අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගුණමකු අසත්පුරුෂයෙක් – ගාමිණි වියන්ගොඩ

19 වෙනි සංසෝධනයක් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා. ඒ වෙනස් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ  කොහෙවත් නැහැ, අගමැතිවරයාව ජනාධිපතිවරයාට ඉවත් කළ හැකියි කියල. ලියුමකින්වත් වෙනත් ආකාරයකින්වත් ගැසට් නිවේදනයකින්වත් කිසිම දේකින් අගමැතිවරයාව ඉවත් කිරීමේ බලයක් වර්ථමාන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට නැ. දේශපාලන විශ්ලේෂක, ග්‍රන්ථ කර්කෘ ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශකළේ ඊයේ (10) කොළඹ දී පැවති පුවත්වත් සාකච්ඡාවක දී ය. මේ අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, චන්ද්‍රගුප්ත තේනුවර, ජනරංජන, සිරිමසිරි හපුආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වූහ.

1948 ඉඳලා මේ වන ‍තෙක් මේ වගේ ගුණමකු පාලකයෙක් පත්වෙලා නෑ. ඒ වගේම අපි රජකාලෙට ගියොත්, රජකාලෙ වුණත් මේ වගේ අසත්පුරුෂ පාලකයෝ හිටියා නම්, හිටියෙ කිහිප දෙනයි. ඒ වගේ ගුණමකු අසත්පුරුෂයෙක් තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. මේ පුද්ගලයා පසු ගිය 26 වෙනිදා ඉඳලා එක දිගටම කිව්වේ පට්ටපල් බො‍රු. ඒ වගේම ඔහු එදා ඉඳලා කෙරුවෙ මේ රටේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගනය කිරීම, නීති විරෝධීව නියෝග නිකුත් කිරීම මේ ආදි වශයෙන් ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි තරමේ වැරදි තමයි මේ මනුස්සයා පසුගිය 24 වෙනිදා ඉඳලා ඊයේ රෑ වෙකල් කරල තියෙන්නෙ.  මුලින්ම ඔහු අගමැතිවරයාව ඉවත් කරනවා ලියුමකින්, ලිපියකින් අගමැතිවරයාව ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තිබුණේ 18 වන සංසෝධනය යටතේ. ඒ කියන්නේ මීට කලින් තිබුණු ව්‍යවස්ථාව යටතේ.

එ‍තකොට මේ මනුස්සයම තමයි 19 වෙනි සංසෝධනයක් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ. ඒ වෙනස් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ කොහෙවත්, අගමැතිවරයාව ජනාධිපතිවරයාට ඉවත් කළ හැකියි කියල. ලියුමකින්වත් වෙනත් ආකාරයකින්වත් ගැසට් නිවේදනයකින්වත් කිසිම දේකින් අගමැතිවරයාව ඉවත් කිරීමේ බලයක් වර්ථමාන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට නැ. එහෙම තියෙද්දි මේ අසත්පුරුෂයා ගිය 26 වෙනිදා අගමැති රනිල් විකමසිංහව ඉවත් කළා.

ඊළඟට මොහු 2015 දී හැටදෙලක්ෂයක් ජනතාව පරාජයට පත් කරපු මහින්ද රාජපක්ෂ ගෙනල්ලා වාඩිකෙරෙවුවා, මේ කියන හොර අගමැති පුටුවේ. එතකොට නිල අගමැතිවරයෙක් ඉන්නව. ඒ වගේම හොර අගමැතිවරයෙක් ඉන්නව. මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවිරෝධීව පත් කරපු. ඊළඟට මොහු රටට කිව්‍වා, මම මේ හොර අගමැතියව පත්කරල තියෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා වශයෙන් මා විස්වාස කරන විදිහටය කියල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි. පාර්ලිමේන්තුවේ අගමැති වරයෙක් පත්කරන්නේ ඒ පාර්ලිමේන්තුවේ වැඩිම දෙනාගේ විශ්වාසය දිනාගත හැකියැයි ජනාධිපතිවරයා විශ්වාස කරන කෙනෙක්. එතකොට ඔහු කිව්වා ‘මට විශ්වාසය තියනව. මම ඒක පෙන්නනව’ විශ්වාසය තියෙනව කියන්නෙ 113 කට වඩා මහින්ද රාජපක්ෂට තියෙනවයි කියන එක පෙන්නුම් කරනව කියල තමයි හොර අගමැතිව ජනාධිපතිවරයා එදා පත් කෙරුවෙ.

මොකක්ද වුණේ ඊට පහවදා මේ හොරා පාර්ලිමේන්තුව වැහුව්වා. එතකොට පාර්ලිමේන්තුව වැහුවට පස්සෙ කොහොමද ඔප්පු කරන්නෙ, අර හොර අගමැතිට තමන් කියපු විදිහට බහුතරයක් තියෙනව කියල. එතකොට මේකෙන් පෙන්නේ මොකක්ද, මේ හොරකම කරන වෙලාවේ, මේ අසත්පුරුෂයාට තිබුණේ නැහැ බහුතරයක්. බහුතරයක් නැතුවයි මේ නොසන්ඩාල වඩේ මේ මනුස්සයා කෙරුවෙ. ඊළඟට එයාගෙ හෙන්චයියො දාගෙන දිගටම කියන්න පටන් ගත්තා අපි 16 වෙනිදාට ඒ කියන්නෙ ඊළඟට පාර්ලිමේන්තුව රැස්කරන දවසට 113 පෙන්නනව කියල. ඊයේ වෙනකල් කයිවාරු ගැහුව්වො මේක පෙන්නනවා කියල. ඊට පස්සෙ ඊයෙ මොකක්ද කළේ? ඊයේ තවත් ව්‍යවස්ථා විරෝධිවැඩක් කළා, පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තිබුණා අර මම කිව්ව 18වන ව්‍යවස්ථා සංසෝධණය යටතේ කියල මම කිව්ව.  එකේ තිබුණෙ අලුතෙන් බලයට පත්වෙච්ච පාර්ලිමේන්තුවක්, අවුරුද්දක කාල‍යක ඇවෑමෙන් විතරයි. ඒ අවුරුදක් ගියාට පස්සෙත් විසුරුවන්න පුළුවන් වෙන්නෙ ඊට කලින් තිබුණ පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් විසුරුවා හැර තිබණොත් විතරයි. අලුත් ව්‍යවන්ථාව යටතේ මේක අයින් කෙරුවා. මේ කොන්දේසි දෙකම අයින් කළා අයින් කරලා දැම්මා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේ පාර්ලිමේන්තුව මුලින් රැස් කළ දවසේ සිට අවුරුදු හතර හාමාරකට පසුව පමණි කියල. 2015 අගෝස්තු මාසේ තමයි මේ පාර්ලිමේන්තුව පත්වුණේ. ඒ අනුව අවුරුදු හතර හමාරක් ගිහිල්ලා නෑ. එහෙම තියෙද්දි මේ අසත් පුරුෂයා නැවතත් අර ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ඊයේ රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

සමහර මිනිස්සු අපෙන් ඇහුව්වා පසුගිය දවස්වල, ඇයි ඔච්චර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරල තියෙද්දි උසාවි යන්නැත්තෙ කියල. සමහර අය මැතිවරණ නිරික්ෂකයො කියාගන්න මෛත්‍රිපාලට කඩේ යන අය. සමහර අය දැන් අහනව ඇයි අධිකරණයට නොගියෙ කියල. සමහර අයට තෙරෙන්නේ නෑ අපි ඇයි අධිකරණයට නොගියෙ කියල. මේ රටකට ඉස්සල්ලම උගන්වන්න ඕනැ දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව අනුව අධිකරණයට යන්නේ පාර්ලිමේන්තුව පිළිබඳ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවෙදි විසඳගන්න බැරි අවස්ථාවක. ඊයෙ රෑ වෙනකම් පාර්ලිමේන්තුවක් මේ රටේ තිබුණා. ඒ තිබුණ පාර්ලිමේන්තුවෙන් තමයි නීතිවි‍රෝධි විදිහට හා ව්‍යවස්ථා විරෝධිවිදිහට අගමැතිවරයව ඉවත් කරල වාර අවසාන කරල තිබුණෙ.

ඒ නිසා අපේ දේශපාලනික අරගලය විය යුතුව තිබුණෙ, වාරඅවසානය අවසන් කරලා නැවත පාර්ලිමේන්තුව කැඳවවීමයි. මේ අසත් පුරුෂයා කරපු වැඩෙන් දේශපාලනික වශයෙන් ව්‍යවස්ථාමය වශයෙන් වැරදියි කියලා පාර්ලිමේන්තුවේදීම ඔප්පු කිරීමයි අපේ කාර්යභාරය වෙලා තිබුණෙ. ඒක නිසා තමයි අධිකරණයට ගියේ නැත්තේ. එක එක අය කියන කියන වෙලාවට ව්‍යවස්ථාව උල්ලංගනය කරන විට අධිකරණයට යාම නොවෙයි කළ යුත්තෙ. පාර්ලිමේන්තු‍ව ඇතුළෙයි මේක විසඳාගත යුත්තෙ. එතනතමයි මහජන පරමාධිපත්‍ය තියන තැන. ඒ නිසා ඒකෙ අවසානයක් දක්වාම අපි ගියා. ඒක අවසාන වුණේ ඊයෙ රෑ 12ට. අන්න එතන ඉඳලා දැන් කියනව පාර්ලිමේන්තුව දැන් ඉවරයි කියල. ඒක ව්‍යවස්ථා විරෝධියි. ඒක නිසා අපි දැන් යනව අධිකරණයට. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය රටක තියෙන.

මනෝජ් රූපසිංහ   

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *