ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් සිටිනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි 8 වැනිදා ජනතාව ලබාදුන් ජන වරම මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් බිඳ දමා ඇති බවත්  ජනතාව අපේක්ෂා කළ ආර්ථික දේශපාලනික බලාපොරොත්තු මුළුමනින්ම හෑල්ලුවට ලක්කර ඇති බවත්ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, රට තුළ නිර්මාණය වී ඇති බල සූදුවේ අළුත්ම තත්වය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධව දරන මතය කවරේද යන්න පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04)  පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා…

රනිල්-මෛතී‍්‍ර දෙදෙනාම ජනවාරි 08 ජනවරමට පයින් ගැසුවා. රට ආර්ථික, සමාජයීය, දේශපාලන වශයෙන් අරාජික කළා; රට අගාධයට හෙළුවා; යහ පාලනය බිඳවැට්ටුවා. හොරුන්ට, දූෂිතයින්ට දඬුවම් දුන්නේ නැහැ. රට අවුලෙන් අවුලට ගෙනාවා. එනිසා ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ආණ්ඩුවට එරෙහිව තිබුණු ජනතා විරෝධය සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි කි‍්‍රයාමාර්ග ගත්තා; විරෝධතා සංවිධානය කළා. ඒ අතරතුර මෛතී‍්‍රපාල සිරිසේන විසින් නීතිවිරෝධීව, ප‍්‍රජතන්ත‍්‍රවිරෝධීව, සදාචාරවිරෝධීව මහින්ද අගමැති බවට පත්කළේ. එම කි‍්‍රයාව ජවිපෙ හෙළාදකිනවා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන දේශමාමක ජනතාව එම කි‍්‍රයාව ප‍්‍රතික්‍ෂේප කරනවා. රටේ අනාගත පැවැත්මට ව්‍යවස්ථාව, දේශපාලන සදාචාරය ආරක්‍ෂා කළ යුතුයි. මහ ඉහළින් ආරක්‍ෂා කළයුතු යැයි ඔවුන්ම කියන රටේ මූලික නීතිය ඔවුන් විසින්ම උල්ලංඝනය කර තිබෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කලා. නීතිවිරෝධීව, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව, පත්කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාත් අනතුරුව පත්කළ ඇමතිවරුත්, ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් අපි පිළිගන්නේ නැහැ. ජනතාවත් ඔවුන් පිළිගන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති පත්කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් නොවිමසා සිදුකළ පත්කිරීම විසින් රට අවුලකට ඇද දාලා. ඒ විතරක් නෙවෙයි, ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන්න තිබෙන ජනතා නියෝජිතයින් නියෝජනය කරන පාර්ලිමේන්තුව විධායක බලතල පාවිච්චි කරලා වාර අවසන් කොට තිබෙනව. තනි පුද්ගලයෙකු තමන්ට හිතෙන හිතෙන වෙලාවට පාර්ලිමේන්තුව වාර අවසන් කරන්නේ කොහොමද? 1978දී මෙම වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කරන වෙලාවේ එන්.එම්.පෙරේරා ප‍්‍රශ්න කර සිටියා, පිස්සෙක් ජනාධිපති වුවහොත් ඇතිවන තත්වය මොකක්ද කියලා. අදත් ඒ ප‍්‍රශ්නයට උත්තරයක් නැහැ. පාර්ලිමේන්තුව වාර අවසාන කරන්නේ සාධාරණ හේතුවක් මත නොවෙයි. හැමදාමත් ජනාධිපතිවරයා තමන්ගේ බංකොළොත් බලය තහවුරු කරගැනීමට පාර්ලිමේන්තුව කල් දානවා. ඒ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න විසඳන්න නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, සදාචාරවිරෝධීව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ඇති අත්තනෝමතික බලය ඉවත් කිරීම වෙනුවෙන් ජවිපෙ හැමදාමත් පෙනී සිටියා. 20වැනි සංශෝධනයේදීත් ජනාධිපතිවරයාගේ එම අසීමිත බලය ඉවත් කිරීමට වගන්තියක් ඇතුළත් කළා. 20 සංශෝධනයේ 23වැනි වගන්තියෙන් එම යෝජනාව ඉදිරිපත් කළා. අද මුළු රටේම ජනතාව ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතලවල බරපතලකම අත්දකිමින් ඉන්නවා.

බල සූදුව ඇතුළේ අද මන්තී‍්‍රවරුන් කුණු මාළු ගානට විකිණෙනවා. කෝටි 40ට, 50ට මිල නියම වෙනවා. මන්තී‍්‍රවරු මිලටගැනීම වෙනුවෙන් සාකච්ඡුා කෙරුනු හඬ පට එළියට එනවා. ඇමතිවරුන්ට, මන්තී‍්‍රවරුන්ට මුදල්දීම, තනතුරු දීම අල්ලස් ලබාදීමක්. එය බරපතල වරදක්. නමුත් නීතිවිරෝධී කි‍්‍රයා එළිපිටම සිදුවෙනවා. එවැනි තත්වයකට අද දේශපාලනය පත්වෙලා. මන්තී‍්‍රවරු විකිණීම වැළැක්වීමට අපි විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. 19වැනි සංශෝධනය සම්මත වන වෙලාවේ පක්‍ෂ මාරුව නතර කරන්න වගන්ති ඇතුළත් කළ යුතු බව අපි යෝජනා කළා. නමුත් 19 සම්මත වන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වුණා. එදා අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස එය අනුමත කරමින් යෝජනාව ඉවත්කර ගත්තා. එහි ආදීනව අද ජනතාව අත්විඳිමින් සිටිනවා. එම නිසාම මන්ත‍්‍රීවරු පිල්මාරුව වැළැක්වීමට යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කොට තිබෙනවා. ජනතාවට තේරුම් ගන්න පුළුවන්, මන්තී‍්‍රවරුන් නින්දිත ලෙස විකිණීම නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණේ ඇයි කියලා.

මන්තී‍්‍රවරුන් තමන්ගේ පැත්තට පනින කොට හායි කියලා පිළිගන්න අයම තමන්ගේ පැත්තෙන් යනකොට විවේචනය කරනවා. රාජපක්‍ෂ කණ්ඩායම, ටීඑන්ඒ ෆෙඩරල් ඉල්ලන බවත් බෙදුම්වාදය ශක්තිමත් කරන බවත් පැවසුවා. අද මොකද වෙලා තියෙන්නේ. හමුදාව යොදා කුණු කාණු සුද්ද කළ යුතු බවත් සිංහල ජනතාව මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි වීමට දැඩිලෙස විරුද්ධ වූත් ටී.එන්.ඒ. මන්තී‍්‍රවරයා මහින්ද පිලට අරගෙන. මඩකලපුවේ සර්යා විශ්වවිද්‍යාලයක් හදනවා කියපු හිස්බුල්ලාත් අද තමන්ගේ ඔඩොක්කුවට ආවාට පස්සේ මහාලොකු දේශපේ‍්‍රමියෝ සද්දයක් නැහැ. ඒ තරමට මජර තත්වයට පත්වෙලා. දේශපාලන සංස්කෘතිය බිඳවැටිලා.

මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ගමන් සෙල්ලම් ආණ්ඩුවක් හදලා ඇමතිවරු පත්කරනවා. තමන්ගේ උවමනාවන් ඉටුකරගන්න තෙක් පාර්ලිමේන්තුව වහල දාලා. ඔවුන්ට  ඕනෑ විදිහට පාර්ලිමේන්තුව කැඳවන්න හදනවා. එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද? එය සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. සදාචාර විරෝධියි. යහපාලන ජනවරමට පටහැනියි. එම නිසා එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව අපි නැගී සිටිනවා. මෙම බල සූදුව කොහෙන් කෙළවර වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. තාවකාලිකව හෝ විසඳුමක් ලබාගැනීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. 05වැනදා කැඳවනවා කිව්වා, 07වැනිදා කැඳවනවා කිව්වා. දැන් කියනවා 16වැනිදා කැඳවනවා කියලා. නමුත් එය විශ්වාස කළ හැකි නොහැකියි. අපි බලකරනවා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. සෙල්ලම් ආණ්ඩු හදලා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන්න ඉඩ දියයුතු නැහැ. ඔවුන් ගේනවා කියන අතුරු සම්මත අයවැයත් නීත්‍යානුකුල නැහැ.

අද ඇතැම් පක්‍ෂ, මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ තම තමන්ගේ ගොඩට දාගන්න හදනවා. අපි පැහැදිළිව කියනවා, අපි එක පැත්තකටවත් සහාය දෙන්නේ නැහැ කියලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විශ්වාසභංගයට අපි පක්‍ෂව ඡුන්දය දුන්නා. එම නිසා රනිල් අගමැති කරන්න අපිට කිසිදු උවමනාවක් නැහැ. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ මහින්ද අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ. අපේ ස්ථාවරය පැහැදිළියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතු කියන සටනට අපි සහාය දෙනවා. එජාපයට හේත්තු කරලා ජවිපෙ නිශ්ශබ්ද කරන්න කාටවත් පුලූවන්කමක් නැහැ. රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සදාචාර විරෝධී, නීතිවිරෝධී කි‍්‍රයාමාර්ගයන් දෙස බලාගෙන ජවිපෙ නිහඬව ඉන්නේ නැහැ. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව එකතු කළ හැකි සියලූ ප‍්‍රගතිශීලී බලවේග අපි එකතු කරනවා. ප‍්‍රගතිශීලී පක්‍ෂ, බහුජන සංවිධාන, බුද්ධිමතුන් සියලූ දෙනා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරනවා. වෙනස්කම් තිබුණත් දේශපාලන මතය කුමක් වුණත් ජාති භේද, ආගම් භේද සියල්ල පසෙකලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් එක්සත්ව කි‍්‍රයාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා…

ඇතිවී තිබෙන මෙම අර්බුදයෙන් මැදිහත්ව සිතන ජනතාවට දේශපාලන දැනුම, අවබෝධය ලබාගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මිල සූත‍්‍රයක් හදලා, මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැම්මා. රුපියල බාල්දු වුණා. භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා. එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බලසූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල් මිල, බඩුමිල, බැංකු පොලී අනුපාත අඩුු කරන්න ගත්තා. මීට කලින් ආණ්ඩුවට අඩුකරන්න බැරි දේවල් එක පාරම අඩු කරන්නේ කොහොමද? මේ බලසූදුවට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව පැන නැගෙන ජනතා විරෝධය යටපත් කරන්න තමයි කැරට් අල දෙන්න පටන්ගත්තේ. මේවා හරියට ඡුන්ද කාලෙට ජනතාවට දෙන කැරට් අල වගේමයි. තමන්ගේ හොරා තමන්ට හොඳා කියන, තමන්ගේ පක්‍ෂයෙන් දෙන  ඕනෑම අසූචි ගොඩක් වළඳන ජනතාවට නෙවෙයි අපි මේ කියන්නේ. මධ්‍යස්ථව සිතන රටේ ජනතාවට හිතන්න  ඕනෑකරන වටපිටාවක් දැන් ගොඩනැගී තිබෙනවා. මේ සහන තාවකාලිකයි. මන්තී‍්‍රවරු සල්ලිවලට ගන්න කි‍්‍රයාමාර්ගවලට එරෙහිව නැගෙන විරෝධය යට ගහන්න දෙන ලොසිංජර පමණයි. අපි ජනමාධ්‍යවලට කියනවා, මේවා පළකළ යුත්තේ සහන කියලා නොව ජනතාව රවටන්න දෙන ලොසිංජර කියලයි.

මන්තීවරු විකිණීමේ සූදුව පිළිබඳව පුදුම වෙන්න දේකුත් නැහැ. මේ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවට ආවේ දොරවල් කඩාගෙන නෙවෙයි, ජනතාවගේ ඡන්දෙන්. ඡන්ද කාලෙට රැකියාවට, බඩු මල්ලට, සාරියට ජනතාව විකුණුනා. ඒ ඡන්දෙන් පත්වුණු මන්තී‍්‍රවරු ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න මන්තී‍්‍රකම්, ඇමතිකම විකුණනවා. සල්ලිවලට විකිණෙන පුද්ගලයින් ඇමතිතුමාලා, මන්තී‍්‍රතුමාලා වෙන්නේ නැහැ. අපි තවදුරටත් එවැනි පුද්ගලයින්ට ඇමතිතුමා, මන්තී‍්‍රතුමා, අගමැතතුමා කියන්න සූදානම් නැහැ. ජනතාවත් එයට සූදානම් නැහැ. අද මහින්දගේ පැත්තට විකිණෙන අය හෙට රනිල්ගේ පැත්තට විකිණෙන්න පුලූවන්. එවැනි පුද්ගලයින්ට මන්තී‍්‍රතුමා, ඇමතිතුමා කියන්න ජනතාවට පුළුවන්ද? මාධ්‍යවලට පුළුවන්ද? මීට පස්සේ ඒ වරද කරන්න එපා. අපි ජනතාවගෙන්, මාධ්‍යවලින් ඉල්ලනවා, නරඹන්නන් නොවී එවැනි පුද්ගලයින්ට පණිවිඩයක් දෙන්න සුදුසු කි‍්‍රයාමාර්ගයක් ගන්න කියලා.

ජවිපෙ 20වැනි සංශෝධනය ගේනවා කියනකොට, වගන්ති දැක්කෙත් නැතිව 20න් රට බෙදනවා, රට අරාජික වෙනවා, රට කොටියට දෙනවා කියලා කියපු හාමුදුරුවරු පිරිසක් හිටියා. ටී.එන්.ඒ. මන්තී‍්‍රවරයෙක් රාජපක්‍ෂලාගේ පැත්තට ආවා. 20ට විරුද්ධ වුණු හාමුදුරුවන් වහන්සේලාගෙන් අපි දැනගන්න කැමතියි ඒ ගැන මොකක්ද කියන්නේ? ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු මහින්දගේ පැත්තට ගත්තාම රට බෙදෙන්නේ නැද්ද? පැහැදිළි කිරීමක් හාමුදරුවන් වහන්සේලාට කරන්න පුළුවන්ද? මේ සිදුවීම්වලින් 20වැනි සංශෝධනය තව තවත් තහවුරු වෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව ඔප්පු කරනවා. 20හි වලංගුතාවය තමයි රනිල්-මෛතී‍්‍ර-මහින්ද දැන් ඔප්පු කරමින් තිබෙන්නේ. අපේ රටේ ජනතාවට මග පෙන්වන්න ප‍්‍රගතිශීලී සිවිල් සංවිධානවලට පුළුවන්. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ග ප‍්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේම අපේ රටේ මාධ්‍යවලට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. සමාජ මාධ්‍යවල, ප‍්‍රවෘත්ති වෙබ් අඩවිවල තමන්ගේ මතය ප‍්‍රකාශ කරලා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහි වෙන්න කියලා අපි ඔවුන්ට විවෘත ආරාධනයක් කරනවා. අපි සියලූ දෙනා එකතු වෙලා ජනතාවගේ ඡන්දයට අපහාස කරන ජනතා පරමාධිපත්‍ය හෑල්ලූ කරන මෙම දේශපාලන කුමන්ත‍්‍රණ පරාජය කරමු. එය අපේ වගකීමක්. අද මෛතී‍්‍ර-මහින්ද පෙන්වන මෙම ආදර්ශය ඉදිරියේදී තවත් කණ්ඩායමකට පූර්වාදර්ශයක් වෙන්න පුලූවන්. ඉදිරියේදී කවුරුන් හෝ මේ කි‍්‍රයාව කළොත් විරුද්ධ වෙන්න කාටවත් බැරිවෙයි. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණ එක එක ගොඩවල්වලට දාන්න හදන උත්සාහයන්වලට රැවටෙන්න එපා කියලා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්්…

දැන් සිදුවෙන සිදුවීම්වලින් ජනතාවට තේරෙනවා, හිතන්න අවස්ථාවක් ලැබී තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් 06දෙනාට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වා නම් හොඳයි කියලා. දැන් සිදුවෙන මජර දේශපාලනය වෙනස් කරන්න ජවිපෙට මන්තී‍්‍රවරුන් 25-30ක් හිටියා නම් ශක්තියක් ලැබෙනවා. මේ අවස්ථාව ජනතාවට ලොකු පාඩමක් කියා දෙනවා. එනිසා ජනතාව ඉදිරියේදී තමන්ගේ යුතුකම ඉටු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ජවිපෙ මන්තී‍්‍රවරුන් 06දෙනාගෙන් ගතහැකි උපරිම කි‍්‍රයාමාර්ග පාර්ලිමේන්තුවේදී ගන්නවා. පාර්ලිමේන්තුවේ ඇතුළේ සටන වගේම එළියෙත් සටනක් තිබෙනවා. ආණ්ඩුවට පසුගිය 23වැනිදා කොළඹදී විශාල විරෝධතාවයක් සංවිධානය කළා. ඇතිවුණු නව තත්වය සම්බන්ධයෙන් රටපුරා පෝස්ටරයක් ගහලා ජනතාව දැනුවත් කළා. ඊට එරෙහිව 01වැනිදා සියලූ ප‍්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් නුගේගොඩදී රැලියක් සංවිධානය කළා. ඉදිරියේදීත් ප‍්‍රගතිශීලී බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ප‍්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ, සියලූ දෙනා එක්කර ගනිමින් පාරේ සටන දියත් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ජනතාවගේ විශ්වාසය කඩලා නැහැ. ඉදිරියේදීත් ජනතාවගේ විශ්වාසය කඩන්නේ නැහැ. එනිසාම අපේ රටේ ජනතාවට විශ්වාස කරන්න තිබෙන එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. තව දුරටත් එජාපය හෝ ශී‍්‍රලනිපය විශ්වාස කළ යුතු නැහැ.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමර්ගවලට එරෙහිව එජාපයත්, ටීඑන්ඒ, මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂය, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂත් සමග කි‍්‍රයාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ විතරක් නොව මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගයට එරෙහි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්, සාමාජිකයින් ඉන්නවා. ඔවුන් සමගත් අපි ඉදිරි කි‍්‍රයාමර්ග පිළිබඳව සාකච්ඡුා කරන්න සූදානම්. ඒ වගේම අපි නැවත නැවතත් කියනවා, ජනතා විමුක්ති පෙරමුණ එජාපයට හේත්තු කරන්න දරන උත්සාහයන්වලින් අපේ කි‍්‍රයාමාර්ග නතර කරන්න බැහැ කියලා.

අපේ රටේ ජනතාව මෙම දේශපාලන බල සූදුව අනුමත කරන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහලාගේ බල සූදුවත් මහින්ද රාජපක්‍ෂලාගේ බල සූදුවත් මේ දෙපැත්තම ජනතාව පිළිගන්නේ නැහැ. එම කණ්ඩායම්වල උග‍්‍ර පාක්‍ෂිකභාවයෙන් සිටින සුලූ පිරිසක් පමණයි මෙම බල සූදුව අනුමත කරන්නේ. බහුතරයක් අපේ රටේ ජනතාව මේ කණ්ඩායම් දෙකම ප‍්‍රතික්‍ෂේප කරනවා.

මහින්ද රාජපක්‍ෂලාගේ කණ්ඩායම දැන් පාර්ලිමේන්තු කි‍්‍රයාමර්ග සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වලා ආණ්ඩුවේ වැඩ පටන් ගන්න බවත් කියනවා. නමුත් අපි කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමට  ඕනෑ පරිදි පාර්ලිමේන්තුවේ කි‍්‍රයාමාර්ග හැසිරවීමේ හැකියාවක් නැහැ කියලයි. හැම දේටම කලින් අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා එදාට බලාගන්න පුළුවන්.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *