සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ – බන්දුල තැටිය මාරු කරයි

සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය අහෝසි කිරීම “හරක්” වැඩක් බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකදීය.

සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත් ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු එහිදී පවසා ඇත.

එම ගිවිසුම සම්බන්ධයෙන් හොඳින් අධ්‍යනය කළ යුතු බවත් එවැනි අධ්‍යනයකින් තොරව ගිවිසුම අහෝසි කිරීම සුදුසු නොවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

“දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නැහැ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ මම කරන්න යන්නේ නැහැ.” යැයි ද බන්දුල ගුණවර්ධන මහතා එහිදී සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්විමින් සඳහන් කර ඇත.

කෙසේ නමුත් බන්දුල ගුණවර්ධන මහතා මීට මාස කිහිපයකට පෙර සඳහන් කර සිටියේ මෙම සිංගප්පූරු ගිවිසුම සම්පූර්ණයෙන්ම රටට අහිත කර බවත් එය අහෝසි කළ යුතු බවත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *