කතානායකගේ මයික්‍රෆෝනය ගලවන්න ගිය දිළුම් අමුණුගමට තුවාල

මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලා සිටීමෙන් පසුව පාර්ලිමේන්තුව උණුසුම් විය. ඉන් අනතුරුව කතානායකවරයාගේ ආසනය වටකර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දැඩි බහින් බස්වීමක් සිදු විය.
මේ අතර කතානායකවරයාගේ මයික්‍රෆෝනය ගලවා දැමීමට දිළුම් අමුණුගම සහ ආනන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරුන් උත්සාහ කළ අතර එහිදී දිළුම් අමුණුගමගේ අතට තුවාල සිදුව ඇති බව වාර්තා වේ. ඔහු මේ වනවිට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.
පැවති උණුසුම්කාරී තත්වය හමුවේ කතානායකවරයා වෙත මන්ත්‍රීවරුන් විසින් විවිධ දෑ විසිකිරීමට පටන් ගත් හෙයින් කතානායකවරයා සිය ආසනයෙන් නැගිට ගියේය. ඉන් අනතුරුව මන්ත්‍රීවරයෙකු විසින් කතානායකවරයාගේ ආසනය මත ජලය වත්කර ඇති බව ද පෙනෙන්නට තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *