yukthiya

අධිකරණය අසලදී වාසුදේවට හූ තබති

රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ.

ඒ මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් ලබා  දෙමින් ‘ජනාධිපතිතුමාට විධායක බලයට අමතරව ජනවාගේ බලයකුත් තිබෙන බව මතක තියා ගන්න.‘‘  පවසා පිටව යන්නට උත්සාහ කරද්දී පිරිස හූ තැබූහ.

‘අඩෝ හූ කියන්න? හූ කිව්වේ කවුද?‘ යැයි විමසමින් වාසුදේව මහතා ඒ දෙසට වේගයෙන් යන්නට වූහ. එවිට පිරිස ‘වට්ටක්කා ලාබයි‘ ආදී දෑ කියමින් ඇමැතිවරයාට උසුලු විසුළු කළහ.

ඇමැතිවරයා – ‘හූ කියන්න මෙහෙට වරෙං‘

පුද්ගලයෙක් – අධිකරණය මේ.

ඇමැතිවරයා – අධිකරණය තමයි. උඹට කලින් මං අධිකරණයට ආවේ. අධිකරණයට ඇවිත් මුන්ට පුලුවන්ද මෙහෙම හැසිරෙන්න.

පුද්ගලයෙක් – පාර්ලිමේන්තුවේ දී  එතුමට නොසරුප් වචන කියන්න පුලුවන් නම් හූ කිව්වාම මොකද වෙන්නේ.

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)  – ලංකාදීප

ඡායාරූප – ලහිරු හර්ෂණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *