පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

ඇතිවී තිබෙන මෙම අර්බුදයෙන් මැදිහත්ව සිතන ජනතාවට දේශපාලන දැනුම, අවබෝධය ලබාගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මිල සූත‍්‍රයක් හදලා, මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැම්මා. රුපියල බාල්දු වුණා. භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා. එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බලසූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල් මිල, බඩුමිල, බැංකු පොලී අනුපාත අඩුු කරන්න ගත්තා. මීට කලින් ආණ්ඩුවට අඩුකරන්න බැරි දේවල් එක පාරම අඩු කරන්නේ කොහොමද? මේ බලසූදුවට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව පැන නැගෙන ජනතා විරෝධය යටපත් කරන්න තමයි කැරට් අල දෙන්න පටන්ගත්තේ. මේවා හරියට ඡුන්ද කාලෙට ජනතාවට දෙන කැරට් අල වගේමයි. තමන්ගේ හොරා තමන්ට හොඳා කියන, තමන්ගේ පක්‍ෂයෙන් දෙන ඕනෑම අසූචි ගොඩක් වළඳන ජනතාවට නෙවෙයි අපි මේ කියන්නේ. මධ්‍යස්ථව සිතන රටේ ජනතාවට හිතන්න ඕනෑකරන වටපිටාවක් දැන් ගොඩනැගී තිබෙනවා. මේ සහන තාවකාලිකයි. මන්තී‍්‍රවරු සල්ලිවලට ගන්න කි‍්‍රයාමාර්ගවලට එරෙහිව නැගෙන විරෝධය යට ගහන්න දෙන ලොසිංජර පමණයි. අපි ජනමාධ්‍යවලට කියනවා, මේවා පළකළ යුත්තේ සහන කියලා නොව ජනතාව රවටන්න දෙන ලොසිංජර කියලයි.
මන්තීවරු විකිණීමේ සූදුව පිළිබඳව පුදුම වෙන්න දේකුත් නැහැ. මේ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවට ආවේ දොරවල් කඩාගෙන නෙවෙයි, ජනතාවගේ ඡුන්දෙන්. ඡුන්ද කාලෙට රැුකියාවට, බඩු මල්ලට, සාරියට ජනතාව විකුණුනා. ඒ ඡුන්දෙන් පත්වුණු මන්තී‍්‍රවරු ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න මන්තී‍්‍රකම්, ඇමතිකම විකුණනවා. සල්ලිවලට විකිණෙන පුද්ගලයින් ඇමතිතුමාලා, මන්තී‍්‍රතුමාලා වෙන්නේ නැහැ. අපි තවදුරටත් එවැනි පුද්ගලයින්ට ඇමතිතුමා, මන්තී‍්‍රතුමා, අගමැතතුමා කියන්න සූදානම් නැහැ. ජනතාවත් එයට සූදානම් නැහැ. අද මහින්දගේ පැත්තට විකිණෙන අය හෙට රනිල්ගේ පැත්තට විකිණෙන්න පුලූවන්. එවැනි පුද්ගලයින්ට මන්තී‍්‍රතුමා, ඇමතිතුමා කියන්න ජනතාවට පුළුවන්ද? මාධ්‍යවලට පුළුවන්ද? මීට පස්සේ ඒ වරද කරන්න එපා. අපි ජනතාවගෙන්, මාධ්‍යවලින් ඉල්ලනවා, නරඹන්නන් නොවී එවැනි පුද්ගලයින්ට පණිවුඩයක් දෙන්න සුදුසු කි‍්‍රයාමාර්ගයක් ගන්න කියලා.
ජවිපෙ 20වැනි සංශෝධනය ගේනවා කියනකොට, වගන්ති දැක්කෙත් නැතිව 20න් රට බෙදනවා, රට අරාජික වෙනවා, රට කොටියට දෙනවා කියලා කියපු හාමුදුරුවරු පිරිසක් හිටියා. ටී.එන්.ඒ. මන්තී‍්‍රවරයෙක් රාජපක්‍ෂලාගේ පැත්තට ආවා. 20ට විරුද්ධ වුණු හාමුදුරුවන් වහන්සේලාගෙන් අපි දැනගන්න කැමතියි ඒ ගැන මොකක්ද කියන්නේ? ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු මහින්දගේ පැත්තට ගත්තාම රට බෙදෙන්නේ නැද්ද? පැහැදිළි කිරීමක් හාමුදරුවන් වහන්සේලාට කරන්න පුළුවන්ද? මේ සිදුවීම්වලින් 20වැනි සංශෝධනය තව තවත් තහවුරු වෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව ඔප්පු කරනවා. 20හි වලංගුතාවය තමයි රනිල්-මෛතී‍්‍ර-මහින්ද දැන් ඔප්පු කරමින් තිබෙන්නේ. අපේ රටේ ජනතාවට මග පෙන්වන්න ප‍්‍රගතිශීලී සිවිල් සංවිධානවලට පුළුවන්. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ග ප‍්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේම අපේ රටේ මාධ්‍යවලට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. සමාජ මාධ්‍යවල, ප‍්‍රවෘත්ති වෙබ් අඩවිවල තමන්ගේ මතය ප‍්‍රකාශ කරලා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහි වෙන්න කියලා අපි ඔවුන්ට විවෘත ආරාධනයක් කරනවා. අපි සියලූ දෙනා එකතු වෙලා ජනතාවගේ ඡුන්දයට අපහාස කරන ජනතා පරමාධිපත්‍ය හෑල්ලූ කරන මෙම දේශපාලන කුමන්ත‍්‍රණ පරාජය කරමු. එය අපේ වගකීමක්. අද මෛතී‍්‍ර-මහින්ද පෙන්වන මෙම ආදර්ශය ඉදිරියේදී තවත් කණ්ඩායමකට පූර්වාදර්ශයක් වෙන්න පුලූවන්. ඉදිරියේදී කවුරුන් හෝ මේ කි‍්‍රයාව කළොත් විරුද්ධ වෙන්න කාටවත් බැරිවෙයි. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණ එක එක ගොඩවල්වලට දාන්න හදන උත්සාහයන්වලට රැුවටෙන්න එපා කියලා.
දැන් සිදුවෙන සිදුවීම්වලින් ජනතාවට තේරෙනවා, හිතන්න අවස්ථාවක් ලැබී තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් 06දෙනාට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වා නම් හොඳයි කියලා. දැන් සිදුවෙන මජර දේශපාලනය වෙනස් කරන්න ජවිපෙට මන්තී‍්‍රවරුන් 25-30ක් හිටියා නම් ශක්තියක් ලැබෙනවා. මේ අවස්ථාව ජනතාවට ලොකු පාඩමක් කියා දෙනවා. එනිසා ජනතාව ඉදිරියේදී තමන්ගේ යුතුකම ඉටු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ජවිපෙ මන්තී‍්‍රවරුන් 06දෙනාගෙන් ගතහැකි උපරිම කි‍්‍රයාමාර්ග පාර්ලිමේන්තුවේදී ගන්නවා. පාර්ලිමේන්තුවේ ඇතුළේ සටන වගේම එළියෙත් සටනක් තිබෙනවා. ආණ්ඩුවට පසුගිය 23වැනිදා කොළඹදී විශාල විරෝධතාවයක් සංවිධානය කළා. ඇතිවුණු නව තත්වය සම්බන්ධයෙන් රටපුරා පෝස්ටරයක් ගහලා ජනතාව දැනුවත් කළා. ඊට එරෙහිව 01වැනිදා සියලූ ප‍්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් නුගේගොඩදී රැුලියක් සංවිධානය කළා. ඉදිරියේදීත් ප‍්‍රගතිශීලී බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ප‍්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ, සියලූ දෙනා එක්කර ගනිමින් පාරේ සටන දියත් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ජනතාවගේ විශ්වාසය කඩලා නැහැ. ඉදිරියේදීත් ජනතාවගේ විශ්වාසය කඩන්නේ නැහැ. එනිසාම අපේ රටේ ජනතාවට විශ්වාස කරන්න තිබෙන එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. තව දුරටත් එජාපය හෝ ශී‍්‍රලනිපය විශ්වාස කළ යුතු නැහැ.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමර්ගවලට එරෙහිව එජාපයත්, ටීඑන්ඒ, මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂය, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂත් සමග කි‍්‍රයාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ විතරක් නොව මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගයට එරෙහි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්, සාමාජිකයින් ඉන්නවා. ඔවුන් සමගත් අපි ඉදිරි කි‍්‍රයාමර්ග පිළිබඳව සාකච්ඡුා කරන්න සූදානම්. ඒ වගේම අපි නැවත නැවතත් කියනවා, ජනතා විමුක්ති පෙරමුණ එජාපයට හේත්තු කරන්න දරන උත්සාහයන්වලින් අපේ කි‍්‍රයාමාර්ග නතර කරන්න බැහැ කියලා.
අපේ රටේ ජනතාව මෙම දේශපාලන බල සූදුව අනුමත කරන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහලාගේ බල සූදුවත් මහින්ද රාජපක්‍ෂලාගේ බල සූදුවත් මේ දෙපැත්තම ජනතාව පිළිගන්නේ නැහැ. එම කණ්ඩායම්වල උග‍්‍ර පාක්‍ෂිකභාවයෙන් සිටින සුලූ පිරිසක් පමණයි මෙම බල සූදුව අනුමත කරන්නේ. බහුතරයක් අපේ රටේ ජනතාව මේ කණ්ඩායම් දෙකම ප‍්‍රතික්‍ෂේප කරනවා.
මහින්ද රාජපක්‍ෂලාගේ කණ්ඩායම දැන් පාර්ලිමේන්තු කි‍්‍රයාමර්ග සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වලා ආණ්ඩුවේ වැඩ පටන් ගන්න බවත් කියනවා. නමුත් අපි කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමට ඕනෑ පරිදි පාර්ලිමේන්තුවේ කි‍්‍රයාමාර්ග හැසිරවීමේ හැකියාවක් නැහැ කියලයි. හැම දේටම කලින් අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා එදාට බලාගන්න පුළුවන්.

මනෝජ් රූපසිංහ

ස්තූතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *