මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තුන්වන වරටත් සම්මතයි

සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවද සම්මත වූ බව කතානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කළා.

බාධා කිරීම් මධ්‍යයේ පොලිස් ආරක්ෂාව මැද සිට සෙන්කොලය ද පසෙකින් තබාගෙන කතානායකවරයා අදාළ විශ්වාසභංග යෝජනාවට නම් වශයෙන් මන්ත්‍රීවරුන්ගේ ජන්දය විමසන බව ප්‍රකාශ කළා.

බාධා කිරීම් හමුවේ කතානායකවරයා කියා සිටියේ අද දිනයේද ස්ථාවර නියෝග යටතේ හඬ අනුව කැමැත්ත විමසීමේ රීතිය යටතේ විශ්වාසභංග යෝජනාව සම්මත බව නිවේදනය කළා.

ඒ සමඟම ජනාධිපතිවරයා විසින් පත්කළ නව ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රහාර වලින් කතානායකවරයා ආරක්ෂා කර ගැනීමට පොලීසියට දැඩි පරිශ්‍රමයක් යෙදීමට ද සිදුවුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *