පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක්

පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පුරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරන බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

කතානායකවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ කතානායකවරයා විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යොමු කරන ලද ලිපියට පිළිතුරු වශයෙනි.

තමන්ට බහුතරයක් පෙන්වීමේ ශඛ්‍යතාවක් නොමැති බව අවබෝධ කරගත් නව රජයේ මැති ඇමැතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට නිගරු කරමින්, ස්ථාවර නියෝග පසෙකලා ක්‍රියා කළ ආකාරය ද, සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරමින් ඉතාමත් අශිෂ්ඨ පහත් වචන පාවිච්චි කරමින් හැසිරුණු ආකාරය ද ගරු මන්ත්‍රීතුමා යන ආමන්ත්‍රණයට කිසි ලෙසකින්වත් සුදුදු නොවන බව ද කතානායකවරයා සඳහන් කර තිබේ.

‘‘ඔවුන් මෙම අශෝබන ක්‍රියාකලාපය තුලින් ස්ථාවර නියෝග අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමට හිතාමතාම බාධා කළ ආකාරය  පාර්ලිමේන්තුවේ පටිගත කරන ලද සංයුක්ත තැටි නැරඹීමෙන් ඔබතුමාට අවබෝධ කර ගත හැකිය.‘‘ යනුවෙන් ද කතානායකවරයා ජනාධිපතිට යැවූ ලිපියේ දැක්වේ.

lankadeepa

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *