ඡන්දය දුන් අය ගල් ගහනවා – අශෝක ප්‍රියන්ත

තමා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමෙන් පසුව, තමා එජාපයට ද්‍රොහි වූ බව පවසමින්  තමාට ඡන්දය දුන් ජනතාව පැමිණ තම නිවස වටකර ගල් මුල් වලින් පහර දීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති  අ‍ශෝක ප්‍රියන්ත මහතා පොලීසියට පැමිණිලිකර ඇත.

නාත්තන්ඩිය මරද ප්‍රදේශයේ ඇති ඒ මහතාගේ නිවසට මාරවිල පොලීසිය විසින් මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර ප්‍රදේශයේ ජංගම පොලිස් මුර සංචාරයක්ද පවත්වාගෙන යන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *