පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ජනවාරි 5

>පාර්ලිමේන්තුව ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත.නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට  26 වැනි දින දක්වා  දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.

2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *