රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි… ඔහු කටයුතු කරන්නේ අවසිහියෙන්ද කියලා සැකයක් තිබෙනවා… – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂත්, කැබිනට් මණ්ඩලයකුත් පත්කළා. එය ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී, සදාචාර විරෝධී කි‍්‍රයාවක්. ජනාධිපතිවරයා, පත්කරපු අගමැතිවරයාට බහුතරය තියෙනවා කියලා විවිධ අවස්ථාවලදී කිව්වා. පහුගිය 05වැනිදා රැුස්වීමේදී 113 හදලා ඉවරයි කියලා ඔහු කිව්වා. නමුත් දිගින් දිගටම මෛතී‍්‍රපාල සිරිසේනගේ ඊනියා ආණ්ඩුවට බහුතරය හදාගන්න බැරිවුණා. බහුතරය නැතිනිසා තමයි පාර්ලිමේන්තුව වාර අවසාන කළේ. පසුව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එය අභියෝගයට ලක්කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වුණා. එහිදී ජනාධිපතිවරයාගේ ගැසට් පත‍්‍රය තාවකාලිකව අත්හිටවනු ලැබුවා. සියලූ කුමන්ත‍්‍රණ අසාර්ථක වෙලා මෛතී‍්‍රපාල සිරිසේන හත් පොළේ ගාගෙන ඉවරයි.
14වැනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයකට අනුවයි. එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය තීරණය කළ යුතුව තිබුණේ සභාව විසින්. 14වැනිදා පාර්ලිමේන්තු රැුස්වීම පිළිබඳ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී අපි දැනුම් දුන්නා, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක්ද, විශ්වාසභංගයක්ද ඉදිරිපත් කරනවා කියලා. ඒ මොහොතේ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් කතානායකවරයාට බාර දුන්නා. පාර්ලිමේන්තුව රැුස්වූ අවස්ථාවේදී සුමන්දිරන් මන්තී‍්‍රවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ගෙනාවා. එය මා විසින් සම්මත කළා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්තී‍්‍රවරුන්ගේ එකඟතාවයෙන්. පසුව විශ්වාසභංග යෝජනාව අනුර දිසානායක මන්තී‍්‍රවරයා විසින් ඉදිරිපත් කළා. නීතිවිරෝධී ගැසට් පත‍්‍රයකින් පත්කළ අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් පිළිබඳව විශ්වාසයක් නැති බව අපි යෝජනා කළා. විශ්වාසභංගය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතුව තිබුණා. නමුත් පාර්ලිමේන්තුව කඩාකප්පල්කාරී කිරීම නිසා විවාදයකින් තොරව ඡුන්ද විමසීමකට යාමට සිදුවුණා. ඡුන්ද විමසීම ප‍්‍රකාශයට පත්කළා. එයද ඔවුන් විසින් කඩාකප්පල් කළා. කුමන්ත‍්‍රණකාරීන්ගේ කුමන්ත‍්‍රණ පරාජයට පත්වීම නිසා ඔවුන්ගේ එකම අරමුණ වෙලා තිබුණේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට නොදී කඩාකප්පල් කිරීමයි. නමුත් කතානායකතුමා ස්ථාවර නියෝගවල බලතල කි‍්‍රයාත්මක කළා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි ස්ථාවර නියෝග හදලා තියෙන්නේ. කතානායකතුමා කිසිදු වෙලාවක ස්ථාවර නියෝගවලට පටහැනිව වැඩ කළේ නැහැ.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 122ක් විශ්වාසභංගයට පක්‍ෂව ඡුන්දය පාවිච්චි කළා. ඒ යෝජනාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලූ පත් කරන ලද කැබිනට් ධුරද නිශේධනය වෙනවා. මේ මොහොත වනවිට රටේ අගමැතිවරයෙක් හෝ ඇමති මණ්ඩලයක් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48.2 අනු ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් අනුමත කළහොත් කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඒ වගේම 46.2 අනු ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතිනා තාක් පමණයි. එම නිසා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම සිදුකළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. දැන් කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමයි. රට අස්ථාවර කරන්නේ නැතිව අරාජික කරන්නේ නැතිව අවුලෙන් අවුලට පත්කරන්නේ නැතිව රට ස්ථාවර කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් ජනාධිපතිවරයා විසින් තව තවත් රට අවුල් කරමින් තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අද උදේ 8.30ට පක්‍ෂ නායක රැුස්වීමක් යොදා තිබුණා. අපි ඒ සඳහා සහභාගී වීමට තීරණය කළා. නමුත් ඊයේ රාතී‍්‍ර ජනාධිපතිවරයා කතානායකවරයාට ලිපියක් යවා තිබුණා. එයින් කියා තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් සම්මත කළ විශ්වාසභංගය ප‍්‍රතික්‍ෂේප කරන බවයි. ජනාධිපතිවරයා එසේ කරන්නේ කොහොමද? එපමණක් නොව කතානායකවරයා ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග නොසලකා කටයුතු කළ බවත් කියා තිබුණා. කිසිදු කඩකිරීමක් කළේ නැහැ. කතානායකවරයා සියල්ල සිදුකළේ ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුවයි. ව්‍යවස්ථාව තුන් හතර වතාවක් උල්ලංඝනය කරපු මෛතී‍්‍රපාල සිරිසේනට කිසිදු සදාචාර අයිතියක් නැහැ එවැනි ලිපියක් ලියන්න. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ තීරණය අනුව කටයුතු කිරීමයි. ලැජ්ජාවට කරුණ වන්නේ ඔහු පාර්ලිමේන්තුවෙන් යවපු අත්සන් ලේඛනවල අඩුපාඩු හොයනවා. අත්සන් ලේඛනවල දින යොදා ඇති ආකාරය ගැනත් හොයනවා. විශ්වාසභංගයක් කලින් අත්සන් කොට තබාගත හැකියි. එදිනම අත්සන් කළ යුතු යැයි කොහේවත් සඳහන් වන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් විශ්වාසභංගයක් සම්මත වූ පසු ජනාධිපතිවරයාට අත්සන් ලේඛනයක් යැවිය යුතු නැහැ. කතානායකතුමා දැනුම්දිය යුත්තේ යෝජනාව සම්මත වූ බව පමණයි. නමුත් ජනාධිපතිවරයා රටේ මූලික පුරවැසියා ලෙස පහත් ආකාරයේ ලිපි ලිවීම පිළිබඳව ලැජ්ජයි. ජනාධිපතිවරයා දැන් කරමින් තිබෙන්නේ දෙකේ පංතියේ වැඩ. මනස විකල් වෙලා, පියවි සිහියෙන්ද වැඩ කරන්නේ කියලා පැහැදිළි ප‍්‍රශ්නයක් තියෙනවා. මෛතී‍්‍රපාල සිරිසේනලාට, මහින්ද රාජපක්‍ෂලාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව පැහැදිලියි. විශ්වාසභංගය වොලාවේදී ඒ පැත්තට ගිය හතර දෙනෙක් අනෙක් පැත්තට ආවා. ඔවුන් විශ්වාසභංගයට අත්සන් කළා. එය මුලූ රටම දැක්කා. දැන් තියෙන ප‍්‍රශ්නය ඔවුන්ගේ බැරිකම පිළිනොගැනීමයි. කරපු කුමන්ත‍්‍රණ හැම එකක්ම පරාදයි. මෛතී‍්‍රපාල හැම තුරුම්පුවක්ම කුජීත වෙලා ඉවරයි.
දැන් ඔවුන්ගේ එකම අරමුණ වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී ඡුන්ද විමසීමක් එන එක වලක්වා ගැනීමයි. අද පාර්ලිමේන්තුවේදී සිදු වුණෙත් එම කඩාකප්පල් කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බලාපොරොත්තුවෙන් හිටියා, වර්තමානයේ රටේ මතුවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව කල් තැබීමේ විවාදයක් ගේන්න. නමුත් එයට කලින් මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට කතාවක් කිරීමට අවශ්‍ය බව කතානායකට දැනුම් දී තිබුණු නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන ගරු කිරීමක් ලෙස කතානායකවරයා ඔහුට අවස්ථාව ලබාදුන්නා. අගමැතිවරයා ලෙස නොව මන්තී‍්‍රවරයෙක් ලෙස ලබා දෙන අයිතියක් ලෙසයි. කතානායකවරයා අද උදේ පැහැදිලිව ප‍්‍රකාශයට පත්කළා දැන් මේ රටේ අගමැතිවරයෙක් හෝ කිසිදු ඇමතිවරයෙක් කි‍්‍රයාත්මක නැහැ කියලා. මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ කතාව පිළිබඳව කිරිඇල්ල මන්තී‍්‍රවරයා ඡුන්දයක් අවශ්‍ය බව පැවසුවා. ඒක මන්තී‍්‍රවරයෙකුට ඇති අයිිතියක්. පහුගිය ආණ්ඩුව කාලයේ කරු ජයසූරිය මන්තී‍්‍රවරයා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්න හදපු වෙලාවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා එවැනි ඡුන්දයක් ඉල්ලා සිටියා. එහෙම කරලා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව තමයි මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ කතාවට ඡුන්දයක් ඉල්ලූවේ. කතානායකවරයා නම් වශයෙන් ඡුන්දයට යන්න නියෝගයක් දුන්න වෙලාවේ තමයි බංකොළොත් කණ්ඩායම තමන්ට බහුතරය නැති නිසා සභාව මැදට පැනලා කඩාකප්පල්කාරී ලෙස හැසිරුණේ. සෙංකෝලය උස්ස ගන්න හදලා කතානායකතුමාට තර්ජනය කරලා අසෝභන ලෙස හැසිරුණා. තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයා තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. අවසානයේ කතානායකතුමාට කතා කිරීමට තිබුණු මයික‍්‍රෆෝනයත් ගලවලා දැම්මා. මුලූ රටම සජීවීව එම සිදුවීම් මාලාව දැක්කා. අද සිදුවීමත් කුමන්ත‍්‍රණයේම දිගුවක්.
ඔවුන්ට බහුතරය නැති නිසා ඡුන්දයක් එන සෑම වෙලාවකම එය කඩාකප්පල් කරනවා. ඔවුන්ගේ බැරිකම වසා ගැනීමට උපක‍්‍රමයක් ලෙස එය පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුව හෙටට කල් තබන අවස්ථාවේදී වාසුදේව, දිනේෂ් ගුණවර්ධන හෙට පාර්ලිමේන්තුව කැඳවන එකට විරුද්ධ වෙනවා. ඇයි පාර්ලිමේන්තුව කැඳවනවාට බය? පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන තැන. පාර්ලිමේන්තුව කැඳවීමේ සම්පූර්ණ අයිතිය කතානායකවරයාට තිබෙනවා. ඒ නිසා හෙට නැවතත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි ඉල්ලා සිටියා. ඡුන්දයකට යන්න ඕනෑ කියන කට්ටිය පාර්ලිමේන්තුව කැඳවනවාට බයයි. මුලින් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවාද කියලා දැනගන්න පාර්ලිමේන්තුව ඇතුළේ මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයකට ඉඩ දෙන්න. ජනාධිපතිවරයාට අවධාරනය කරනවා, ඔබ තමයි මේ රට අවුලට පත්කළේ. දැන්වත් පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ තීන්දුවට හිස නමලා තමන්ගේ බැරිකම තේරුම් අරගෙන නිහතමානී වෙලා වැඩ කරන්න කියලා. පත්කළ ආණ්ඩුවේ කාලය අවසන්. දැන් අලූත් ආණ්ඩුවක් පත්කළ යුතුව තිබෙනවා. අලූත් අගමැති පත්කළ යුතුව තිබෙනවා. අලූත් ඇමති මණ්ඩලයක් පත්කළ යුතුයි. ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ එයයි. බාල, දෙකේ පංතියේ ලියුම් ලියන එක ඔහු නැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා දෙකෝටියන් ජනතාවගේ ජීවිතවලට වගකිව යුතුයි. මුලූ රටම තනි පුද්ගලයෙකුගේ තීන්දු මත රඳා පවතින තත්වයක් ඇතිවෙලා. තවත් කල් මරන්නේ නැතිව රට තුළ ඇතිවෙලා තියෙන අවුල්සහගත තත්වය නිරවුල් කරන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.
මෛතී‍්‍රපාල සිරිසේන හිතනවා නම් තමන් පත්කළ ආණ්ඩුව නීත්‍යානුකූලව පත්කළා කියලා අපි මොහොතකට එය හරි කියලා හිතමු. එහෙම නම් ඊයේ එම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් මන්තී‍්‍රවරුන් 122ක් විසින් සම්මත කරගනු ලැබුවා. එවිට එම ආණ්ඩුව දැන් විශ්වාසභංගයෙන් පරාජයට පත්වෙලා ඉවරයි.
රට මින් පසු ඉදිරියට යනවද පසුපසට යනවද කියල තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයායි. දැන් ලබන අවුරුද්දට අයවැයක් නැහැ. ජනවාරි මාසයේ ඉඳලා රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න මුදල් නැහැ. ආර්ථිකය කඩා වැටිලා. රුපියල තවත් බාල්දු වෙලා. ඒ වගේම ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් රට විශාල අර්බුදයකට වැටෙනවා. එනිසා තමයි අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ රට තවත් අවුලට පත් නොකර ඒ ප‍්‍රශ්නය විසඳිය යුතුයි කියලා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනෑ නීති විරෝධී ආණ්ඩුව ඉවත් කරලයි. නීති විරෝධී ආණ්ඩුවක් හදාගෙන එම ආණ්ඩුව යටතේ කැඳවන පාර්ලිමේන්තු මැතිවරණයක් නීත්‍යානුකූල නැහැ. ඒ මැතිවරණයෙන් පත්වන මන්තී‍්‍රවරුන්ද නීත්‍යානුකූල නැහැ. ඒ නිසා නීතිවිරෝධී ආණ්ඩුව ඉවත් කරලා නීත්‍යානුකූල ආණ්ඩුවක් හදලා නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් පත්කරලා තමයි මැතිවරණයකට යා යුත්තේ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් එය 2/3න් සම්මත කරගත් පසුව මැතිවරණයකට යන්න පුළුවන්.
ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයාගේ අනුදැනුම මතයි ජනතා විමුක්ති පෙරමුණ තීන්දු-තීරණ ගන්නේ. අපි ගන්නා සෑම තීන්දුවක් පිළිබඳවම පක්‍ෂයට, සාමාජිකයාට වගකියනවා. එහෙම නැහැ කියලා මතයක් හදන්න සමහරු උත්සාහ කරනවා. අපි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන්. කිසිදු දේශපාලන පක්‍ෂයකට පක්‍ෂග‍්‍රාහී තීන්දු අපි ගන්නේ නැහැ. එය ජවිපෙ සාමාජිකයෝ දන්නවා. ජවිපෙ සාමාජිකයන්ට ජවිපෙ තීන්දු ගැන ප‍්‍රශ්නයක් නැහැ. ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ රාජපක්‍ෂගේ වලව්වේ වළං හෝදලා ඇමති කට්ටක් සූප්පු කරකර හිටපු උන්නැහේලාට ඇමති කට්ටක් නැතිව අවුරුදු තුන හමාරක් ඉන්න සිදුවුණු එකයි. දැන් ඇමති කට්ටත් නැති වෙලා නඩු පිට නඩු වැටිලා හිරකූඩුවේ ලගින්න ළං වෙලා තියෙන නිසා මෛතී‍්‍රපාල මහත්තයා ළඟ දණින් වැටිලා නඩුවලින් බේරෙන්නයි. ඒ ආණ්ඩුවේ ඇමතිකම නැතිවෙයි කියලා හිතෙනකොට ඒ ඔඩොක්කු කුක්කන්ට බයයි. එතකොට තමයි, ජවිපෙ රෝහණ විජේවීර සහෝදරයාව මතක් වෙන්නේ. වීරවංශට පුළුවන්ද රෝහණ විජේවීර සහෝදරයාට, සහෝදරයා කියලා කියන්න? ධනපති ගුබ්බෑයංවලට රිංගලා වළං හෝදන ගමන් රෝහණ විජේවීර සහෝදරයාගේ නම කියන්නවත් වීරවංශ නැමති පාදඩ දේශපාලඥයාට සදාචාරාත්මක අයිතියක් නැති බව ජවිපෙ සාමාජිකයින් සියලූ දෙනා දන්නවා. රෝහණ විජේවීර සහෝදරයා තමන්ගේ ජීවිතය කැපකළේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ අයිතිය වෙනුවෙන්. ධනපති ගුබ්බෑයං අස්සේ රිංගලා, වලව්වල වළං හෝදලා ඇමති කටු ගත්ත කෙනෙක් නෙවෙයි. අපි වීරවංශට කියනවා, පුළුවන්නම් ධනපති ගුබ්බෑයමින් එළියට ඇවිත් රෝහණ විජේවීර සහෝදරයාගේ ප‍්‍රතිපත්තිවල හිටගෙන පෙන්වන්න කියලා.
මනෝජ් රූපසිංහ
ස්තුතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *