට පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළා. ඊළඟට මන්තී‍්‍රවරු මිලදී ගැනීමට මෙහෙයුමක් දියත් කළා. එයද අසාර්ථක වූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පසුව අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංගයක් සම්මත වී තිබියදී ව්‍යවස්ථානුකූලව කටයුතු නොකිරීම. මේ සියල්ලටම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි.
සම්මත වූ විශ්වාසභංග යෝජනාව විධිමත් නැති බවත්, ස්ථාවර නියෝගවල හිල් සෙවීමට තරම් ජනාධිපතිවරයා බංකොළොත් වී තිබෙනවා. අප විසින්ම ඉදිරිපත් කළ විශ්වාසභංගය නිසි පරිදි ඉදිරිපත් කළ බවට සාක්‍ෂි අප සතුව තිබෙනවා. ජනාධිපතිවරයා මනස විකාර වූ පරිදි ඔහේ කියෙව්වාට ජවිපෙ අපි පාර්ලිමේන්තුවේ නිසි ක‍්‍රියා පටිපාටිය අනුගමනය කොට තිබෙනවා. පාර්ලිමේන්තුව මෙහෙයවෙන්නේ පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරගත් ස්ථාවර නියෝගත් මීට පෙර කතානායකවරුන් අනුගමනය කරන ලද සම්ප‍්‍රදායනුත් අනුවයි. එතැනින් ඔබ්බට ගොස් කතානායකවරයාගේ අභිමතය පරිදි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන් අනුගමනය කරනවා. ස්ථාවර නියෝග 27.3 අනුව සඳහන් වෙන්නේ නීතිවිරෝධී යැයි කතානායකවරයා තීන්දුකරන යම් යෝජනාවක් හැර මහ ලේකම්වරයාට ලැබී ඇති දැනුම්දීම් පිළිබඳව හෝ සියලූ යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ලැබිය යුත්තේය. දැනුම් දෙන ලද දින සිට දින පහක් ඇතුළත සිදුකළ යුතුය. ඒ වගේම ස්ථාවර නියෝග 135 යටතේ විශේෂ කටයුත්තක් සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම ස්ථාවර නියෝගයක් අත්හිටුවිය හැකි බවත් සඳහන් වෙනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අප විසින් 27.3 ස්ථාවර නියෝගය අත්හිටුවීමෙන් අනතුරුව තමයි විශ්වාසභංගය ගෙනාවේ. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර සුමන්දිරන් මහතා යෝජනාව ගෙනා අතර විජිත හේරත් මන්තී‍්‍රතුමා විසින් ස්ථිර කළා. කථානායකතුමා එය සභාවට දැනුම් දුන්නා. සභාවේදී එය සම්මත වුණා. 14වැනිදාත් 16වැනිදාත් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුණේ ඒ අත්හිටුවීම මතයි. ඒ නිසා විශ්වාසභංගය ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට එකඟයි.
යෝජනාව ඉදිරිපත් කළ පසුව විවාදයක් පැවැත්විය යුතුව තිබුණා. අපි ඒ සඳහා සූදානමින් හිටියා. නමුත් විවාදයට බාධා කළේ ඔවුන් විසින්මයි. විවාදයට ඉඩ ලබා නොදුන් නිසා කතානායකතුමා එය ඡුන්දයකට යොමු කළා. ඔවුන් ගෙනඑන ඊළඟ තර්කය තමයි හඬ අනුව ඡුන්දයකට ඉදිරිපත්වීම වැරදි බවයි. ස්ථාවර නියෝග 47.1 අනුව කතානායකවරයාට කටහඬවල් අනුව ඡුන්දය ලබාගෙන ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කරනු ලැබිය හැකියි. 18වැනි සංශෝධනය ගෙන ආ 2010 සැප්තැම්බර් 08වැනිදා එවකට කතානායක චමල් රාජපක්‍ෂ විසින් 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ඡුන්දය අවසාන වන තෙක් කාලය ලබාගැනීම සඳහා ඡුන්දය විමසුවේ කට හඬවල් අනුවය. ඒ විතරක් නෙවෙයි, කරු ජයසූරිය විපක්‍ෂ මන්ත‍්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන වෙලාවේදී හඬ අනුව ඡුන්දය ගත්තා. හඬ අනුව පනත ඉදිරිපත් කිරීමට විරුද්ධ මන්තී‍්‍රවරුන් ජයගත් බව කතානායක චමල් රාජපක්‍ෂ ප‍්‍රකාශයට පත්කළා. එම නිසා අප විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය සඳහා ඡුන්දය විමසුවේ ස්ථාවර නියෝගවලට අනුවයි. එනිසා විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ සම්මතයි. පාර්ලිමේන්තුවේ මෙය සම්මත වූ පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48.2 වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එනිසා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන්න දිව්රුම් දුන් ජනාධිපතිවරයා ඒ අනුව කටයුතු කළ යුතුය. ඔහුට කිසිදු අයිතියක් නැහැ, පාර්ලිමේන්තුවේ කටයුතු වගවිභාග කිරීමට. කතානායකවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව 15වැනිදා ප‍්‍රකාශයට පත්කළා තවදුරටත් ආණ්ඩුවක් හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව. දැන් මෛතී‍්‍රපාල සිරිසේන කළ යුත්තේ අග‍්‍රාමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එය කි‍්‍රයාත්මක නොකර කල් මැරීමේ විගඩම වහා නතර කරන ලෙසට අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.
මෙම කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩුවක් අටවා ගැනීම රාජපක්‍ෂ කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඔවුන්ට එරෙහිව තිබෙන නඩු යටපත් කර ගැනීමයි. ඇවන්්ගාඞ් ගනුදෙනුව නිසා රජයට රුපියල් බිලියන 11.4ක් (බැඳුම්කරයේ පාඩුවට සමානයි* පාඩු කළේ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 08දෙනෙකුට එරෙහි නඩුව 2019 පෙබරවාරි 26වැනිදා කැඳවීමට නියමිතයි. ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය නිසා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් 07දෙනෙකුට එරෙහි නඩුව විශේෂ මහාධිකරණය හමුවේ දෙසැම්බර් 04වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි. ශී‍්‍ර ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය නැමති වෘත්තීය සමිතියට අයත් රු. ලක්‍ෂ ගණනක් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව මහින්දානන්ද අලූත්ගමගේට පවරා ඇති නඩුව 2019 ජනවාරි මස 23වැනිදා කැඳවීමට නියමිතයි. රාජපක්‍ෂ පාලන සමයේ මන්තී‍්‍රවරයෙකු වන නාමල් රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහි එන්.ආර්. කන්සල්ටන් සමාගම යටතේ රු. මිලියන 15ක මුදල් අයථා ලෙස උපයා ගැනීමට එරෙහි නඩුව 2019 මාර්තු මස 07වැනිදා කැඳවීමට නියමිතයි. ඒ වගේම අයථා ලෙස උපයා ගත් රු. මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමට ආයෝජනය කිරීම සම්බන්ධව නාමල් රාජපක්‍ෂ ඇතුළු විත්තකරුවන් 06කට එරෙහි නඩුව නොවැම්බර් මස 30වැනිදා කැඳවීමට නියමිතයි. අවිධිමත් රාජ්‍යතාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට එරෙහි වීරවංශ මහතාගේ බිරිඳට එරෙහිව ගොණුකර ඇති නඩුව දෙසැම්බර් මස 11වැනිදා යළි කැඳවීමට නියමිතයි. දිවිනැගුම අරමුදලේ රු. මිලියන 2992ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමට එරෙහිව බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුලූ විත්තිකරුවන් 04කට එරෙහි නඩුව නොවැම්බර් මස 26වැනිදා කැඳවීමට නියමිතයි. 2014 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහි නඩුව දෙසැම්බර් 04වැනිදා කැඳවීමට නියමිතයි. පුටුවලින් ගහගන්න එක පුදුමයක් නෙවෙයි. මහජනයාට බාධා කරමින් උද්ඝෝෂන සංවිධානය කළ වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුව පෙබරවාරි 11වැනිදා විභාගයට ගැනීමට නියමිතයි. රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතන නඩුව නොවැම්බර් 29වැනිදා කැඳවීමට නියමිතයි. නාමල්, ගෝඨාභය, බැසිල්, ගාමිණී සෙනරත්, වීරවංශ, ජොන්ස්ටන්, මහින්දානන්ද අලූත්ගමගේ, ශිරන්ති රාජපක්‍ෂ, කලබල වෙන එක පුදුමයක්ද? මේ නිසා තමයි ඔවුන් බලහත්කාරී පාලනයක් ගොඩනගාගෙන බලහත්කාරී ලෙස රැුඳී සිටින්නේ. මේ රටේ ජනතාව හොඳින් තේරුම් ගත යුත්තේ එම මන්තී‍්‍ර කණ්ඩායම පාතාල මැර කණ්ඩායමක් ලෙස හැසිරෙමින් කටයුතු කරමින් තිබෙන්නේ තමන්ට එරෙහිව එල්ල වී තිබෙන නඩුවලින් බේරෙන්නයි. මෛතී‍්‍රපාල සිරිසේන දැනුවත්ව හෝ නොදැනුවත්ව දායකත්වය ලබාදෙමින් තිබෙන්නේ ඝාතකයින්, වංචනිකයින් ආරක්‍ෂා කිරීමටයි. ඔවුන් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රමුඛතමයාගේ චරිතය රඟපාන්නේ ඔහුයි. ඒනිසා අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවන ලෙසයි.
මේ අර්බුදය වෙනුවෙන් ඔළුගෙඩි මාරුවෙන් කවුරු පාර්ලිමේන්තුව හැදුවත් එය ජනවරම ඔළුවෙන් හිටවීමක් ලෙසයි අපි දකින්නේ. එනිසා විධිමත් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු වන්නේ කුමන්ත‍්‍රණකාරී අනීතික ව්‍යවස්ථා විරෝධී පාලනයක් සහිතව නොවේ. පාර්ලිමේන්තුවේදී ඡුන්දයකට ඉඩ නොදෙන අය ගමේ පුරවැසියන්ට සාධාරණ ඡුන්දයක් ලබාදෙයිද? කතානායකවරයාට පටුවෙන් පහර දෙන, බයිබලයෙන් පහර දෙන අය, අතට හසුවන ඕනෑම දෙයකින් පහරදීමට සූදානම් අය මන්ත‍්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් මිරිස් කුඩු සහිත දියරවලින් පහරදෙන අය රූපවාහිනී ආයතනවල සජීවි විකාශය කරමින් තිබියදී පාර්ලිමේන්තුවේදී ඔවුන් හැසිරෙන්නේ මෙහෙම නම් පාර්ලිමේන්තු ඡුන්දයකට ගමේ කොහොම හැසිරෙයිද? පළමු කොටම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.
එස්බීගේ ප‍්‍රකාශවලට පිළිතුරු දීම අපේ කාලයත් මාධ්‍යවල කාලයත් අපතේ හැරීමක්. ඔහුගේ මුඛය පරෙස්සම් කර ගැනීමට නොහැකි වීම නිසා හිර කූඩුවේ හිටපු කෙනෙක්. ඔහු මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා, රනිල්, මෛත‍්‍රී පිළිබඳව විරුද්ධවත් පක්ෂවත් කළ ප‍්‍රකාශ අරගෙන බැලූවොත් එස්බී කවුද කියලා හැමෝටම අවබෝද කරගන්න පුළුවන්.
ස්ථාවර නියෝග අත්හිටුවීමේ නියෝග ස්ථාවර නියෝගවලම තිබෙනවා. එම ස්ථාවර නියෝග සම්මත කර ගැනිමට පාර්ලිමේන්තුවේ සියලූ මන්ත‍්‍රීවරු ඡුන්දය ලබාදී තිබෙනවා.
රනිල් අගමැතිද භූතයෙක් අගමැතිද යන්න තීරණය කිරීම ජනාධිපති හෝ අදාල පාර්ශව තීරණය කළ යුතුයි. දැන් අගමැතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් නැහැ. එය පත්කළ යුත්තේ ජනාධිපතිවරයා.
විශ්වාසභංගය විවාදයට ගැනීමට ඉඩ ලබානොදුන්නේ මහින්දගේ මන්ත‍්‍රී කණ්ඩායමයි. එය මුළු රටම දැක්කා. 16 වෙනිදා කතානායක පුටුව වටකරගෙන කඩාකප්පල්කාරී කළේ අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම. එතන වැඩි පිරිසක් නඩුවලට සම්බන්ධ අය. පාර්ලිමේන්තුව කඩාකප්පල් කරලා විවාද කළේ නෑ කියලා චෝදනා කරනවා. ඡුන්දයකට ඉඩ දුන්නොත් ඔවුන්ට තිබෙන සැබෑ ප‍්‍රමාණය රටම දැනගන්නවා. එයට ඔවුන් කැමති නැහැ. අද ඔවුන්ගේ පැත්තේ ඉන්න මන්ත‍්‍රීවරුන් වත් ඔවුන්ට පක්ෂව ඡුන්දය දෙන්නේ නැහැ. පහුගිය දවස් කිහිපයේ ඔවුන්ගේ කණ්ඩායමේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තු ආවෙත් නැහැ.
පාර්ලිමේන්තුවේ නිසි බලධාරියා කතානායකවරයා. ඔහු තීන්දුවක් ලබාදී තිබෙනවා විශ්වාශභංගය නිසි පරිදි සම්මත වුණා කියලා. පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ පිළිබඳ නිසි බලධාරියා කතානායකවරයා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි කටයුතු කළ යුතුයි. කතානායකවරයා පක්ෂග‍්‍රාහී කියලා චෝදනා කරනවානම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න. තැන තැන කෙඳිරිගාලා පළක් නැහැ. ස්ථාවර නියෝගවල ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන තිබෙනවා.
ඊළඟ පත්වෙන ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය මත ඊට එරෙහිව විශ්වාශභංගයක් ගෙනඒමට අවශ්‍ය නම් ඒක කරනවා. මේ පාර්ලිමේන්තුවේ 100ට අඩු මන්ත‍්‍රීන් සහිත ආණ්ඩුවක් තබාගෙන ඉදිරියට යන්න බැහැ. මූල්‍ය පනත් සම්මත කරගන්න බැහැ. වෙනත් නීති කිසිවක් සම්මත කරගන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය නඩු යටපත් කර ගැනීම පමණයි.
මහජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය නාලිකාවලටත් අයිතියක් තිබෙනවා. පසුගිය කාලේ අපි මාධ්‍ය දෙස බලා සිටියා. ඒ දෙස බලාසිටීමේදී අපට නිගමනය වුනා කවදාවත් මාධ්‍ය නාලිකාවලින් ජනතාව නම් දැනුවත් වෙන්නේ නැහැ කියලා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාව දැනුවත් කිරීමට අප කාර්යභාරයක් කරනවා වගේම මාධ්‍යවේදීන්ටත් කාර්යභාරයක් තිබෙනවා. අප සියලූ දෙනා එකතු වුනොත් ජනතාව දැනුවත් කරන්න පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉහත ප‍්‍රකාශය කළේ පැලවත්තේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡුාවක දී ය. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී විය.

මනෝජ් රූපසිංහ
ස්තුතිය ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *