මින් පසු පාර්ලිමේන්තුවට කිසි බාධාවක් නෑ : ජනපති පොරොන්දු වෙයි.

මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තමන් පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකවරයාට පොරොන්දුවක් ලබාදී ඇතැයි වාර්තා වේ. අද (15) සවස කතානායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඇතිවූ සාකච්ජාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

විශ්වාසභංගය පිළිගන්නේ නෑ

ඊයේ (14) දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව තමන් විසින් කිසිසේත් පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා විසින් කතානායකවරයා ප්‍රමුඛ පක්ෂ නායකයින් වෙත දැනුම්දී තිබේ. එම විශ්වාසභංග යෝජනාව තුල ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කල බවට සඳහන්ව ඇති බවත්, තමන් කිසිසේත් එසේ නොකල බවත්, එකී වගන්තිය නිසා තමුන්. විශ්වාසභංගය පිළිනොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

නව විශ්වාසභංගයකට ඉඩ තිබෙනවා

සිය ක්‍රියාකලාපය පිළිබඳව අන්තර්ගත නොවන, නව ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත්වන ඕනෑම විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් නිසිලෙස සම්මත කොට තමන් වෙත ඉදිරිපත් කරන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තුව සාමකාමී ලෙස පවත්වාගෙන යාම තමන්ගේද අරමුණ බැවින් ඒ සඳහා කතානායකයාට සිය සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ පක්ෂ නායකයින්ට දැනුම්දී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *