රංගේ බණ්ඩාරට අල්ලස් දෙන්න එස්.බී. කතාකළ හඬපට එළියට

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර වෙත මුදල් ලබාදී එක්කර ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සිදුකරන යෝජනාව ඇතුළත් දුරකථන හඬපටය මේ වන විට දෙස් විදෙස් මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත.

අරලියගහ මන්දිරයේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි අතර එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට යන්නේ රුපියල් කෝටි 50 ක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම හරහා යන්න එහිදී පැහැදිළිව අනාවරණය විය.

ඒ බව තහවුරු කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර හඬපට ගණනාවක් ප්‍රචාරය කර පෙන්වනු ලැබීය.

පළමුව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කරන නලින් නැමැත්තෙකු දුරකතනයෙන් අමතා ඇති අතර පසුව යෝෂිත රාජපක්ෂගේ නියෝජිතයකු බව කියන දිනුෂ නැමැත්තෙකු අමාත්‍යවරයා වෙත ඇමතුම් ගණනාවක් ලබාදී තිබේ.

තවත් අවස්ථාවක යෝෂිත රාජපක්ෂගේ නියෝජිතයා වූ දිනුෂ නැමැත්තා රාජ්‍ය අමාත්‍යවරයා අමතා මහාචාර්ය රංජිත් බණ්ඩාර හරහා රුපියල් කෝටි 50 ක මුදල ලබාදිය හැකි බවට දන්වා ඇත.

එසේම එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාද මෙහිදී අමාත්‍යවරයාට ඇමතුම් ලබාදී කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කරයි.

මේ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නට උත්සාහ කරන්නේ මන්ත්‍රීවරුන් කෝටි ගණන් මුදල්දී බිලීබා ගැනීම හරහා බව තහවුරු වෙයි.

ඒ අනුව සිරිසේන – රාජපක්ෂ මරාලය පැහැදිළිය. නාමල් කුමාරගේ හඬපටය යොදාගෙන ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් දියත් කල රංගනය පිටුපස පැවතියේද ආණ්ඩු කුමන්ත්‍රණය මිස අනෙකක් නොවන බවද පැහැදිළිය. එහෙත් ඒ කිසිඳු හඬපටයක ජනාධිපති ඝාතන ප්‍රයත්නයක් ගැන තිබුණේ නැත. නාමල් කුමාර ඒ ගැන කීවේ ඒවා මකා දමා ඇති බවය.

දැන් සිරිසේන ජනාධිපතිගේද රෙද්ද ගැලවී හමාරය. ඒ සැබෑ හඬපට සාක්ෂි සහිතව මේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ කෙරුවාව අනාවරණය වී ඇති නිසාය.

අද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ඔප්පු කර සිටියේ එස්.බී. දිසානායක, යෝෂිත රාජපක්ෂගේ නියෝජිතයා පමණක් නොව මහාචාර්ය රංජිත් බණ්ඩාර පවා මේ අල්ලස් කුමන්ත්‍රණයේ පිටුපස සිට ඇති බවය.

එපමණක් නොව මේ වන විට රටේ ප්‍රධානියෙකු යටතේ ක්‍රියාත්මක පුද්ගලයන් කිහිපදෙනෙකුගේ හඬපට තමන් සතු බවත් ඉදිරියේදී ඒවාද ප්‍රසිද්ධ කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ සමඟ දැනට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකරමින් පිල් මාරු කළ සියලු දෙනා පිල් මාරු කර ඇත්තේ මුදල් සහ අමාත්‍යධුර අල්ලස් වශයෙන් ලබාගෙන බව තහවුරු වෙයි.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මේ අනාවරණය හේතුවෙන් තමන්ගේ ජීවිතය පවා අවධානමේ වැටී ඇති බවය.

කෙසේ වුවත් මේ වන විට පාර්ලිමේන්තුව කල්තබා බොරු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් මහ දවාලේ ලංකාවේ සිදුවුයේ ආණ්ඩු මංකොල්ලයක් බවද පිළිගන්නට සිදුවේ.

https://www.facebook.com/apiunp2018/videos/266411940744938/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *