|

දෙමල ජාතික සන්ධානයේ තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති හමුවී කියයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මැතිතුමා, ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් මැතිතුමා , ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා යන අය අද දින අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසී සාකච්ඡා කරන ලදී.  මෙම සාකච්ඡාව පැය 1 ½ ක කාලයක් පැවැත්විණි.

 

රටේ වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් විය.  මෙහිදී අතිගරු ජනාධිපතිතුමා තමා ගත් ඇතැම් තීන්දුවලට බලපෑ පසුබිම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමට පැහැදිලි  කළේය. මෙම අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය හා එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගෙන ඇති තීන්දු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායම අතිගරු ජනාධිපතිතුමාටද පැහැදිලි කරන ලදී.  මෙම තීරණ පිළිබඳව ප්‍රසිද්ධව මුළු රටටම හා ලෝකයටම දැනුම් දී ඇත.  තමන් විසින් පෙර ගෙන තිබෙන තීරණය වෙනස් කිරීමට නොහැකි බවත්, එම තීරණයට අනුව තමන් ක්‍රියා කරන බවත්, දෙමළ ජාතික සන්ධානය විසින් අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි කරන ලදී.

සියළුම පක්ෂවල එකඟත්වයෙන් රටේ පවතින දේශපාලන තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමට අනාගතයේදී ජනාධිපතිතුමන් විසින් ගන්නා ක්‍රියා මාර්ගවලට එතුමා සමඟ සාකච්ඡා කර, දෙමළ ජාතික සන්ධානය තම පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, දෙමළ ජාතික සන්ධානය විසින් අතිගරු ජනාධිපතිතුමන් හට සහතික විය. මෙම තත්ත්වය ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමට දැනට තීරණය කර ඇති දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට අතිගරු ජනාධිපතිතුමන් වෙත දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරන ලදී.  මෙම ඉල්ලීම කෙරෙහි තමා දැඩි අවධානය යොමු කරන බවද අතිගරු ජනාධිපතිතුමා සහතික විය.

එම්.ඒ. සුමන්තිරන් (පා.ම.)

ප්‍රකාශක

දෙමළ ජාතික සන්ධානය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *